තරුණ, මහළු වෙනසක් නැතුවම කරන දෙයක්නේ fashion කියන්නේ. හැබැයි තමන්ට හරියටම ගැලපෙන දේවල් තෝරාගන්න හරිම අමාරුයි නේද? පැය ගානක් shopping කලත් ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා බැලුවාම වෙන එකක් ගන්න තිබුනේ කියලා හිනෙනවා නේද? එහෙනම් මේ tips ඔයාට ගොඩක් වැදගත් වෙයි. Fashion කරනකොට අපි මොනවද කරන්න ඕනි කියල බලමුද එහෙනම්?
විශ්වාස
අපි හිතමු ඔයා wedding එකකට ගියා කියලා. ඒත් ඔයාට එනනට ගිය වෙලාවේ ඉදන් ඔයාගේ ඇදුම ගැන ඔයාට අපහසුවක් දැනෙනවනම්, ඔයා ඉන්නේ සුව පහසුවකින් නෙවෙයි නම් ඒ ඇදුම මොන තරම් fashionable වුනත් ගණන් වුනත් ලස්සන වුනත් වැඩක් නෑ. මොකද හැම වෙලාවේම ඔයා අදින ඇදුම ගැන ඔයාට sure වෙන්න ඕනි.
ගැලපෙන්න අදින්න
ඔයා අදින ඇදුමේ උඩ කොටසට යට කොටස ගැලපෙන්නේ නැත්නම් ඒ ඇදුමෙන් ඔයාව ලස්සනට පේන එකක් නෑ. හිතල බලන්නකෝ pencil Skirt එකක් එක්ක කොට ශිර්ට් එකක්. එක ලස්සන ගැලපීමක් නේද? ඒ වගේ ගැලපෙන්න අදින්න. ඒක simple වුනාට ඔයාට ලොකු ලස්සනක් ගෙනේවි.
Figure එකට ගැලපෙන්න අදින
ඔයාගේ figure එක මොන වගේද කියන එක ගැන හොදට සැලකිලිමත් වෙන්න. ඔයා මහත නම් මහත වැඩියෙන් පේන ඇදුම් අදින්න එපා. ඔයා කෙට්ටු කෙනෙක්නම් තවත් කෙට්ටුවට පේන ඇදුම් අදින්න එපා. ඔයා ඔයාගේ figure එක ගැන දුක් වෙන්නත් එපා. ඔයාගේ ලස්සන වැඩියෙන් පේන ඇදුම් තෝරා ගන්න.
Size එක ගැන දුක් වෙන්න එපා.
ගොඩක් අය කරන්නේ මහත නම් කෙට්ටු වෙන්න try කරනවා. කෙට්ටු නම් මහත් වෙන්න try කරනවා. කිසිම වෙලාවක ඔයාගේ size එක ගැන දුක් වෙන්න එපා.
Simple වෙන්න
ගොඩක් මෝස්තර නැති simple රෙදි වලින් මහපු ඇදුම්, පාට පාට denim වගේ දේවල් වලින් ඔයා හිතනවට වැඩ ලස්සනක් ගන්න පුළුවන්, ඒ වගේම high heels දාන එකත් ඔයාගේ ඇදුම්වල ලස්සන තවත් වැඩි කරනවා.
Colors අදින්න
ඔයාගේ අල්මාරිය ඇරලා බැලුවාම වැඩියෙන්ම තියෙන්නේ මොන colors වල ඇදුම්ද ? ගොඩක් වෙලාවට අපි අදින්නේ එකම පාට ඇදුම්. ඒ නිසා ඇදුම් තෝරනකොට පාට වෙනස් කරන්න. හැමදාම අදින පාටවල් වෙනුවට අලුත් colors try කරන්න.
Eye wears
Sunglasses, specs දාන්න. ඔයාට ඒකෙන් හොද look එකක් ලැබෙනවා.
Hair cut
Fashion කරනකොට ඔයාගේ hair cut එක ඔයාගේ පෙනුමට ගොඩක් බලපානවා. ඒ වගේම හැමදාම එකම style එකක් use කරන්නේ නැතුව අලුත් hair cut එකක් කරගන්න.
Mind එක relax කරගන්න
ඔයත් fashion කරද්දී සීමාවකට කොටු වෙලාද? ආස වුනත් සමහර fashion කරන්න බයයිද? බය වෙන්න එපා. සමහර විට ඔයාට හොදටම ගැලපෙන්නේ ඒක වෙන්න පුළුවන්.
Photo එකක් තියා ගන්න
ඔයා අලුතෙන් ඇදුමක් ඇන්දම photo එකක් අරගෙන තියාගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට ලස්සනම මොන වගේ ඇදුම්ද කියලා තෝරාගන්න.
Budget එක හදාගන්න
ඔයා ලස්සනට ඉන්න ගොඩක් වියදම් කරන්න ඕනි නෑ. ඔයාට ගැලපෙන විදියට simple විදියට fashion කරන්න. එතකොට ඔයාට ලොකු වියදමක් නැතුවම ලස්සනට ඉන්න පුළුවන්.
Smart විදියට අදින්න නම් smart විදියට හිතන්න ඕනි කියලා තේරුණා නේද? හැමවෙලාවෙම creative විදියට හිතන්න. ඔයාට ගැලපෙන දේවල් විතරක් තෝරාගන්න. අනුකරණය කරන්න එපා. ඔයා ඔයාටම වෙන් වුන fashion එකක් හදා ගන්න. Shopping කරන වෙලාවට හොද taste එකක් තියන කෙනෙක් එක්ක යන්න. එතකොට ඔයාට පුළුවන් හොදම දේවල් තෝරාගන්න.



