ඔයා ලස්සන වෙන්න මොනවද කරන්නේ.නොකරන දෙයක් නැද්ද.කරන්න තියෙන හැමදෙයක්ම කරලා සමහරවිට ඉන්නේ අමාරුවේ වැටිලා වෙන්නත් පුළුවන්.මොකද වෙන අයට හොඳ result දෙන treatment තව කෙනෙක්ට හොඳ නැති වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් සමහර අය මේ hair & beauty products වලට පුදුම විදියට බය වෙලා ඉන්නේ.Example එකක් විදියට කිවුවොත්, අපි දැකලා තියෙනවා සමහර අය මළාට shower gel ,body wash වගේ දේවල් use කරන්නේ නෑ.ඒ විතරක් නෙමෙයි කාටවත් use කරන්න දෙන්නේ නෑ ඒවා වලින් skin එක damage වෙනවා කියලා.හැබැයි ඊට වඩා ගොඩක් සැර සබන් වර්ග නම් කිසිම ප්‍රශ්නයක් නැතුව use කරනවා.ඇත්තටම මේ විදියේ වැරදි වැටහීම හැදිලා තියෙන්නේ සමහරුන්ගේ කටකතා වගේම සමහර අය දන්නේ නැතිව කියන කතා නිසා.ඒත් මේ වැරදි වැටහීම සමහර අයගේ හිත්වල තාමත් තියෙනවා.අන්න ඒ නිසා අපි අද හිතුවා ඔයාලා වැරදියට හිතාගෙන ඉන්න දේවල් වල ඇත්ත තත්වය කියලා දෙන්න.
Herbal නම් OK.

ගොඩක් අය skin care product එකක herbal කියලා තිබුණොත් දෙපාරක් හිතන්නේ නැතුව ඒ product එක ගන්නවා.ඇත්තටම skin care products ගන්නකොට organic, herbal products විතරක්ම ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.ඒත් artificial products වල වගේම herbal products වලත් ඔයාගේ skin එකට damage එකක් කරන්න පුළුවන් ingredients තියෙනවා කියලා තමයි skin experts ලා කියන්නේ.
ඒ වගේම තමයි ඔයාගේ යාළුවට match වෙන product එක ඔයාට match වෙන්නේ නැති වෙන්න පුළුවන්.මොකද එක්කෙනාගෙන් එක්කෙනාට skin type එක වෙනස් වෙන නිසා.ඉතින් ඒ නිසා අද ඉඳලවත් product එකක් ගත්තම herbal ද synthetic ද කියලා බලන්නේ නැතුව එකේ තියෙන ingredients ඔයාගේ skin එකට match වෙනවද කියලා බලන්න.
Hair dryer use කලොත් කොණ්ඩේ යනවා.

මේකේ නම් හැබැයි ඇත්තක් ඇත්තෙම නෑ කියලා කියන්නත් බෑ.මෙහෙමයි ඕනම දෙයක් හරියටම use කරන විදියක් තියෙනවනේ.ඔයා hair dryer එක හරි විදියට use කලේ නැත්නම් ඔයාගේ hair එකට ලොකු damage එකක් වෙන්න පුළුවන්.හැබැයි Blow dryer එකක් use කරද්දී හරි විදියට, නියමිත temperature එක තියාගෙන, නියමිත දුරින් තියාගෙන use කලොත් නම් hair dryer නිසා කොණ්ඩේ යනවා, කොණ්ඩේ damage වෙනවා කියන්නේ තනිකරම මිත්‍යාවක් විතරයි.
ඒ වගේම තමයි නෑව ගමන්ම dryer එක කොණ්ඩෙට අල්ලලා හරි යන්නේ නැහැ.මුලින්ම තෙත කොණ්ඩේ 70%ක් 80%ක් විතර natural විදියට වේලගන්න ඕනේ.ඊට පස්සේ ඉතුරු වෙන තෙත ගතිය නැති කරගන්න තමයි අපි hair dryer එකක් use කරන්න ඕනේ.
එතකොට Hair dryer එකේ උෂ්ණත්වය අඩුම කරලා තමයි තියාගන්න ඕනේ.ඒ වගේම තමා කොණ්ඩයට අගල් 6ක් වත් ඈතින් තමයි dryer එක අල්ලන්න ඕනේ.ඔන්න එතකොට නම් ඔයා hair dryer එකක් use කළා කියලා කොණ්ඩෙට අමුතුවෙන් කිසිම damage එකක් වෙන්නේ නෑ.
සතියට එක දවසක් shampoo ගාන්න.

මේක නම් පරණ පරම්පරාවේ සමහරු අතරේ තියෙන වැරදි මතයක්.එයාලා කියන්නේ ඔළුව wash කරන්න සබන් use කරන්න කියලා.ඒ අතරේදී සතියකට එක පාරක් වගේ shampoo use කළාම ඇති කියලා.මේක නම් තනිකරම වැරදි point එකක්.හැබයි Shampoo කියන්නේත් අපේ කොණ්ඩෙට අනවශ්‍ය විදිහට use කරන්න හොද දෙයක් නෙමෙයි.මොකද daily shampoo Use කළොත් ඔයාගේ scalp එකේ තියෙන natural oily ගතිය නැති වෙලා hair එක dry වෙන්න පුළුවන්.
හැබැයි ඉතින් ඒකට solution එක සබන් ගාලා ඔළුව හෝදන එක නම් නෙමෙයි.සතියකට දවස් 3ක් විතර වදමල්, මෙහෙන්දි, කෝමාරිකා සහ සැවැන්දරා වගේ natural ingredients use කරලා හදන herbal shampoo එකක් use කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
ඉතින් ඔයාට පුළුවන් මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන හොඳ shampoo එකක් අපේ hello ladies web site එකෙන්ම order කරගන්න.
Age එකට limit කරපු cosmetic

Cosmetics එහෙමත් නැත්නම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය select කරගන්න age එක බලපානවද? වයසට අනුවද තෝරාගන්න ඕනේ? අවුරුදු 20 girl කෙනෙක් use කරන cream එකක් අවුරුදු 40ක lady කෙනෙක්ට හරියන්නේ නැද්ද? Beauty expert’s ලා නම් කියන්නේ cosmetics තෝරගන්නකොට age එක නම් වැඩක් වෙන්නෙම නෑ කියලා.
ඇත්තටම Cosmetics තෝරගන්නකොට අපි බලන්න ඕනේ අපේ skin type එක.මොකද young age එකේ ඉන්න කෙනෙක්ගේ වුණත් skin එක වයසට ගිහින් වගේ පේන්න පුළුවන්.ඉතින් ඒ නිසා cosmetic තෝරගන්නකොට ඔයාගේ skin එකේ තත්වය, ගැන හිතලා තමයි තෝරගන්න ඕනේ.ඒත් ඔයාට තනියම ඒක කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් skin expert කෙනෙක්ගේ help එකක් වුණත් ගන්න පුළුවන්.
කාලයක් යද්දී Cream එක Change කරන්න.

හිතන්නකෝ ඔයා night cream එකක් use කරන්න පටන් ගන්නවා.මාස දෙක තුනක් විතර ඔයා ඒක use කරද්දී cream එක ඔයාගේ skin එකට හුරු වෙනවා.එතකොට ඒ night cream එකෙන් ඔයාගේ skin එකට කිසිම result එකක් නැතුව යනවා.අන්න ඒ නිසා කාලෙන් කාලෙට ඔයා use කරන cream, cosmetics change කරන්න ඕනේ.
ඇත්තටම මේක නම් තනිකරම වැරදි මතයක්.ඔයා cream එකක් හරි cosmetic එකක් හරි තෝර ගන්නකොට මුලින්ම බලන්න ඕනේ දෙයක් තමයි එකේ ingredients ඔයාගේ skin එකට කොයිතරම් දුරට match වෙනවද කියන එක.එතනින් එහාට නම් ඔයාගේ skin එක ඕවට හුරු වෙනවා කියන එක බොරු කතාවක්.
ඔයත් සමහර විට මේ දේවල් ඇත්ත කියලා වැරදියට තේරුම් අරගෙන ඉන්න ඇති.දැන්වත් ඒ වැරදි වැටහීමෙන් අයින් වෙලා හැමදේකම ඇත්ත තේරුම් ගන්න try කරන්න.ඔයාට මොනවා හරි දෙයක් ගැන doubt එකක් තියෙනවා නම් කවදාවත් නොදන්න අයගෙන් අහලා වැරදි දේවල් කරන්න නම් යන්න එපා.Expert කෙනෙක්ගෙන්ම අහලා හරියටම හරියන solution එක හොයාගන්න.



