ගැබ්ගෙල පිළිකා කියන්නේ girlsලා අතර බහුලව දකින්න ලැබෙන රෝගයක්. ලංකාවේ girlsලා මිලියන 7 කට පමණ ගැබ්ගෙල පිළිකා වැළඳීමේ අවදානමක් තියෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. සාමාන්‍යයෙන් සෑම වසරකම ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වූ girlsලා 950ක් පමණ ප්‍රතිකාර ගන්න පැමිණෙන අතර 643දෙනෙක් පමණ මේ තත්වය හේතුවෙන් මිය යනවා. ඒ නිසා ඔයාට මේ ගැන අවබෝධයක් තිබීම අනිවාර්යයි
ගැබ්ගෙල පිළිකාවට හේතුව

ගැබ්ගෙල පිළිකා වලට ප්‍රධානතම හේතුව තමයි Human Papilloma Virus (HPV) ආසාදනය වීම. මෙය බෝ වන්නේ ලිංගික සංසර්ගය මඟින්. HPV වෛරසයේ විවිධ ප්‍රභේද 100 ක් පමණ තිබෙනවා. ඉන් ගැබ්ගෙල පිළිකාවට හේතු වෙන්නේ 16, 18 කියන ප්‍රභේද දෙක.
රෝග ලක්ෂණ

- යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයන් පිටවීම
- අභ්‍යන්තරව හා බාහිරව ඇති වන ඉන්නන්
- යෝනි මාර්ගය තුලින් සිදුවන අක්‍රමවත් රුධිර වහනය
- රක්තහීනතාවය
- මුත්‍රා පිටකිරීමේදී ඇති වන දැඩි වේදනාව
- දෙපා වල , උකුළු ප්‍රදේශයේ හා කොන්ද ආශ්‍රිතව ප්‍රදේශයේ ඇතිවන නොනවතින වේදනාව
- බර අඩුවීම
අවධානම් සාධක

ඉතා ලාබාල වයසකදී ලිංගික සබඳතා ආරම්භ කිරීම, බහු සහකරුවන් සිටීම හෝ සහකරු නිතර නිතර මාරු කිරීම නිසා මෙම වෛරසය වැළදීමට ඇති වීමේ අවදානම වැඩි වෙනවා. මෙමඟින් ඔයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරනවා. ඒ වගේම ඒඩ්ස්, රෝගය දුම්පානය මෙවැනි පිළිකා හටගැනීමට සෘජුවම බලපානවා. එමෙන්ම ඔයාට ලිංගාශ්‍රිත රෝග වැළඳීම මඟින් පවුලේ අයට ගැබ් ගෙල පිළිකා වැළදීමේ ඉඩකඩ වැඩියි.
කල් ඇතිව හඳුනාගන්නේ කොහොමද?

ඔයා ලිංගික සබඳතා පවත්වන girl කෙනෙක් නම් වයස අවුරුදු 20 වගේ වන විට pap පරික්ෂණය සිදු කරන්න. පස්සේ එම pap පරික්ෂණය සෑම වසර 5කට වරක් සිදු කරගන්න. ඒ වගේම ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානම් වයස් වල (20 -65) පසු වන අයත් මෙම පරීක්ෂණය සිදු කර ගැනීම අනිවාර්යයි. ශ්‍රී ලංකාවේ නම් සුව නාරි සායන, ලිංගාශ්‍රිත රෝග සායන හරහා pap පරික්ෂණය නොමිලේ සිදු කරගන්න ඔයාට පුළුවන්.
මෙම රෝගයෙන් මිදෙන්න ඔයත් නියමිත කාලයේදී පරීක්ෂණ සඳහා යොමු වෙන්න. ඊට අවශ්‍ය ප්‍රතිකාර සහ එන්නත් ලබා ගන්න. ඒ වගේම ලිංගික සබඳතා පැවැත්වීමේදී නිවැරදි සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න අමතක කරන්න එපා.



