නියම lady කෙනෙක් වෙන්නනේ හැම කෙනෙක්ම try කරන්නේ. හැබැයි සමහර අයගේ තියෙන නරක පුරුදු, ගති ලක්ෂණ නිසා lady කෙනෙක් වෙන්න බැරි වෙනවා. මොකද තැන තැන කියවනවා නම්, අනිත් අයගේ වැරදි හොය හොය ඉන්නවා නම්,කාටවත් උදව් කරන්නේ නැත්නම් කිසිම කෙනෙක් කැමති වෙන්නෙත් නැහැ. lady කෙනෙක් වෙන්නත් බැහැ. ඉතින් අද hello ladies අපි කතා කරන්නේ කෙනෙක් හොඳ lady කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.
අනිත් අයට ඇහුම්කන් දෙනවා

කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න හැමෝටම බැහැ. මොකද කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ඉවසීමක් නැති කෙනෙක්ට කවදාවත් බැහැ කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න.
අනිත් එක හොඳ lady කෙනෙක්ට පුළුවන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම්, හිතේ දුකක් තියෙනවා නම් ඒ දේවල් නැතිවෙන විදිහට කතා කරන්න. ජීවිතේ ඉස්සරහට යන්න උපදෙස් ලබා දෙන්න.
ඒ වගේම ඒ අය නරක දේවල් කතා කරන්නේ නැහැ, නරක විදිහට කතා කරන්නෙත් නැහැ. නිතරම හොඳ දේවල් විතරක් කතා කරන්න හුරු වෙලා ඉන්නවා.
ලොකු පොඩි කාටත් ගරු කරනවා

ඇත්තටම දැන් ලෝකය ගත්තොත් ගොඩක් අය ගරු කරන්නේ සහ ගරු කරන්න දන්නේ සමාජයේ පිළිගැනීමක් තියෙන ලොකු අයට. පාරේ අතුගාන කෙනෙක්, එහෙම නැත්නම් වෙනත් පහළ මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැහැ. ඒක මදිකමක් විදිහට තමයි දකින්නේ.
ඒත් හොඳ lady කෙනෙක් එහෙම නැහැ. සමාජයේ ලොකු තැන ඉදලා පුංචිම තැන වෙනකන් ඉන්න හැම කෙනෙක්ටම ගරු කරනවා. ඒ විදිහට කරන එකෙන් තමන්ට වගේම ඒ ගරු කිරීම ලබන පුද්ගලයාගේ සිතටත් මහත් සතුටක් දැනෙනවා.
කැපවීමෙන් වැඩ

වැඩ කරන්න හැමෝටම පුළුවන් වුණාට කැපවීමෙන් වැඩ කරන්න හැමෝටම බැහැ. තමන්ගේ රැකියාව, පෞද්ගලික ජීවිතය වගේම වෙන කෙනෙක්ගේ වැඩක් වුණත් තමන්ගේ වගේ කරන්න lady කෙනෙක්ට පුළුවන්.
අපි කියන්නේ hard worker කියලා අන්න ඒ අයට. විශේෂයෙන් ඕනෙම දෙයක් කැපවීමෙන් තමන්ගේ මහන්සිය, නිදිමත ගැන නොබලා කරන්න පුළුවන් lady කෙනෙක්ට විතරක්.
මැලි නොවී කරන පරිත්‍යාග

ගොඩක් අය කෙනෙක්ට උදව් කරන්නේ ආයෙමත් උදව්වක්, එහෙම නැත්නම් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන්. හැබැයි lady කෙනෙක් එහම නැහැ. ඒ කරන උදව්වෙන් තමන්ට ලැබෙන හිතේ සතුට විතරයි එයාලට වැදගත් වෙන්නේ. මේක උදව් වලටම විතරක් නෙමෙයි. ඕනෙම දෙයක් එහෙම තමයි.
අපි කැමති දේවල් තියෙනවා. ඒ වගේම අකමැති දේවල් තියෙනවා. හැබැයි කෙනෙක්ට ඕනේ නම් දෙන්නේ තමන් අකමැති දේවල්. lady කෙනෙක් කවදාවත් එහම කරන්නේ නැහැ. තමන් කැමති, අකමැති ඔනෙම් දෙයක් තව කන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න සුදානම්
හොඳ ආත්ම විශ්වාසයකට හිමිකම් කීම

ආත්ම විශ්වාසය එහෙම නැත්නම් self-confidence කියන්න හැමෝටම තියෙන දෙයක්.ඒත් ඒක පෙන්නන්න හැමෝටම බැහැ. සමහර අය බයයි. ඒත් lady කෙනෙක් එහෙම නැහැ. හොඳ ආත්ම විශ්වාසයකින් ඕනෙම දෙයකට මුහුණ දෙනවා.
ඒ විදිහට ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්ට පුළුවන් හොඳ නායකයෙක් වෙන්න. ඒ වගේම තමන්ගේ ලොකුකම කියවන්නේ නැහැ. අනිත් අයව පහළට දාන්නෙත් නැහැ.
විශේෂම දේ කෙනෙක්ගේ ආත්ම විශ්වාසය ඇවිදින විදිහෙන්, කතා කරන විදිහෙන්, බලන විදිහෙන් සහ හැසිරෙන විදිහෙන් හිතාගන්න පුළුවන්.
ඉතින් මතක් කරලා බලන්න ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද කියලා. ඔයාටත් මේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා lady කෙනෙක්. මේ දේවල් ඔයා ළඟ නැත්නම් අනිවාර්යයෙන්ම මේ දේවල් TRY කරලා බලන්න. එහෙම try කරලා හොඳ lady කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.



