Like
Like Love Haha Wow Sad Angry
4

Relationship එකක ගොඩක් දේවල් තියෙනවා. Friendship, sex, සහ Love. ඉතින් අපි අද කතා කරන්නේ ආදරය ගැන. ආදරේ කිව්වම ගොඩක් දේවල් තියෙනවනේ. දෙමාපියන්ගේ ආදරය, සුරතලුන්ට දෙන ආදරය වගේ ගොඩක් වර්ග ආදරේ තියෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ දෙදෙනෙක් අතර ඇතිවන ප්‍රේමය ගැන. ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද? ඇත්තටම ආදරේ කරන්නේ කොහොමද? මේ ගැන තමයි අපි කියන්න යන්නේ. ආදරයට තාමත් කිසිම කෙනෙක් හරියටම තේරුමක් දීල නෑ. කාටවත් තේරුමක් කියන්නත් බැරි වෙයි. මොකද ආදරේ ඒ තරමටම සංකීර්ණ දෙයක්.

ආදරය යනු රාගය නෙවෙයි

පලවෙනි දැකීමෙන්ම ආදරේ ඇති වෙන්න පුළුවන්. අපි ඒ කෙනා ළඟට ඇදිලා යනවා වගේ හැගීමක් දැනිලා නැද්ද? ආදරේ හැටි එහෙම තමයි. කාලයක් යනකොට ආදරේ අතරට sex එන්න පුළුවන්. ඒකෙන් බැදීමට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒත් රාගයට කලින් ආදරේ ඇති වෙන්නම ඕනේ.

ආදරය සම්බන්ධකම් සම්පුර්ණ කරනවා

ඔයාට එයා ගැන තියෙන්නේ sexual attraction එකක් නම් ඔයාට කාලයත් එක්ක ඒ සම්බන්ධය එපා වෙනවා.හැබැයි ඇත්තමට ඔයාල දෙන්න අතර ආදරේ තියෙනවනම් ඒ සම්බන්ධකම හැමදාටම ඔයා එක්ක තියේවි.

කාලය සමඟ ආදරය වැඩි වෙයි

Two young happy people wearing pajamas and playing in bed.

ආදරය කියන දේ එක දවසකින් විශාල වෙන්නේ නැහැ.ඒක කාලයත් එක්ක බොහොම හෙමින් සිද්ද වෙන දෙයක්. අනෙකාගේ සිතුවිලි, කැමති අකමැති දේවල්, පුරුදු මේ හැම දෙයක්ම කාලයත් එක්ක අදුනගන්නවා. එහෙම ලොකු වෙන ආදර කතා හරිම සුන්දරයි.

ආදරේ ත්‍යාගශීලි

ඒ කියන්නේ ආදරේ ආදරය කරන අය එක්ක තෑගී බෙදා ගන්නවා කියන එක නම් නෙවෙයි. එකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ සමහර දේවල් එයා වෙනුවෙන් කැප කරනවා කියන එක. ඔයා ආස දෙයක් වෙනුවට එයා ආස දෙයක් කරලා එයාව සතුටින් තියන එකෙන් ඔයාල දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙන්න පුළුවන්.

ගරු කරන්න/ කරුණාවන්ත වෙන්න

හැම වෙලාවකම අනෙක් කෙනාට ගරු කරනවා වගේම එයාට කරුණාවෙන් සලකන එකටත් ආදරේ කියල කියන්න පුළුවන්. එයාගේ හිත තේරුම් ගන්න පුළුවන් නම් ඔයා නියම ආදරවන්තයෙක්. එයාගේ හැගීම් ඔයාට දැනුනාම ඔයා එයාට ගරු කරන්න වගේම කරුණාවෙන් සලකන්නත් පුරුදු වෙයි.

ඔයා ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් මේ කිව්ව දේවල් ඔයා ළඟ තියනවද කියලත් බලන්න. එහෙම නැත්නම් ඒ දේවල් හදා ගන්න උත්සහ කරන්න. ආදරේ කරන කෙනාට හැමදාම අලුත් කෙනෙක් වෙන්න. Meet වුන පලවෙන දවසේ වගේම ආදරෙන් එයා දිහා බලන්න. Boring වගේ දැනුන ඔයාගේ ආදරේ දවසින් දවස අලුත් වෙනවා කියල ඔයාටම හිතේවි.

Like
Like Love Haha Wow Sad Angry
4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here