ඉන්නෝ කිව්වහමත් ඔයාට එපා වුණා නේද.මොකද ඒකෙන් ඔයාගේ තියෙන ලස්සන විතරක් නෙමෙයි තව කෙනෙක්ට බලන්නවත් හිතෙන්නේ නැහැනේ.ඒ නිසා ඉන්නො කියන්නෙ ඔයාට හරිම කරදරකාරී දෙයක් කියලා මම දන්නවා.ඉතින් මේ ඉන්නෝ ඇති වෙන්නේ Human papilloma Virus (HPV) එක නිසා.ඔයා දන්නේ නැහැ නේද මේ ඉන්නෝ පහසුවෙන් තව කෙනෙක්ට බෝ වෙනවා කියලා.ඔන්න මේ ඉන්නෝ කරදරෙන් නිදහස් වෙන්න ගෙදරදීම කරන්න පුළුවන් Treatment ටිකක් මම ඔයාට කියල දෙන්නම්.
Home Made Treatment
01) සුදු ළූනු

සුදු ළූනු වල තියන Antiviral සංයෝග නිසා ඉන්නන් පුළුස්සා දැමීම වගේම, ඉන්නන් පතුරුවන virus විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
කොහොමද මේක කරන්නේ?
- තලාගත් සුදු ළූනු ඉන්නන් ඇති තැන්වල ගාල පැය 24 ක් තියන්න.
- ඊට පස්සේ සෝදන්න.ටික දවසක් යනකොට ඔයා දන්නෙත් නැතුව ඉන්නෝ ඉවත් වෙලා තියෙයි.
02) Apple cider

විනාකිරිවල තියෙන ලැක්ටික් අම්ලත්, ලෙමන්වල ඇති විටමින් C වගේම අන්නාසි යුෂ වල ඇති එන්සයිමත් ඉන්නන්ට එරෙහිව සාර්ථක ප්රතිඵල ලබා දෙනවා.
මේක කරන්නේ කොහොමද ?
- ඇපල් විනාකිරි ,අන්නාසි යුෂ සහ ලෙමන් යුෂ හොඳට mix කරන්න
- ඊට පස්සේ මිශ්‍රණය ගාලා පැය 06 ක් වගේ තියලා සෝදන්න.
03) බෙටඩීන් ( betadine )

අයඩීන් අඩංගු betadine වලට පුළුවන් ඉන්නෝ ඇති කරන වෛරසයට එරෙහිව සාර්ථකව සටන් කරන්න.හැබැයි මේක හැමෝටම use කරන්න බැහැ.
මොකද සමහර අයට betadine allergy වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා.ඒ නිසා betadine use කරන්න කලින් සැලකිලිමත් වෙනවා නම් ගොඩක් හොඳයි.
ආයුර්වේද treatment

තව දෙයක් ඔයාට කියන්නම්.මේක නම් ඔයාට ගෙදරදීම කරගන්න පුළුවන්.හැබැයි මේ මිශ්‍රණය skin එකේ තැවාරුනොත් තුවාල වෙන නිසා ආලේප කරනකොට ඒකට සුදුසු උපකරණයක් use කරන්න.
- හුණු ස්වල්පයක් සබන් එක්ක mix කරලා ඉන්නන් මත ආලේප කරන්න.
- බුරුල්ල ගහේ දළු අඹරලා ඒකෙ තියෙන යුෂ අරගෙන දින 03ක් විතර ඉන්නා මත ආලේප කරන්න.
- පතොක් කිරි දින කිහිපයක් ඉන්නන් මත ආලේප කලොත් ටික දිනකින් ඉන්නන් වේලිලා හැලෙනවා.
- විනාකිරි පුළුන් කැබැල්ලකට අරගෙන දිනපතා ඉන්නන් මත අලේප කිරීමෙන් දින කිහිපයකින් ඉන්නා ඉවත් වෙනවා.
- හෙන්දිරික්කා මල් අඹරාලා ඉන්නා මත තියලා ප්ලාස්ටර් කැබැල්ලකින් අලවන්න.දිනපතා නැවත අලුත් කරන්න.ඒ විදිහට දින තුනක් විතර නොකඩවා මේක කලොත් ඉන්නා හැලෙනවා.
වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මොනවද බලමු
01) ක්‍රායෝ චිකිත්සාව
02) කෙරටෝලයිසිස්
03) ඉලෙක්ට්‍රෝ කෝටරයිසේශන්
04) ලේසර් චිකිත්සාව
05) ප්‍රතිශක්ති චිකිත්සාව
06) ඖෂධ ආලේප
ඉතින් දැන් ඔයාගේ ලස්සන නැති කරපු ඉන්නෝ වදෙන් නිදහස්.මේ දේවල් හරියටම කලොත් නම් ඔයාට හිතා ගන්නවත් බැරි result එකක් ගන්න පුළුවන්.එකෙන් ඔයාගේ තියෙන ලස්සන තවත් වැඩි කරගන්න විතරක් නෙමෙයි අනිත් අයගේ attraction එක ඉක්මනින් දිනා ගන්න එකත් බැරි වෙන වැඩක් නෙමෙයි.බලන්නකෝ මේ treatment කරලා.



