දැන් අපි කෙනෙක්ගේ ලස්සන, පිරිසිඳුකම බලන්නේ මුණෙන්නේ.හැබැයි ඔයාලා දන්නවද අතීතයේ කෙනෙක්ගේ පිරිසිඳුකම බැලුවේ කකුල් දෙක දිහා බලලා.දැන් අපි කෙනෙක් දැක්කම මුලින්ම බලන්නේ එයාගේ මුහුණනේ.ඒත් ඉස්සර නම් බලලා තියෙන්නේ කකුල් දෙක දිහා.ඉතින් ගොඩක් අය මුහුණට මොනතරම් Treatment කළත් කකුල් දෙක ගැන නම් හිතන්නේම නැහැ.සමහර අයගේ නම් මුහුණ සුදුයි, ඒත් කකුල් කළුයි.ඒකට හේතුව තමයි මුණට Treatment කළාට කකුල් වලට කුඩම්මාගේ සැලකිලි දෙන එක.ඉතින් අද කියලා දෙන්න යන්නේ මුණ වගේම ඔයාගේ කකුල් දෙකත් ගෙදරදීම ලස්සන කරගන්නේ කොහොමද කියලා.
ඔයාගේ කකුල් අවපැහැ වෙලා නම්, යටිපතුල් පැලිලා නම් අනිවාර්යෙන් Foot care treatment එක කරලා බලන්නකෝ.රෝස මල් පෙත්තක් වගේ සුසිනිඳු පාද යුගලක් ඔයාටත් හිමි කරගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය

- Nail cutter එකක්
- දෙහි කැබැල්ල
- Backing soda
- Body wash ටිකක්
- Pumic stone එකක් (shop වල තියෙනවා)
Paste එකට

- තක්කාලි ගෙඩියක යුෂ
- දෙහි යුෂ
- කඩල පිටි තේ හැන්දක්
- මී පැණි තේ හැදි 3ක්
- කස්තුරි කහ තේ හැදි 1ක්
- Yourget එකක්
මේ ඔක්කොම mix කරලා paste එකක් හදාගන්න

මොන දේ කරන්නත් කලින් Nail polish ගාලා නම් තියෙන්නේ මුලින්ම ඒ ටික Remove කරලා nails කොටු හැඩයට කපාගන්න.ඊට පස්සේ Nail cutter එකෙන් නියපොතු හොදට Clean කරගන්න.දෙහි කැබැල්ලක Baking soda ගාලා නියපොතු, කකුල් හොදට Massage කරන්න.ඊට පස්සේ Body wash එකකින් හොඳට wash කරන්න.ඔන්න දැන් 1st step එක ඉවරයි.
දැන් Pumic stone එකෙන් ඔයාගේ යටිපතුල් soft එකට brush කරන්න.එතකොට යටිපතුල් වල තියෙන මරුණ සම අයින් වෙන හැටි ඔයාට බලාගන්න පුළුවන්.
ඔයාගේ කකුල් දැන් හොදටම clean වෙලා තියෙන්නේ.
ඔන්න ඉතින් දැන් තමා foot care treatment එකේ හොදම ටික.අපි අර කලින් හදාගෙන අරන් තියගත්ත paste එක ඔයාගේ කකුල් දෙකේ හොදට apply කරන්න.විනාඩි 20 කට පස්සේ පිරිසිදු වතුරෙන් wash කරන්න.
අපි Last Step එකට යමු
උණු වතුර කෝප්ප දෙකකට fresh milk කෝප්පයක් mix කරන්න.මඳ රස්නේ තියෙද්දීම ඔයාගේ කකුල් දෙක වතුර basket එකට දාලා විනාඩි 20 ක් තියන්න.ඔයාට කම්මැලි වගේ නම් මේ time එකට හොද සිංදු ටිකක් අහන්නත් පුළුවන්.
විනාඩි 20කට පස්සේ ඔයාගේ කකුල් දෙක වතුරින් සෝදලා හොදට තෙතමාත්තු කරන්න.ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම Foot cream එකක් apply කරන්න ඕනේ.අන්න එතැනදී කහ සහ සල් ශාකයේ ඉටි අඩංගු foot cream එකක් apply කරන්න.මොකද දන්නවද ඒ දේවල් තියෙන Cream එකකින් ඔයාට පුළුවන් දෙපා වල තියෙන අවපැහැය අවම කිරීම, විලුඹ පැලීම අවම කිරීම වගේම දෙපා වල ඇති අඳුරු ලප කැළැල් සදහටම ඉවත් කරගන්න.
ඉතින් ඔයාලට පුළුවන් හොඳ foot cream එකක් අපේ Hello ladies web site එකෙන්ම දැන් order කරගන්න
https://helloladies.lk/product-category/skin-care/page/2/
ඔයාට මේ treatment සතියකට දෙපාරක් වගේ කළොත් හොද result එකක් බලාගන්න පුළුවන්.ඒ වගේම තමා foot cream එක හැමදාම රෑට apply කරන්න පුළුවන් නම් ලස්සනම ලස්සන දෙපා යුගලක හිමිකාරියක් වෙන්නත් පුළුවන්



