ලඩ්ඩු කියන්නේ ගොඩක් දෙනෙක් කන්න ආසා කෑමක්. මේවා Tamil අයට ආවේණික වූ කෑමක් වුණත් ජාති භේදයකින් තොරව මේවායේ රස බලන්න නම් ගොඩක් දෙනෙක් කැමැති. ගොඩක් වෙලාවට කඩවල තියෙන රස කැවිලි අතරේ ලඩ්ඩු තිබුණත් ගෙදරක හදලා කනවා තරම් නම් රස නැහැ. ඒ නිසාම මං අද කියන්නේ යන්නේ යන්නේ ගෙදරිම රසට ලඩ්ඩු හදාගන්න විදිහ ගැනයි. හැබැයි අද හදන්නේ ලෑස්ති වෙන්නේ නම් පොල් ලඩ්ඩු.
අවශ්‍ය ද්‍රව්‍ය

- ghee මේස හැඳි 1 ක්
- ගාගත් පොල් 200g සහ වෙනම 100gක්
- ටින් කිරි 180ml
- කිරි 60ml
සාදාගන්න ආකාරය
- මුලින්ම ගා ගත් පොල් ටික බ්ලෙන්ඩ් කර කුඩු කරගන්න. එහෙම නැත්නම් Blend කරගන්නේ නැතුව වුණත් ගන්න පුළුවන්
- පසුව පෑන් එකට ගිතෙල් ටික දාලා රත් කරගන්න
- එය රත් වූ පසු පොල් ටික එකතු කර මඳ බැද වතුර ඉවත් කරගන්න. හැබැයි රන්වන් පැහැ වන තුරු බදින්න එපා.
- වතුර ගතිය නැති වීගෙන යනවිට ටින් කිරි ටික දාලා හොඳින් කලවම් කරන්න.
- හොඳට කලවම් වුණාම කිරි ටික දාගන්න
- හොඳට හැඳි ගාල ඝණ මිශ්‍රණයක් ආවම ලිප නිවාගන්න
- මිශ්‍රණය ටිකක් නිවුනට පසුව පොඩි බෝල හදාගන්න.
- දැන් එලෙස හදාගත් ලඩ්ඩු බෝල වෙනම ගත් පොල් 100g තවරන්න
මේවා Tamil කෑමක් වුණත් ඕනෑම party එකකට, සහ නෑදෑ හිතවතුන් බලන්න යද්දී වුණත් හදාගෙන යන්න පුළුවන්.



