ඉස්සර වගේ නෙමෙයි අද කාලේ ladiesලා ගොඩක් busy.මොකද ගොඩක් අය job කරනවා, නැත්නම් දරුවන්ගේ වැඩ වලට හිර වෙලා.ඉතින් මේ වැඩ අස්සේ මුණ බලාගන්න කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩිය කියන්නෙත් ඔයා වයසට ගිහින් කියලා නම් ඒකට දුක් වෙවී ඉදල වැඩක් නැහැ.
ඔයා මුලින්ම හිතන්න ඕනේ ඇයි ඔයාට මෙහෙම වුණේ කියලා.එක ගැන හිතද්දී ඔයාට මතක වෙනවා වැඩත් එක්ක රූපේ ලස්සන ගැන හිතන්න time එකක් තිබ්බේ නෑ නේද කියලා.ඉතින් ඊට පස්සේ මුණ, body එක ලස්සන කරන්න එක එක විදියේ treatment කරන්න පටන් ගන්නවා.ඒ වගෙන් ඔයාට හොද result එකකුත් ලැබෙයි.ඒත් එතනදි ඔයාට එක දෙයක් අමතක වෙනවා.ලස්සන කියන්නේ skin එක විතරක්ම නෙමෙයි.Hair එකෙනුත් ඔයාගේ look එක ලස්සනට තියාගන්න ලොකු support එකක් හම්බෙනවා.
ඔයාට හැමදාම අමතක වෙන කොණ්ඩේ කොහොමද තරුණ විදියට තියාගන්නේ කියලා තමයි අද අපි කියන්න යන්නේ.
කොණ්ඩේ හරියටම පීරමු.

ගොඩක් අය කොණ්ඩේ පීරන්නේ මැදින් බෙදලා.ඒත් ඉතාමත් සුලු පිරිසකට ඒ විදිහ match වුණාට ගොඩක් දෙනෙක්ට ඒ style එක match වෙන්නේ නෑ.
ඉතින් ඒ වෙනුවට කොණ්ඩෙ පැත්තෙන් යන්තම් අපිළිවෙලට පීරුවොත් ඔයා ඊට වඩා ලස්සනට පෙනෙයි.ඒ වගේම තමා මේ tip එකෙන් කාලයක් යද්දී ඇති වෙන තට්ටය පෑදීමත් වළක්වගන්න පුළුවන්.
Long hair

අපේ ලංකාවේ නම් ගොඩක් අය දිග කොණ්ඩෙකට ගොඩක් ආසයි.අපේ girlsලට අම්මලගෙන් බේරිලා කොණ්ඩෙ කපනවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක්.ඒ වුණාට දිග කොණ්ඩයක් කියන්නේ වයස පාට පෙන්නන තවත් එක දෙයක්.ඔයාගේ ඉණ මට්ටමට වඩා කොණ්ඩෙ දිග නම් මේ තත්වය තවත් වැඩියි.
ඒත් ඔයා දිග කොණ්ඩෙකට ගොඩක් ආස නම් ඉස්සරහින් ටිකක් කොටට කපලා, පිටිපස්ස දිඟට තියන්න long layer කරන එක ගොඩක් හොඳයි.එතකොට ගොඩක් දෙනා කියයි හිටියට වඩා ඔයා තරුණ වෙලා කියලා.
හොදට බලාගන්න

ඔයාගේ කෙස් අග පැලෙනවනම් ඒ කොටස කපලා දාන්න අමතක කරන්න එපා.මොකද කෙස් අග පැලුනාම කැතයි.අමුතුම අපිරිසිදු පාටකුත් එතකොට පේන්න ගන්නවා.ඒ වගේම ඔයාගේ කොණ්ඩෙ dandruff තියෙනවා නම් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.Dandruff මුහුණට වැටුනාම මුහුණෙත් බිබිලි දානවා.ඒ නිසා dandruff අනිවාර්යයෙන්ම නැති කරගන්න ඕනේ.
ඉතින් dandruff නැති කරගන්න නම් ඔයාට තත්වයෙන් උසස් shampoo එකක් use කරන්න වෙනවා.උළුහාල් සහ කොහොඹ අන්තර්ගත වෙලා තියෙන shampoo එකක් use කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.මොකද ඒ සංයෝග ඔයාගේ හිස්කබලේ සම සහ හිසකෙස් ඉතා හොදින් පිරිසුදු කරලා, Dandruff මැඩපවත්වා තෙතමනය රදවනවා.මේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ඔයාගේ හිසකෙස් ගැලවී යාමද පාලනය කරනවා.
ඉතින් ඔයාට පුළුවන් අපේ hello ladies website එකෙන් 100%ක් ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු කරලා හදලා තියෙන anti dandruff shampoo එකක් ගෙදරටම order කරගන්න.
Soft hair එකක් නම්

මේ කියන්නේ ඔයාට අනාගතේදී වැදගත් වෙන දෙයක්.වයසට යද්දි ගොඩක් අයගේ hair එක soft වෙන්න ගන්නවා.ඔයාට තියෙන්නේ දිග කොණ්ඩයක් නම් කොණ්ඩෙ අඩු බව හුඟක් දුරට පේන්න ගන්නවා.කොණ්ඩෙ ටිකක් කොටට කැපුවොත් ඒ ගතිය මඟ ඇරිල යනවා.මං මේ කියන්නේ ඔයාගේ දිගට තියන කොණ්ඩෙ ගොඩක් කොටට කපන්න කියල නෙමෙයි.මොකද කොණ්ඩෙ කියන්නේ කෙල්ලෙක්ගේ ලස්සන රැදිල තියන ආභරණයක්.ඒ ලස්සන දිගු කල් ආරක්ෂා කර ගන්න විදි කිහිපයකුයි මම ඔයාට කිව්වා.
ඉතින් මෙච්චර කල් වැඩිය care කලේ නැති hair එකට අද ඉදලා ලොකු අවධානයක් දෙන්න පුරුදු වෙන්න.



