කවුරුහරි කෙනෙක් ඔයාට බනිනවා.ඔයාට මොකද හිතෙන්නේ.දුක හිතෙනවද? අඬන්න හිතෙනවද? එහෙම නැත්නම් ඔයාව කාටවත් වැඩක් නැහැ කියලා හිතිලා තියෙනවද? එතකොට ඔයා මොකද කළේ.පැත්තකට වෙලා අඬ අඬ හිටියද.ඒක නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ වගේම ඒක හරි දෙයකුත් නෙමෙයි.
ඔයා දන්නවද මානසික ශක්තිය එහෙමත් නැත්නම් Mental Strength කියන්නේ ඕනෙම කෙනෙක්ගේ success එකට, life එකට විශාල ලෙස බලපාන සාධකයක්.තීරණයක් ගන්න, ජීවිතයට මුහුන දෙන්න සහ හොඳ නරක තෝරා ගන්න අපිට හොද මනසක් තියෙන්න ඕනේ.හොද මනසක් තිබ්බට මදි අපි අපේ මනස ශක්තිමත් කරගන්න ඕනේ.මොකද ප්‍රශ්න වලට face කරන්න වගේම අපි අසාර්ථක වෙන fail වෙන වෙලාවල් වලදී upset යන්නේ නැතුව මනස නිරවුල්ව තියාගන්නත් මනස ශක්තිමත් වෙන්න ඕනේ.ඒත් කොහොමද අපි මනස ශක්තිමත් කරගන්නේ ?කොහොමද mental strength එක improve කරගන්නේ?මම අද ඔයාට ඒ ගැන කියලා දෙන්නම්.
හිතේ Remote එක ඔයා ළග තියාගන්න

ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි ඔයාගේ හිත ක්‍රියාත්මක වෙන විදියට තමයි ඔයත් වැඩ කරන්නේ කියන එක.ඉතින් හිතේ remote එක ළඟ තිබ්බම ඔයාට පුළුවන් වෙනවා හිත control කරගන්න.ඇත්තටම මෙතනදි හිත control කරනවා, එහෙමත් නැත්නම් පාලනය කරනවා කියන්නේ හැම වෙලාවකදීම හිත අපිට කරන්න කියන දේවල් නොකර ඉන්න එකයි.Example එකක් විදියට ඔයාගේ ආසම කෑම දකිනවා.එතකොට කලින් තිබ්බේ නැති ලොකුම ලොකු බඩගින්නක් ඔයාට එනවා.හිත කියන්නෙම කෑම එක කන්න කියලා.එතකොට ඔයා පුරුදු වෙන්න ඕනේ ඒවා නොකා ඉන්න.
ඔයාගේ හිත control කරගන්න

ඔයාට පොඩි idea එකක් දෙන්නම්, දවසක දැක්ක ගමන්ම කන්න හිතෙන කෑමක් අපිට කන්න හිත බල කරන වෙලාවක මෙහෙම හිතන්න.මගේ වැඩේ ඉවර වෙලාම කනවා, තව පැයකින් කනවා වගේ දේවල් වලින් හිත control කරගන්න.එහෙම නැතුව හිතට ආපු ගමන් හිතට ඕනේ දේ කරන්න යන්න එපා.මේ වගේ පොඩි පොඩි activities වලින් ඔයාගේ හිත control කරගන්න පුරුදු වෙන්න.එතකොට හොද mental strength එකක් හදාගන්න පුළුවන්.
වෙනස් වෙන්න බය වෙන්න එපා

Normally අපි පුරුදු වෙලා තියෙන්නෙ එකම පරිසරයකට,එකම පුරුදු ටිකකට. ඒ වගේම තමයි අපි බලපොරොත්තු වෙන්නෙත් අපි කලින් ලැබුව විදියෙම අත්දැකීම් ලබන්න.මේ නිසා අපේ මනස එක රාමුවකට කොටු වෙනවා.ඊට පස්සේ අලුතින් දෙයක් කරන්න විතරක් නෙමෙයි එහෙම දෙයක් ගැන හිතන්න පවා මනස බය වෙනවා.ඔයාට ශක්තිමත් මනසක් ඕනේ නම් අනිවාර්යයෙන්ම අලුත් දේවල් try කරන්න වෙනවා.කවදාවත් වෙනස් වෙන්න බය වෙන්න එපා.වෙනස් වීම්, අලුත් දේවල් තමා කවදා හරි දවසක ඔයාව ඉස්සරහට අරගෙන යන්නේ.
බය නැතුව ඔයාට දැනෙන feelings විදින්න

ඔයාට දැනෙන ආදරය, යාළුකම, සෙනෙහස, කරුණාව වගේ අවංක සිතුවිලි, feelings හදවතින්ම විදින්න.සමාජය ඉස්සරහ ඒ දේවල් පෙන්නන්න,විදින්න බය වෙන්න එපා.වටේ ඉන්න මිනිස්සු මොනවා හිතුවත් ඔයා ඔයාගේ life එක විදින්න පුරුදු වෙන්න.නැත්තම් ඒ feelings හිත ඇතුලෙ තද කරගෙන ඉදලා ඔයාට mentally stress එකක් වුණත් ඇති වෙන්න පුළුවන්.ඔයාට හොද Mental Strength එකක් ඕනෙනම් කවදාවත්ම කිසිම කෙනෙක් මත depend වෙන්න නම් පුරුදු වෙන්න එපා.
Fail වුණාට දුක් වෙන්න එපා

Fail වුණා, ඔයාට කිසිම දෙයක් හරියට කරගන්න බෑ කියලා තමන්ටම blame කරගෙන දුක් වේවි ඉදලා වැඩක් නෑ.එකෙන් වෙන්නේ තමන්ට තමන් ගැන තියෙන ආත්මවිශ්වාසය නැති වෙන එක.ඔයාටම ඔයා නිකමෙක් කියලා හිතෙන එක.දීර්ඝ කාලයක් negative විදියට හිතන එකෙන් ඔයාට mentally බලපාන්න වුණත් පුළුවන්.ඉතින් ඒ නිසා fail වෙන හැම වෙලාවකම ඒකෙන් දෙයක් ඉගෙන ගන්න බලන්න.
F – First
A – Attempt
I – In
L – Learning
ඉතින් බලන්නකෝ fail කියන වචනේ ඇතුළෙම තියෙනවා අපි දෙයක් ඉගෙන ගන්න ඕනේ කියන එක.
ඔයා ගැන අධිතක්සේරුවෙන් හිතන්න එපා

මොකද අධිතක්සේරුව නිසා වෙන්නේ ඔයා අනිත් අය ඉස්සරහ උඩඟු, අහංකාර, පන්ඩිත කෙනෙක් වගේ පේන එක.ඔයා අනිත් හැමෝටම වඩා දන්නවා කියන feeling එකත් එක්ක ඔයාගේ feelings, අත්දැකීම්, සිතුවිලි හා අදහස් එක රාමුවකට කොටු වෙන්න බලනවා.එක ඔයාගේ mental strength එකට කෙලින්ම බලපෑම් එල්ල කරනවා.ඒ නිසා අධිතක්සේරුවෙන් හිතන්න එපා.Flexible වෙන්න.අනිත් අයගේ ideas වලට ගරු කරන්න පුරුදු වෙන්න.හැබැයි මතක තියගන්න ඕනේ දෙයක් තමයි ආත්ම විශ්වාසය කියන්නේ අධිතක්සේරුවට නෙමෙයි කියන එක..
Success වෙන්න කැමති ඔයාට අද කියලා දුන්නේ කොහොමද හොද ශක්තිමත් මනසක් හදාගන්නේ කියලා.ලේසියෙන්ම කරන්න පුළුවන්,ඒත් ගොඩක් effective tips 5ක් තමයි මේ.මම කියනවට try කරලා බලන්නකෝ.ඔයාට ලොකු වෙනසක් දැනෙයි.



