Like
Like Love Haha Wow Sad Angry
31

වැඩක් කරන්න ගියාම හිත world tour යනවා නම් ඒකෙන් වෙන්නේ වැඩ කල් ගිහින් අපි අමාරුවේ වැටෙන එක.අඩුම තරමේ හොඳ නින්දක් දාන්නවත් බෑ හිත එක තැනක නැත්නම්. අපි වැඩක් කරන්න කියලා පටන් ගන්නවා.ඊට පස්සේ ඒකේ පොඩි වචනයක් ගැන වැඩිපුර හොයන්න ඕනේ වෙලා phone එක අතට ගන්නවා.අපි හිතමු wikipedia එකේ article එකක් කියවන්න පටන් ගත්තා කියලා. ඔන්න විනාඩි දහයකින් විතර බලද්දි අපි වෙනම website එකකට ගිහින්. මෙහෙම ගියාම අන්තිමට කරන්න ගිය වැඩේ අපිට මතකත් නෑ, වෙලාවත් ගිහින් ඉවරයි.

ඉතින් අද කියන්නේ යන්නේ කොහොමද හිත එක්තැන් කරගෙන ඔයාගේ වැඩ ටික කරගන්නේ කියලා.

1.වැඩ බදාගන්න එපා

වැඩ ටික හිර වුණාම ඒකත් කරන්න ඕන, මේකත් කරන්න ඕන කියලා හිතට හැම තිස්සෙම වද දෙනවා. ඉතින් එක වැඩක් කරන්න ගියාම අනිත් එකේ අමාරු තැන් ගැන හිතට එනවා. ඒකෙන් වෙන්නේ කරන වැඩේත් හරියට කරගන්න බැරුව මුළු දවසෙම කල්පනා කර කර ඉන්න එක විතරයි. හැබැයි ඒ වෙනුවට අපිට කරන්න තියෙන වැඩ ටික deadline එක අනුව හෝ ලේසි ඒවා මුලට සහ අමාරු ඒවා අවසානයට එන විධියට පොඩි list එකක් හදාගෙන, එකින් එක ඉවර කරලා ඒවා කපලා දාන්න පුරුදු වුණොත් time එකත් manage කරගෙන වැඩ ටිකත් ටිකින් ටික ඉවර කරගන්න පුළුවන් වෙනවා.

2. Phone එක පැත්තකින් තියමුද?

අද කාලේ හිත දුවන main point එක තමයි phone එක කියන්නේ.වැඩක් කරනකොට Phone එකට notification එකක් ආපු ගමන් අපි අතට ගන්නවා. ඊට පස්සේ ඉතින් notification එක ආවේ කාගෙන්ද මොකටද වගේ දේවල් හොයලා facebook, instergram, whatsapp, Calls කියන එකී මෙකී නොකී හැම එකකටම ගිහින් ඇති වුණාම තමයි කලින් කර කර හිටිය වැඩේ මතක් වෙන්නේ.ඉතින් එතකොට ලොකු time එකක් නිකන් බොරුවට නාස්ති වෙලා ඉවරයි. ඒ නිසා full focus එක දීලා වැඩක් කරන ඕන වුණ ගමන් මුලින්ම phone එකේ ඩේටා off කරන්න, නැත්නම් Airplane mode හෝ සම්පූර්ණයෙන්ම phone එක off කරලා දාලා වැඩේට හිත යොදන්න.

මුලදි නම් මේක ටිකක් අමාරු වෙයි. ඒත් ටික ටික පුරුදු වෙද්දී ඔයාට වැඩේ ලේසි වෙයි.

3. Old memories ගැන ඉන්න එපා

අපි කරන ලොකුම වැරැද්දක් තමයි පරණ දේවල් ගැන හිත හිත ඉන්න එක. ඒකෙන් වැඩේත් එතනමයි, අපේ life එතනමයි. අතීතය කියන්නේ ගෙවිලා ඉවර වුණු දෙයක්. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඒත් මේ මොහොත තියෙන්නේ අපේ අතේ. ඉතින් මේ මොහොතෙත් අපි කරන්නේ කල්පනා කර කර ඉන්න එක නම් අනාගතයේ එන්නට තියෙන මොහොතත් විනාශ වෙලා යනවා. මේ ගැන හැම තිස්සෙම හිතන්න. මම මේ ගත වෙන තත්පරයේ උපරිම ප්‍රයෝජනය අරගෙන ඒක අතීතයට එකතු කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න. එතකොට ඔයාට දුර ගමනක් යන්න පුළුවන්.

4.වැඩේ මතක් වෙන්න ක්රමයක් තියාගන්න

හිත නිතර විසිරෙද්දී අපි කර කර හිටියේ මොකක්ද, ඒක අදම ඉවර කරන්න ඕන කියන එක අමතක වෙනවා. ඉතින් ඒක මතක් වෙන්න නම් අපි මොනවම හරි දෙයක් කරන්න ඕනේ. එතකොට මොන හරි දෙයක් කල්පනා කර කර ඉඳිද්දි වුණත් ඒක දැක්ක ගමන් ආයෙ හිත එක තැනකට එකතු කරගන්න හැකියාව ලැබෙනවා.

හැබැයි ඉතින් මේකට නම් ඔයාට match වෙන ක්‍රමය හොයාගන්න වෙන්නේ ඔයාටම තමයි.

ඔයා Computer එකකින් වැඩ කරන කෙනෙක් නම් computer screen එකේ පැත්තක දැනට කරන වැඩේ නම, deadline එක ලියපු කොළයක් අලව ගන්න පුළුවන්.පාඩම් කරන කෙනෙක්ට නම් තමන්ගේ dream එක කෙටියෙන් ලියලා බිත්තියේ ගහගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද තමන්ගේ target එක දකින්න දකින්න තමයි ඒකට යන්න උනන්දුව ඇති වෙන්නේ.

5. හෙට දවස plan කරන්න

දවස ඉවර වුණාට පස්සේ කරපු වැඩ ටික ගැන හිතන්නම වෙනවා. කලින් අතීතය ගැන හිතන්න එපා කිව්වේ වැඩ කරන අතරතුරේදීයි. දවස අවසානයේදී නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩ ගැන, වැඩේ කරන්න ගිය time එක ගැන බලලා හෙට දවස කොහොම වෙන්න ඕනද කියන එක හරියට plan කරගන්න එක අනිවාර්යයෙන් කරන්නම වෙනවා. මේක කොළයක ලියලා තියන තරමට හොඳයි. නැත්නම් නින්දෙදි පේන හීන වගේ ඕකත් උදේට අමතක වෙලා යනවා.

ඉතින් පහුවෙනිදා ඒක බලලා, යන්න ඕන target එක ගැන හිතලා, හොඳ හුස්මක් අරගෙන වැඩට බහින්න. ඔයාට හොද focus එකක් එක්ක දවස අනිවාර්යයෙන්ම ගොඩදාන්න පුළුවන් වෙනවා.

ඔන්න ඉතින් අදින් පස්සේ නම් හිත world tour එකක් යන්න හද්දීම ඔයා මේ tips ටික use කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

Like
Like Love Haha Wow Sad Angry
31

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here