4
නිතරම පැණි රස කන අයට ,එහෙමත් නැත්නම් climate එක වෙනස් වුණහම සමහර අයට දත් කැක්කුම්,ඉදිමීම් වගේම විදුරු මස් වල pain එකක් එනවා.මේ වේදනාව නිසා කතා කරගන්න තියා කට ඇරගන්නවත් බැහැ.මොකද ඒ තරම් අමාරුයි.ඉතින් එතකොට කරන්න දෙයක් නැහැ.ඒ වේදනාවට මොකද කරන්නේ කියලා දැන් මම ඔයාට කියන්නම්
ලුණු වතුර

- උණු වතුර වීදුරුවකට ලුණු වතුර මේස හැන්දක් දාලා mix කරගන්න
- ඊටපස්සේ හොඳට කට සෝදන්න
- මේක උදේටයි හවසටයි දවස් කිහිපයක් කරන්න
ඉඟුරු

- ඉඟුරු කැබැල්ලක් අරගෙන paste එකක් විදිහට පොඩි කරගන්න
- ඒකට ලුණු තේ හැඳි 1/2 දාලා mix කරගන්න
- දැන් මේ paste එක මුඛයේ වේදනාව ඇති ස්ථානයේ ආලේප කරන්න
- කරලා විනාඩි 10 – 12කින් පස්සේ වතුර වලින් මුඛ්‍ය සෝදන්න
බේකින් සෝඩා

- බේකිං සෝඩා තේ හැන්දකට කහ කුඩු දාලා mix කරන්න
- ඊටපස්සේ මිශ්‍රණය විදුරුමස් වල ගල්වා සම්භාහනය කරලා මුඛය සෝදා ගන්න
- දින කිහිපයක් උදේ සහ සවස මේක කරන්න
ලෙමන් යුෂ

- උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැඳි 01ක් දාලා mix කරගන්න
- ඊටපස්සේ මේකෙන් කට සෝදන්න
- වේදනාව සමනය වෙනකන් උදේ සවස මේක කරන්න
ඉතින් මෙන්න මේ විදිහට කරනවා නම් ඔයාටත් ඔයාගේ විදුරුමස් වේදනාව නැති කරගන්න පුළුවන්.මම දන්නවා මේ වේදනාව මොකක්ද කරන්නේ කියලා ඔයා හිතුවා කියලා.දැන් ඉතින් වේදනාවට බය වෙන්න දෙයක් නැහැ
4



