Like
Like Love Haha Wow Sad Angry

අපි නිතරම වගේ ගෙදරට Carrot ගෙනවනේ.Carrot වලින් Carrot curry හදනවා , සම්බෝල හදනවා එහෙම නැත්නම් salad හදනවා.හැබැයි අද අපි හදන්න යන්නේ ඒ එක දෙයක්වත් නෙමෙයි.අද අපි හදන්න යන්නේ carrot වලින් රසම රස cake එකක්.මම හිතන්නේ ඔයා නම් මීට කලින් Carrot වලින් Cake කාලා නැතුව ඇති.වෙනසකටත් එක්ක අද අපි Carrot වලින් Cake එකක් හදලා බලමුද.මේ cake එක හැමදාම කන පාට පාට cake වගේ නෙමෙයි.රසින් වැඩි ගුණෙන් වැඩියි.ඒ නිසා ගෙදර හැමෝමත් කැමති වෙයි.ඉතින් අපි හදලම බලමු Carrot cake එකේ රස කොහොමද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

  • Carrot 100g
  • පාන් පිටි 70g
  • සිනි 70g
  • බිත්තර 01ක්
  • තෙල් මේස හැදි 03ක්
  • Baking soda 02g ක්
  • Baking powder 02g ක්
  • ලුණු 02g ක්
  • Walnut 50g ක්
  • කුරුදු

සාදා ගන්නා ආකාරය

  • ගාගත් carrot වලට වතුර අයින් කරන්න
  • බිත්තර, තෙල්, සිනි mix කරන්න.
  • අනෙක් ingredients සියල්ලම ලොකු bowl එකක දමා mix කරන්න.
  • Mix කර ගත් බිත්තර, තෙල් සහ සීනි එම bowl එකටම දමා mix කරන්න.
  • Cake tray එකකට දමා 180c දී විනාඩි 25-30 අතර bake කර ගන්න.
  • කැමති විදියටකට icing කර ගන්න.

කොහොමද Carrot cake එකේ රස.cake එක හදන්න කලින් හිතුවේ නැහැ නේද මේ තරම් රස වෙයි කියලා.ඉතින් ඔයාට පුළුවන් මේ carrot cake එක Birthday එකට , anniversary party වලට මේ ඕනෑම දේකට එන අයට හදලා දෙන්න.ඒ වගේම වෙනසක් නිසා හැමෝම ඒ වෙනස් රසට කැමති වෙයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here