නිරෝගී පැහැපත් සමකට ලොව ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය – “ග්ලුටතයෝන්”
ලංකාව වගේ රටක ජිවත් වෙන අපිට උපතින්ම ලැබිල තියෙන්නේ තලෙළු සමක්. සුදු වුනත්,තලෙළු වුනත්,පැහැය කුමක් වුනත් කුරුලෑ ලපකැළැල් , pigmentation කැළැල් නැති සමක් වුනොත් තමයි ඒ සම දීප්තිමත්ව නිරෝගී විදියට පෙනෙන්නේ. තලෙළු සමක් උරුම වුනාට අපිටත් පුළුවන් නේද ලප කැළැල් නිසා වුනු සමේ අදුරු බව නැති කරගෙන සම තවත් පැහැපත් කරගන්න? සම පැහැපත් කරගන්න, නිරෝගී කරගන්න මේ වන විට ලෝකය පුරාම ජනප්‍රියම මාතෘකාව වෙලා තියෙන ලොව ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය ග්ලුටතයෝන් ගැන අද මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න හිතුනා.
අපි හැමෝම එකම පාටකින් නෑ.එකිනෙකාගේ පාට අඩු වැඩි වෙලා තියෙන්නේ අපේ සමේ තියන මෙලනින් කියන වර්ණකය අඩු වැඩියෙන් අපේ සමේ පිහිටලා තියන නිසයි.

දිගු කාලයක් පුරාවට කරපු පරීක්ෂණ හා අත්හදා බැලීම් වලින් සමේ පැහැය වැඩි කරගැනීම වෙනුවෙන් විවිද සංයෝග සොයාගෙන තිබුනත් මේ කාලය තුල ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්වූ අලුත්ම සංයෝගය තමයි ග්ලුටතයෝන් කියන්නේ.
මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකරකයක් ලෙසට හදුන්වනවා. අපේ සිරුරට බාහිරින් ඇතුළු වෙන විෂ ද්‍රව්‍ය,අහිතකර ද්‍රව්‍ය වලට විරුද්ධව ක්‍රියා කරනවා..ඒ වගේම ග්ලුටතයෝන් මගින් අපේ සමේ තද පැහැයට හේතුවන මෙලනින් කියන වර්ණකය නිපදවීම, අපිට අහිතකර නොවන විදියට පාලනය කරනවා. ඒ නිසා පැහැපත් බවක් අපේ සමට ලැබෙනවා.මේ විදියට ග්ලුටතයෝන් මගින් පැහැපත් වීම අපේ සිරුරට අහිතකර වන්නේ නැති බව ර්යේෂණ වලිනුත් පෙන්වල දීල තියෙනවා.

සමේ වර්ණයට බලපාන මෙලනින් නිපදවනු ලබන්නේ මෙලනොජෙනේසිස් යන ක්‍රියාවලිය මගිනි.මේ ක්‍රියාවලියේදී සිදුවන ප්‍රතික්‍රියාවන් සදහා මුලික වන්නේ Tyrosinase එන්සයිමයයි.ග්ලුටතයෝන් වලට මෙම එන්සයිමයේ ක්‍රියාව පාලනය කරන්න හැකියාවක් තියෙනවා. මේ නිසා මෙලනින් නිපදවීම අඩු වෙනවා.මෙලනින් අඩු වීම සමේ පැහැය අඩු වෙලා පැහැපත් වෙන්න අපිට උදව් කරනවා.ඒ නිසා සම පැහැපත් කරන නිෂ්පාදන වලට මේ ග්ලුටතයෝන් යොදා ගන්න එක අද ජනප්‍රියයි.
සම පැහැපත් කරගන්න ග්ලුටතයෝන් බාහිරින් අපේ සිරුරට ලබාගන්න පුළුවන් ක්‍රම 3ක් තියනවා.
- ක්‍රීම් හෝ ෆේස් වොෂ් ලෙස භාහිර ආලේපන මගින්,
- කැප්සියුල් ,පෙති, සිරප් ලෙස සිරුර අභ්‍යන්තරයට
- එන්නත්කරණය මගින් ඍජුවම.
එන්නත්කරණයෙන් ග්ලුටතයෝන් සිරුරට ගැනීම
එන්නත්කරණය තුලින් සිරුරට ග්ලුටතයෝන් ගැනීම ගැන විවිද මත පවතිනවා.අධික මාත්‍රාවක් එකවර ගැනීම නිසා වගේම නිවැරදි තාක්ෂණික වගේම දැනුමෙන් යුතුව නිවැරදි අයුරින් නොගැනීම නිසා ඇතැම් හානිකර තත්වයන් ඇති වීමේ ඉඩක් පවතින බව හෙළිවී තිබෙනවා.ඒ අතර තයිරොයිඩ් ග්‍රන්ථි වල ගැටළු,අක්මාව,වකුගඩු වල ගැටළු තත්වයන් ඇතිවිය හැකි බව සදහන් වෙනවා.
කැප්සියුල් ,පෙති, සිරප් ලෙස සිරුර අභ්‍යන්තරයට
කාලයක් පුරාවට ඉතා දියුණු රටවල් පවා කරන ලද පරීක්ෂණ හා සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙන්නේත් දිනකට 500mg අවම මාත්‍රාවක් මේ ලෙස කැප්සියුල් /පෙති ලෙස සිරුරට ගැනීම අහිතකර නොවන අතර සති 4-8 කාලයකදී මෙය භාවිතයෙන් හොද ප්‍රතිපල ලබා ගන්නට හැකි බවයි.ඒවගේම එක්සත් ජනපදය,ජපානය ,පිලිපීනය වැනි දියුණු රටවල් වල වුවද මේ ගැන කිසිදු තහනමක් සිදු වී නොමැත.ඉන්දියාව,තායිලන්තය වැනි රටවල ග්ලුටතයෝන් අඩංගු ශරීර අභ්‍යන්තරයට ගන්නා මෙවැනි නිෂ්පාදන කිසිදු තහනමකින් තොරව OTC (Over The Counter )නිෂ්පාදන ලෙස මිලදී ගන්න පුළුවන්. අප රටේද වෛද්‍යවරුන් පවා ඇතැම් ප්‍රමිතිගත නිෂ්පාදන නිර්දේශ කරන අතර ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියත් ලැබී තිබෙනවා.
ක්‍රීම් හෝ ෆේස් වොෂ් ලෙස භාහිර ආලේපන මගින්
ග්ලුටතයෝන් අන්තර්ගත කර ක්‍රීම්, Facewash පවා නිෂ්පාදනය කර තියෙනවා.එම නිෂ්පාදනයන් වෙනුවෙනුත් ජාත්‍යන්තර ලෙසත් ලොකු ඉල්ලුමක් පවතිනවා.මේ ආකාරයත් හිතකර සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගෙන තිබෙනවා.
ඉතින් අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වුනේ ලස්සන සමක් ලබන්න ග්ලුටතයෝන් කියන සංයෝගය කොතරම් අපිට වැදගත් වනවාද කියලයි.ඒවගේම ප්‍රමිතිගත ග්ලුටතයෝන් නිෂ්පාදනයක් බාවිතා කිරීම අපේ ලස්සනට වගේම නිරෝගී කමටත් වැදගත් වෙනවා කියල සදහන් කරන්න පුළුවන්. ග්ලුටතයෝන් කියන්නේ පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ දෙයක් නෙමෙයි,අපිව නිරෝගී කරන ස්වභාවික දෙයක්.ඉතින් හොදින් හොයල බලල හොද ප්‍රමිතිගත ග්ලුටතයෝන් අඩංගු නිෂ්පාදන පාවිච්චි කරලා ඔයත් නිරෝගී විදියට ලස්සන වෙන්න.
Shop Now via 👉 https://helloladies.lk/brand/facia/
HOTLINE 👉 +94 704007771





