Like
Like Love Haha Wow Sad Angry
31

ඔයා දවසට කීපාරක් විතර හිනා වෙනවද? මම නම් කිසිම දවසක ගණන් කරලා නැහැ.මම හිතන්නේ ඔයා වුණත් එහෙම තමයි.මොකද අපි හිනා වෙන්න ගත්තම ගණන් කරන්නේ නැහැනේ නේද? ඒත් normally කාන්තාවක් දවසට 62 වතාවක් හිනා වෙනවා.ඒ වගේම පිරිමි පුද්ගලයෙක් හිනා වෙන්නේ දවසට 8 වතාවක් විතරයි.එකනේ සමහර වෙලාවට අපි ඕනවට වඩා හිනා වෙනකොට Boss ඇවිත් ඔරවන්නේ, බනින්නේ.යාළුවො set වුණාම, family එකේ අය set වුණාම, එහෙමත් නැත්නම් තනියම joke film එකක් බලනකොට අපි ඕන තරම් හිනා වෙනවා.ඒක හිතලා කරන දෙයක් නෙමෙයිනේ.Situation එකේ හැටියට auto වෙන දෙයක්.ඒ කොහොම වුණත් හිනාවෙන එක ගොඩක් හොඳයි.ඒකෙන් එක දෙයක් නෙමෙයි Benefits ගොඩක් ලැබෙනවා.ඒ මොනවද කියලා මම අද ඔයාට කියන්නම්

වැඩිපුර තියෙන calories burn කරනවා.

ඔයා කෑව burger එකේ calories විනාඩි 15ක් හිනා වුණොත් burn කරගන්න පුළුවන්.ඒක විශ්වාස කරන්න අමාරු කතාවක් වුණත් ඒක තමයි ඇත්ත.මොකද හිනාවෙන එකෙන් විවිධ අවයව සක්‍රීය කිරීම සිදු කරනවා.ඒ අවයව වලින් එකක් තමයි මාංශ පේශි ලිහිල් කිරීම.ඔයා හිනාවෙනකොට උදරයේ මාංශ පේශි ප්‍රසාරණය වීමට සහ හැකිළීමට පටන් ගන්නවා.ඉතින් හිනා වෙන එක exercise කරනවට සමානයි.

Stress එක නැති කරන magic එකක්.

හයියෙන් හිනාවෙන එක ඔයාගේ stress එක ඉක්මණින් වගේම සම්පුර්ණයෙන්ම නැති කරලා දානවා.මෙතනදී වෙන්නේ ඔයාගේ heart beat speed එක වැඩි වෙලා අඩුවෙන එක.මෙමගින් ඔයාට සැහැල්ලුවක් දැනෙනවා වගේම stress එක නිකන්ම අඩු වෙලා යනවා.

Blood pressure අඩු කරනවා.

හොඳ සිනහවක් තියෙන එක රුධිර නාලවලට සහ රුධිර ප්‍රවාහනය වැඩි කිරීමට ලොකු support එකක් දෙනවා.මෙමගින් ඔයාව heart attack වලින් ආරක්ෂා කරනවා.මීට අමතරව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා සිනාසීමෙන් රුධිර පීඩනය අඩු කරන්න පුළුවන් කියලා.

හොදට හුස්ම ගන්න පුළුවන්.

අපේ ශරීරය හරි විදියට වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම ඕනේ වෙන දෙයක් තමයි oxygen කියන්නේ.ඉතින් ගැඹුරු හුස්මකින් අපිට හොඳ oxygen ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.ඉතින් මේ activity එකට හොදම way එක තමයි හිනා වෙන එක.අපි හිනාවෙනකොට අපේ පෙනහළු විවෘත වෙනවා.එතකොට අපේ රුධිරයට අවශ්‍ය oxygen ලබා දෙන්න වැඩි හුස්මක් ගන්න පුළුවන්.

වේදනාව එක්ක ලේසියෙන් deal කරන්න.

වේදනාව කියන්නේ ඉතින් අපිට අපිට කිය කිය එන දෙයක් නෙමෙයිනේ.ඒ නිසා අපිට එන හැම ප්‍රශ්නෙකටම මුහුණ දෙන්න සිද්ද වෙනවා.ඒකනේ කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් සිනහවකින් බාර ගන්න කියලා.හැබැයි ඉතින් එහෙම කරන්න අමාරු තැන් ඕනේ තරම් තියෙනවා.අන්න එහෙම තැන්වලදී ඔයාට කරන්න දෙයක් මම කියන්නම්.ඔයාට වේදනාවක් හරි අපහසුතාවයක් හරි දැනෙනවා නම් හිනා වෙන්න try කරන්න. සිනාව කියන්නේ ඇත්තටම natural pain killer එකක්.

ඔන්න ඉතින් මේවා තමා වැඩිපුර හිනා වුණාම අපිට ලැබෙන benefits.දැන් ඉදලවත් හැම වෙලේම බුම්මගෙන ඉන්නේ නැතුව පුළුවන් තරම් හිනා වෙලා සතුටින් ඉන්න.මොකද මේ ලෝකේ තියෙන හැම ලෙඩකටම හොදම බෙහෙත තමයි ඔයාගේ ලස්සනම ලස්සන හිනාව

Like
Like Love Haha Wow Sad Angry
31

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here