දැන් ගොඩක් අය එක එක විදිහට කොන්ඩේ හදනවා.Curly කරනවා ,Rebonding කරනවා ,Straight කරනවා.ඒක දැන් තියෙන Fashion එකක් සහ තමන්ගේ පහසුවට කරන දෙයක්.මම අද කියන්න යන්නේ Hair straight එකක් ගැන.මේක තමයි දැන් ගොඩක් අයගේ Trend එක.හැබැයි Hair straight එකක් අපිට Temporary කරන්නත් පුළුවන් permanent කරන්නත් පුළුවන්.ඒ කොහොම කලත් අපි ළඟ අනිවාර්යයෙන්ම Hair Iron එකක් තියෙන්න ඕනේ.අපි Hair straight එක Temporary කලත් පැය කිහිපයක් තියෙනවා.Permanent කරනවා නම් ඒක ටික කාලයක් තියාගන්න පුළුවන්.Permanent කරලා කාලයක් යනකොට අපේ කොන්ඩේ අයෙමත් යථා තත්වයට පත් වෙනවා.ඒ නිසා ඔයා ලග Hair Iron එකක් තියාගන්න එක හොඳයි.
Hair Iron එකක් භාවිතා කරන්න කලින් මේ ගැන දැනගන්න

01) පළමුව ප්රමිතියකින් යුතු සහ සහතික කර ඇති Hair iron එකක් මිලදී ගන්න
02) Hair iron එකක් වැරදි ආකාරයට භාවිතා කලොත් කොන්ඩේටමයි හානි වෙන්නේ.
- හිස කෙස් පිළිස්සී යෑම
- හිස කෙස් දිරා යෑම
- හිස කෙස් මැදින් කැඩී යාම
- හිස කෙස් අග පැලීම
- හිස කෙස් වියලී යාම
- හිස කෙස් වැටීම
- හිස කෙස් වලට මලානික පෙනුමක් ගෙන ඒම
03) Hair iron එකක් භාවිතා කරනකොට එකේ Temperature එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද අධික උෂ්ණත්වයෙන් Hair iron එකක් භාවිතා කලොත් කොණ්ඩෙට හානි වෙන්න බලනවා
04) hair iron එකක් භාවිතා කරනවා නම් Hair dryer එකක් use කරන්න එපා.මොකද දෙකෙන්ම වෙන්නේ කොන්ඩේ Heat වෙන එක
05) තෙත කොණ්ඩය කවදාවත් iron කරන්න යන්න එපා.එය ඔබේ කෙස් වලට හානි කරනවා.එලෙස කොණ්ඩය පිළිස්සුනු විට නැවත යථා තත්වයට පත් කරන්න හැකියාවක් නැහැ
06) වෙළඳපොලේ Heat Protection Spray තියෙනවා.ඉතින් හිස කෙස් iron කරන්න කලින් මේ spray එක Use කරනවා නම් ඔයාට පුළුවන් හිස කෙස් වලට වෙන හානිය අවම කර ගන්න .
07) කවදාවත් අපිරිසිඳු හිසකෙස් iron කරන්න යන්න එපා.හිසකෙස් iron කරන්න ඕනේ කොන්ඩේ පිරිසිඳු කළාට පස්සෙ
08) කොන්ඩේ iron කරනකොට හිසකෙස් වලට වෙන හානිය අවම කරගන්න කෙස් කුඩා කොටස් වලට වෙන් කර, එක කොටස බැගින් iron කිරීම.
Hair iron එකෙන් ලැබෙන දේවල්

- Temporary Hair straight එකක් කරගන්න ඕනේ නම් hair iron එකෙන් ඔයාටම කරගන්න පුළුවන්
- Rebonding, Straightening සහ Relaxing කලාට පස්සේ එය දිගටම පවත්වාගෙන යාමට Hair iron එකක් ඕනේ වෙනවා
- Straightening, curling සහ waving කියන හැම විදිහටම හිස කෙස් සකසා ගැනීමට Hair iron උපකාරී වෙනවා.
ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම Rebonding, Straightening සහ Relaxing මොනවා කලත් Hair iron තියාගන්න.එහෙම නොකෙරුවත් Hair iron එකක් තියාගන්න එක ගොඩක් වටිනවා.ඔය මොනවා වුණත් Hair iron එකක් use කරනකොට පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ කියන අමතක කරන්න එපා



