Like
Like Love Haha Wow Sad Angry
2

ඔයා හැමදාම වගේ හිසකෙස් සොදන්නේ එකම විදිහටනේ. ඔයා මොන මොන වර්ගයේ shampoo, conditioner use කරලා හිසකෙස් සේදුවත් තාමත් හරියට හිසකෙස් ඔයාට කීකරු නැහැ නේද? හිසකෙස් වල සාරවත් භාවයත් නැතිවෙලා ගිහින් ඇති. හැබැයි ඔයාගේ හිසකෙස් වලට හානි වෙන්නේ නැතිව නිරෝගී කෙස් කලඹක් හිමි කරගන්න ඔයාට මං අද අලුත් ක්‍රමයක් කියලා දෙන්නම්.

හිසකෙස් සෝදන එක Reverse එකට කරලා බලන්න

ඒක අමාරු වැඩක් නෙවෙයි. හරිම සරලයි මෙහිදී ඔයා කරන්න ඕනේ හිසකෙස් සේදීමේ ක්‍රියාවලිය reverse එකට කරන එක විතරයි. මුලින්ම ඔයා හිසකෙස් හොඳින් conditioner කර ගන්න. ඊට පස්සේ shampoo කරන්න. මොකද Conditioner ඔයාගේ හිස් කබලේ රැඳී තිබුණොත් ඔයාගේ හිස් කබල වියළි හිස්හොරි හෝ වෙනත් ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය මඟින් හිස්කබලේ ඉතිරිව ඇති conditioner ඉවත් කිරීමට උදව් වෙනවා. ඒ වගේම එමඟින් හිසකෙස් වල පිරුණු බව , ඝන බව ආයෙත් ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ තෙල් සහිත හිස්කබලක් නම් හෝ සාමාන්ය, සිනිඳු හිසකෙස් නම් මෙම ක්‍රමය ගොඩක් හිසකෙස් ගැටළුවලට හොඳ විසඳුමක්.

මෙහි ප්‍රතිලාභ මොනවද?

මෙම ක්‍රමය මඟින් ඔයාගේ හිස්කබල පිරිසිදු කරන්න කලින් රෝම කූප, එහෙමත් නැත්නම් හිසකෙස් අළුත්වැඩියා කිරීමට උදව් වෙනවා. එමඟින් හිසකෙස් වලට සෞඛ්ය සම්පන්න බවක් සහ දිදුලන පෙනුමක් ලබා දෙනවා. මෙලෙස හිසකෙස් සේදීම reverse එකට කිරීමෙන් කෙස් කළඹට දිදුලන බවක් එක් කරනවා.

හැබැයි මේ ක්‍රමය මඟින් හිසකෙස් වියළි පැලීමට ලක්වෙයි කියලා ඔයාට හිතෙනවා නම්, සතියකට වතාවක් පමණක් use කරන්න. ඒ වගේම conditioner ටිකක් වැඩිපුර use කරන්න.

Reverse එකට shampoo කිරීම වැඩියෙන්ම ගැළපෙන්නේ කාටද?

පණ නැති හිසකෙස් තියෙන ඕනෑම කෙනෙක්ට මේ ක්‍රමය හොඳින් ගැලපෙනවා. ඒ වගේම සිහින් හිසකෙස් හෝ තෙල් සහිත හිස්කබලක් ඇති අයටත් මේක ගොඩක් ප්රයෝජනවත් වේවි.

ඔයාට මෙම reverse එකට shampoo කිරීමේ ක්‍රමය මඟින් හොදම ප්‍රතිඵල ලබා ගන්න නම් වදමල්,නෙල්ලි, කෝමාරිකා සහ සැවන්දරා අඩංගු shampoo එකක් සහ වදමල්,මෙහෙඳි, කෝමාරිකා, සැවන්දරා සහ වැල්මී අඩංගු conditioner එකක් use කරන්න. මොකද මේ අමුද්‍රව්‍ය මඟින් ඔයාගේ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම,හිස්හොරි නැති කිරීම, හිසකෙස් මුල පෝෂණය කර ශක්තිමත් කරන්න උදව් වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here