උදේට, හවසට Exercise කරනවද? ඔව් Exercise කරන එක හරිම හොඳ දෙයක්. මොකද exercise කරන එකෙන් ගොඩක් හොඳ benefits ගන්න පුළුවන්. හැබැයි අද මම කියන්නේ යන්නේ බර අඩු කරගන්න Exercise කරන අයට වැදගත් වෙන දෙයක්. ඒ තමයි exercise වලින් පස්සේ ගන්න ඕනේ කෑම බිම මොනවද කියලා. මොකද සමහර අය හැමදාම Exercise කලත් කිසිම Result එකක් ලැබිලා නැහැ. ඒකට Exercise වලින් පස්සේ අපි ගන්න කෑම බීමත් බලපානවා. ඒ නිසා hello ladies අපි කියන්න සුදානම් වෙන්නේ Exercise වලින් පස්සේ අපි ගන්න ඕනේ කෑම බීම මොනවද කියලා.
වතුර බොන්න

Exercise කරනකොට අනිවාර්යයෙන් හොඳට දාඩිය දාන්න කරන්න ඕනේ. නැත්නම් Exercise එකෙනුත් වැඩක් නැති වෙනවා. නිකන් මහන්සිය විතරයි. ඉතින් Exercise එකෙන් පස්සේ හොඳට දාඩිය දානවා කියන්නේ අපේ ශරීරයේ තියෙන ජලය අඩු වෙනවා කියන එක. ඒ නිසා Exercise කරලා කෑම ගන්න කලින් ජලය පානය කරන්න.
ඊටපස්සේ Fruits

Fruits නම් අපි කොහොමත් කන්න කැමතියිනේ. විශේෂයෙන්ම Exercise වලින් පස්සේ අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න ඕනේ ඉක්මණින් ජීර්ණය කරගන්න පුළුවන් කෑම වර්ග. ඒ වගේම නැවත ශක්තිය ලබාගන්න, යථා තත්වයට පත් කරගන්න පුළුවන් කෑම.ඒ නිසා Exercise වලින් පස්සේ පළතුරු කන්න පුළුවන් නම් හොඳයි.
සමහරුන්ට රස බතල

සමහරුන්ට රස බතල කිව්වේ හැමෝම බතල කන්න කැමති නැහැනේ. හැබැයි බතල වලට කැමති අයත් ඉන්නවා. බතල කියන්නේ පිෂ්ඨය අඩංගු ආහාර වර්ගයක්. ඉතින් සමහර අය හිතනවා බතල වලට මහත් වෙනවා කියලා. ඒ නිසා බතල කන්න කැමති නැහැ. හැබැයි Exercise කළාට පස්සේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබාගන්න බතල කියන්නේ පෝෂ්‍යදායි ආහාර වර්ගයක්. පිෂ්ඨය ගන්න පිටි, තෙල් සහිත කෑම ගන්නවට වඩා බතල ගන්න එක ගුණදායකයි සහ සෞඛ්‍ය සම්පන්නයි
යෝගට්

යෝගට් වලට කියන්නේ රසයි ගුණයි අසමසමයි කියලානේ. ඇත්තටම යෝගට් කියන්නේ ගොඩක් ගුණදායක කෑමක් තමයි. ප්‍රෝටීන්, කැල්සියම්, ප්‍රෝබයෝටික් සහ බී12 බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම කිසිම ආමරුවක් නැතිව ලේසියෙන්ම කෑමට වේලට එකතු කර ගන්නත් පුළුවන්නේ.
ඉතින් Exercise කරන ඔයා Exercise කළාට පස්සේ මේ කෑම ගැන සැළකිලිමත් වෙන්න. බඩගින්නේ තරමට ලොකු බත් පිගානක් බෙදාගෙන නම් කාලා හරියන්නේ නැහැ.එහෙම කෑවොත් වෙන්නේ කවදාවත් බඩ, බර අඩු කරගන්න බැරි වෙන එක. ඒ නිසා Exercise කළාට පස්සේ මම මේ කියපු විදිහට කාලා බිලා බලන්නකෝ.



