Like
Like Love Haha Wow Sad Angry
1

දවසකට අපේ කොන්ඩෙන් කෙස් ගස් කීයක් විතර යනවා කියලද හිතෙන්නේ? නිකන් අපි හිතලා බැලුවොත් අපි කියන්නේ Cancer එකක් වගේනේ මගේ කොන්ඩේ යන්නේ කියලා.එහෙම වුණාට ඇත්තටම අපේ කොන්ඩෙන් දවසකට කොන්ඩේ යන්නේ කොන්ඩ ගස් 50 – 100ක් අතර ප්රමාණයක් තමයි. ඒ කොහොම වුණත් අපි හිතන්නේ තව දවස් දෙක තුන යනකොට අපේ සම්පුර්ණ කොන්ඩේම හැලිලා යයි කියලා.නැහැ නැහැ එහෙම වෙන්නේ නැහැ.ඉතින් අද කියලා දෙන්න යන්නේ කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන් magic එකක් ගැන.ඔයාට ඕනේ shine, soft කෙස් කළඹක් නම් කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි.Week එකකට දවස් 3ක් හිසකෙස් වලට සහ scalp එකට oil massage එකක් දෙන්න.එතකොට ඔයාට පුළුවන් ඔයා සිහින මවන dream hair එක ඔයාගේ කරගන්න.

දැන් අපි බලමු ඔයාගේ hair එකට match වෙන bestම hair oil එක මොකක්ද කියලා.

පිරිසිදු පොල් තෙල්

පිරිසිදු පොල් තෙල් එහෙමත් නැත්නම් virgin coconut oil වල omega -3, සංතෘප්ත මේදය සහ Vitamin E තියෙනවා.ඉතින් week එකට දවස් 3ක් ඔයාගේ හිසකෙස් වලට වගේම scalp එකට Virgin Coconut Oil Massage එකක් දෙන්න පුළුවන් නම් ලස්සන කොණ්ඩයක් ඉක්මණටම ලබාගන්න පුළුවන්.

පිරිසිදු පොල්තෙල් වලින්

  • කොණ්ඩෙට Shine එකක් ලබා දෙනවා
  • කොණ්ඩය හොඳින් වැවෙනවා
  • හිසකෙස් මුල පෝෂණය කරනවා
  • කොණ්ඩය වැටීම Control කරනවා
  • Scalp එක Dry වීම වැළැක්වීමට Support කරනවා.

නාන්න විනාඩි 30කට කලින් හිසකෙස් වල සහ scalp එකේ පොල්තෙල් apply කරලා විනාඩි 10ක් විතර හොදට massage කරන්න.ඊට පස්සේ soft shampoo එකකින් සාමාන්ය විදියට wash කරන්න.මාසයක් එක දිගට මේ treatment එක කළොත් ඔයාගේ hair problems වලට හොදම answer එකක් ලැබෙනවා නොඅනුමානයි.

Almond oil

කොණ්ඩය ගැන කතා කරනකොට අමතකම කරන්න බැරි දෙයක් තමයි Almond oil කියන්නේ.මොකද Almond oil වල Vitamin A, B, E, මේද අම්ල, ප්රෝටීන, ප්රතිඔක්සිකාරක සහ මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ගොඩක් අඩංගු වෙනවා.ඉතින් almond oil treatment එක ඔයාට සතියකට 3 පාරක් කරන්න පුළුවන් වුණොත් නම් ලස්සනම ලස්සන කෙස් කළඹක් ඉක්මණින්ම ලබාගන්න පුළුවන්.

Almond oil වලින්

  • Scalp එකේ තෙතමනය ආරක්ෂා කරනවා.
  • දුර්වල කෙස් ශක්තිමත් කරනවා.
  • හිසකෙස් කැඩී යාම control කරනවා.
  • හිසකෙස් වැවීම වේගවත් කරනවා.

රෑට හිසකෙස් සහ scalp එකේ Almond oil apply කරන්න.ඊට පස්සේ උදේ soft shampoo එකකින් wash කරන්න.හැබැයි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි නාලා ඉවර වෙලා කොණ්ඩය ස්වාභවිකවම වාතයේ තමයි වේලෙන්න දෙන්න ඕනේ .

Olive oil

Olive oil වල මේද අම්ල ,ප්රතිඔක්සිකාරක, vitamin E, K සහ omega – 3 සහ මේද අම්ල අඩංගු වෙනවා.ඒ වගේම තම olive oil වල අධික Moisturizing ගුණයක් තියෙනවා.

Olive oil වලින්

  • කොණ්ඩය කැපීම නිසා වෙන damage වලින් ආරක්ෂා කරනවා.
  • Scalp එකේ තෙතමනය ආරක්ෂා කරනවා.
  • හිසකෙස් වලට soft, shine look එකක් දෙනවා.
  • Scalp එකේ pH අගය balance කරනවා.

Olive oil නම් හැමදාම වුණත් ඔයාට use කරන්න පුළුවන්.
Scalp එකේ සහ හිසකෙස් වල olive oil apply කරලා විනාඩි 20කින් විතර soft shampoo එකකින් wash කරන්න.

Argon oil

Argon oil නම් ටිකක් මිලෙන් නම් වැඩි.Vitamin E , linoleic and oleic acid වලින් පරිපුර්ණ වෙලා තියෙන argon oil හිසකෙස් සම්බන්ධ ඕනෙම ප්රශ්නෙකට හොදම විසදුමක්.

Argon oil වලින් ,

  • හිසකෙස් කැඩී යාමෙන් ආරක්ෂා කරනවා
  • හිසකෙස් soft කරනවා .
  • Conditioner එකක් විදියට ක්රියාකරයි.
    Argon oil නම් හැමදාම නෑවට පස්සේ apply කරන්න පුළුවන්.

ඒ වගේම ඔයාට පුළුවන් දිනපතාම herbal hair oil එකක් use කරන්න.ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, නෙල්ලි, Tea tree oil, අලිගැටපේර ඔයිල්, පිරිසිදු පොල් තෙල් සහ වෝල්නට් අඩංගු herbal hair oil එකක් use කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
එමඟින්

  • හිසකෙස් ශක්තිමත් කරයි
  • හිස්හොරි නැති කරයි
  • හිසකෙස් අකලට පැසීම නැති කරයි
  • හිසකෙස් වර්ධන වේගය වැඩි කරයි
  • දිගුවන් පිරිපුන් කෙස් කලබක් ලබා දේ

ඔයාට පුළුවන් මම කියපු විදිහේ result ගන්න හොඳ Hair oil එකක් අපේ Hello ladies web site එකෙන් order කරගන්න.
https://helloladies.lk/product/herbal-hair-oil/

ඔයාගේ වියළි හිස්කබල සහ හිසකෙස් මත herbal hair oil හොදින් ආලේප කරන්න.ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් විනාඩි 10ක් විතර හොදට Massage කරන්න.දිනපතා භාවිතයෙන් ශක්තිමත්, දිගුවන් කෙස් කළඹක් ලබාගන්න පුළුවන්.
ඔන්න ඉතින් අදින් පස්සේ නම් ඔයාට කිසිම hair problem එකක් තියෙන්න විදිහක් නම් නෑ.මේ කිව්ව oil use කරලා බලන්නකෝ කොහොමද කියලා.අනිත් කාරණාව තමයි මේ oil වල magic කතාව ඔයාගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here