ඔයයි එයයි ගොඩක් කාලයක් බලාගෙන හිටියා නේද පුංචි පැටියෙක් ගෙදරට අරගෙන එන්න.ඒත් කාලයක් බලාගෙන හිටපු මේ වාසනාව ගිලිහිලා ගියොත්.?ගොඩක් වෙලාවට ගබ්සාවක් ඇති වෙන්නේ ඇයි කියලා කවුරුවත් දන්නේ නැහැ.ඒකට වක හේතුවක් නෙමෙයි හේතු කිහිපයක්ම තියෙනවා.ඒ වගේම ගබ්සාවක් වුණාට පස්සේ ගොඩක් අය අහනවා ඇයි එහෙම වුණේ කියලා.ඉතින් එහෙම දෙයක් වෙන්න කලින් ගබ්සාවක් වෙන්නේ ඇයි කියලා දැනුවත් වෙලා ඉන්න එක අපි කාටත් හොඳයි.ඒ නිසා මම අද ඒ ගැන ඔයාට කියන්නම්
අසාදන තත්වයන්

මවට වෛරස තත්වයක් ඇතිවීම සමහර ගබ්සා වලට හේතුවක් වෙනවා.ඒකට හේතුව එම වෛරසය දරු ගැබට ආසාදන වීම වෙන්න පුළුවන්.කොහොම වුණත් මේ තත්වය ඉතා කලාතුරකින් වෙන දෙයක්. ගොඩක් වෙලාවට ඒ වගේ ගබ්සාවක් සිදුවන්නේ මුල් මාස තුනෙන් පසුව.
සිරුරේ හෝමෝන මට්ටම නිවැරදිව නොමැති නම්

ගර්භනී සමයේ Progesterone hormone නිසි ලෙස නිපදවිම වෙන්නේ නැත්නම් නම් ගබ්සාවක් වෙන්න ඉඩකඩ තියෙනවා.ගොඩක් වෙලවට මේ තත්වය වලක්වා ගන්න වෛද්‍යවරුන් විසින් Progesterone tablets සහ Vaccine නිර්දේශ කරනවා.
ඒ වගේම මුල් සති කිහිපය තුල වැදෑමහෙන් නිපදවන HCG hormone එක ගර්භාෂය ආරක්ෂා කරගන්න ඕනේ වෙනවා.ඉතින් මේ හෝමෝනය අඩුවීම නිසාද ගබ්සාවක් වෙන්න පුළුවන්.
රෝගී තත්වයන්

Diabetes, Thyroid සහ Hormone අසාමාන්‍යතා නිසි අයුරින් පාලනය නොකිරීම නිසාද ගබ්සාවක් වෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා අනිවාර්යයෙන්ම ගර්භනී කාලයේදී වගේම ගර්භනී වෙන්න කළින් ඉදන්ම මේ රෝග ගැන අවදානයෙන් ඉන්න
මවගේ ගර්භාෂයේ අසාමාන්‍යතාවයන්

ගර්භාෂයේ ඇතුලත බිතිතියට නෙරා තිබෙන fibroid ගෙඩි ගර්භාෂය මැදින් දෙකට බෙදන ලෙස බිත්තියක් ඇති වී තිබීම නිසා Abortion එකක් වෙන්න පුළුවන්.මේ වගේ රෝගයක් තියෙනවා නම් Hysteroscopy Surgery එක මගින් නැවත ගබ්සාවක් ඇති වීම වලක්වන්න පුළුවන්
රුධිර කැටිගැසීම වැඩිවන රෝග තත්වයන්

දරුගැබට පෝෂණය ලැබෙනේ මවගේ වැදෑමහ තුලට ගමන් ගන්නා රුධිරයෙන්.එම රුධිර ඝනකම් වැඩිනම් වැදෑමහේ සියුම් රුධිර නාල අවහිර වී එයට සපයන රුධිර ප්‍රමාණය අඩුවෙනවා.එවැනි දෙයක් සිදු වෙනවා නම් ගබ්සාවක් ඇති වෙන්න පුළුවන්.ඒ වගේ අවස්ථාවක රුධිර කැටිගැසීම වලකාලීමට Aspirin, heparin වගේ ඖෂධ ලාබාදීමෙන් ගබ්සාවක් වීම පාලනය කරනවා.
දැන් දන්නවනේ කොහොමද ගබ්සාවක් වෙන්නේ.ඇයි එහෙම වෙන්නේ කියලා.ඕනෙම දෙයක් වෙන්න කලින් අපි ඒ ගැන පොඩි දෙයක් හරි දැනගෙන ඉන්නවා නම් ඒක තමයි හොඳම වැඩේ.ඒ වගේම අනිවාර්යයෙන්ම marry කරන්න කලින් full body checkup එකක් කරගන්න.එතකොට ඔයාට තියෙන රෝග මොනවද කියලා දැනගන්න පුළුවන් සහ ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්.



