Like
Like Love Haha Wow Sad Angry

ඇඳුම් කියන්නේ අපිට නැතුව බැරි දෙයක් නේ.ඉතින් ලස්සනට, smart එකට ඉන්න කැමති අපි ඇඳුම් වලට අපේ life එකේ ලොකු ඉඩක් වෙන් කරනවා.ඒ නිසාම හොදට හෝදලා, වේලලා, මදින්නත් අපි අමතක කරන්නේ නෑ. නමුත් මේ ඇඳුම් හෝදනකොට, වේලනකොට වගේම iron කරනකොටත් අපි අතින් වෙන පොඩි පොඩි වැරදි නිසා අපි ආසාවෙන් ගත්ත ඇඳුම් නාස්ති වෙලා යන වෙලාවල් ඕන තරම් තියෙනවා.

මොකද ඇඳුම් අතේ හේදුවත් washing machine එකේ හේදුවත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් රෙදි high speed එකෙන් ගොඩක් වෙලා washing machine එකේ හේදුවොත් damage වෙන්න පුලුවන් .දැන් ඔයා හිතනවා ඇති කොහොමද එහෙනම් රෙදි හෝදන්න ඕනේ කියලා.ඔයා මිලදී ගන්න ඇඳුමේම ඒ විස්තරත් සදහන් කරල තියන බව දන්නවාද?

ඉතින් කොහොමද ඒ විස්තර වලට අනුව ඇඳුම් වර්ග හරියටම clean කර ගන්නෙ කියල අපි අද ඔයාට කියල දෙනව.

ඔයා කවදා හරි ඇඳුම අරගෙන label එක කියවලා තියෙනවාද? Label එකේ තියන දේවල් හරියට කියවාගත්තොත් නම් ඔයා smart. මොකද ඒකේ තියනවා brand එක, රෙදි වර්ගය, නිශ්පාදිත රට, නිශ්පාදිතයා, size එක, care instructions නැත්නම් ඇඳුම රැක බලා ගැනීමට අවශ්‍ය උපදෙස් වගේ දේවල්. ඇඳුම රැක බලා ගැනීමට වැදගත් වන care instructions විස්තර කරන එක දිග කතාවක් වුණත් අපිට match වෙන විදියට simple විදියට කොටස් කලොත් මෙහෙමයි.

1. Wash කරන හැටි

2. Bleach කරන හැටි

3.වේලන හැටි

4. Iron කරන හැටි

1. Wash කරන හැටි

1) Washing Machine එකේ හෝදන්න.

2) අතේ හෝදන්න.

3) හෝදන්න එපා

4) Dry clean විතරයි.

5) Dry clean කරන්න එපා.

කියන washing types තියෙන්න පුලුවන්. මේ Washing types හරියට අනුගමනය කලොත් ඔයාගේ ඇඳුම හරියටම ලෙස පිරිසිදු කරගන්න පුලුවන්.

මෙතන වතුර බාල්දියෙන් සේදීම සංකේතවත් වෙනවා. ඇතුලේ ඇති තිත් වලින් උෂ්ණත්වය පෙන්වනවා

1) සීතල වතුරෙන් සේදීම (උෂ්ණත්වය 65f – 85f අතර වතුරෙන් සේදීම)

2) මද උනුසුම් වතුරෙන් සේදීම (උපරිම උෂ්ණත්වය 105 f වන වතුරෙන් සේදීම)

3) උනුසුම් වතුරෙන් සේදීම (උපරිම උෂ්ණත්වය 120 f වන වතුරින් සේදීම)

සාරි, ශල්වාර්, party frocks, coat වගේ ඇඳුම් ගොඩක් වෙලාවට dry clean කරනවා. ඒ ගැන label එකේ සදහන් කරලත් තියනවා.

2. Bleach කරන හැටි

ඔයාට Dress එක bleach කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඇඳුමේ තියෙන label එක බලන්නම වෙනවා.Chemicals වලින් සුදු කිරීම, පැල්ලම් ඉවත් කිරීම හෝ ඇඳුමේ පැහැය ලා පැහැ ගැන්වීමේ ක්‍රියාවලියේ දී රෙද්දට වෙන damage එක වැඩි නිසා ඔයාගේ ඇඳුම නැවත සැකසිය නොහැකි විදිහට වෙනස් වෙනවා.ඒ නිසා bleach කරනකොට පරිස්සමින්.

1. Bleach කරන්න පුළුවන්.

2. Bleach කරන්න එපා

3. Chlorine නැති bleaching එකක් use කරන්න. 

3. වේලන හැටි

සේදීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් තමයි වේලීම.

1. Tumble dry කිරිමට හැකි ය

2. Tumble dry කිරීමට නොහැකිය

4.පැතලිව තබා වියලන්න

5.අඹරන්න එපා

4. Iron කරන හැටි

සමහර රෙදි වර්ග වල ලස්සන වැඩි කරන්න වගේම තියෙන ලස්සන නැති කරලා දාන්නත් iron කරන එකෙන් පුළුවන්.

1.අඩු උෂ්ණත්වය යටතේ iron කරන්න.

2.මධ්‍යම උෂ්ණත්වය යටතේ iron කරන්න.

3.වැඩි උෂ්ණත්වය යටතේ iron කරන්න.

4. Iron කරන්න එපා.

5. Iron කරද්දී වාෂ්ප එකතු කරන්න එපා.

අද ඉදන් ඇඳුමක් ගත්ත ගමන් හෝදන්නේ නැතුව dress එකේ print කරලා තියෙන label එක හොදට කියවලා wash කරන්න. ඒ වගේම තමා iron කරනකොට ,වේලනකොටත් අද කියපු steps ටික හරියටම follow කරන්න පුළුවන් නම් ආසාවෙන් සල්ලි දීලා ගන්න ඇඳුම ගත්තා වගේම ලස්සනට ගොඩක් කල් අදින්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here