Like
Like Love Haha Wow Sad Angry

වැඩිහිටි පොඩිහිටි ඔය කවුරුත් ආස Dessert එකක් තමයි වටලප්පන් කියන්නේ.එදා වගේම අදත් අපි රාමසාන් එකට අපේ මුස්ලිම් යාළුවා දෙන වටලප්පම කන්න ආසාවෙන් බලන් ඉන්නවා නේද? ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද රසම රස වටලප්පන් එකක් හදා ගන්නේ කියලා.

ඒකට අපිට ඕන වෙනවා

  • බිත්තර 6යි
  • හකුරු 250g
  • පොල් කිරි කෝප්ප 2ක්
  • Brown Sugar 70g
  • එනසාල් කුඩු තේ හැදි 1යි
  • කුඩාවට කපා ගත් කජු 50g
  • වැනිලා
  • වතුර කෝප්ප ½යි

අපි දැන් බලමු හදන්නේ කොහොමද කියලා

  • Oven එක අංශක 120ට Preheat කරගන්න.
  • භාජනයක් අඩු ගින්දරේ තියලා වතුර එකතු කරගෙන ඒකටම හකුරු එකතු කරන්න.
  • හකුරු ජලයේ දියවුනාට පස්සේ භාජනය ගෙන cool වෙන්න පැත්තකින් තියන්න.
  • ඉන් පසු හොඳට beat කරගත්ත බිත්තර සහ පොල් කිරි එකතු කරගන්න.
  • එනසාල් කුඩු, වැනිලා සහ brown sugar එකතු කර හොදින් mix කරගන්න.
  • අපි හදාගත්ත mixture එක baking tray එකකට දමා ගන්න.
  • තවත් baking tray එකකට වතුර පුරවලා mixture එක දමා ගත් tray එක එය මත තබන්න.
  • ඉන් පසු මෙය oven එකට දාලා විනාඩි 50ක් විතර bake කර ගන්න.
  • දැන් හදාගත්ත වටලප්පම් oven එකෙන් එළියට ගෙන රස්නය අඩු වෙන්න පැත්තකින් තියන්න.
  • ඊටපස්සේ වටලප්පම උඩට කජු එකතු කර ගන්න.
  • ඔයාලට දැන් මේක උණුවෙන් කන්නත් පුළුවන් නැත්තන් fridge එකේ තියලා cool එකෙන් කන්නත් පුළුවන්.

දැන් එන්නේ උත්සව සමය නිසා හදලා රස කොහොමද කියලා බලන්න.අහල පහල අය එක්කත් රස බෙදා ගන්න අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here