මේ දවස් වල අපි හැමෝම ගෙදර. ගෙදර ඉන්න නිසා නිතරම ගේ අතුගානවා ,පිරිසිඳු කරනවා.ඒ හැමදේම කරනවා.හැබැයි කොහෙන්දෝ ආපු මැසි කරදරයක් තියෙනවා නේද ?එහෙ බැලුවත් මැස්සෝ ,මෙහෙ බැලුවත් මැස්සෝ.කොච්චර පිරිසිඳු වැඩක් නැහැ.මේ මැස්සෝ තුවාල වල වහනවා ,ඊටපස්සේ අපේ කෑම වල වහනවා ,කුනු ගොඩවල් වල ඉන්නවා ,ඇඟේ වහනවා.ඒක අපේ health එකට කොහෙත්ම හොඳ නැහැ. මොකද මැස්සෝ නිසා අපේ සිරුරට විසබීජ ඇතුළු වෙන නිසා.ඉතින් මට හිතුනා මේ මැසි කරදරේ අඩු කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයාලට කියන්න
ලැවැන්ඩර් තෙල් සහ පැඟිරි තෙල්

- මුලින්ම Lavender Oil, Sponge එකක්, මූඩිය සහිත ජෝගුවක් ගන්න.
- Sponge එක මතට Lavender Oil බිංදු කිහිපයක් දාලා Sponge එක ජෝගුවට දාගන්න
- දැන් ජෝගුවේ මූඩිය වහලා පසුදා උදෑසන වන තුරු තබන්න.
- ඊටපස්සේ මැස්සන් සිටින ස්ථානයක් වෙත එය රැගෙන ගොස් මූඩිය විවෘත කර තබන්න.
කරාබු නැටි සහ දෙහි

- දෙහි ගෙඩියක් දෙකට කපලා දෙහි ගෙඩියේ රේණු අතරේ කරාබුනැටි සිර කරන්න.
- ඊටපස්සේ ඉතින් ඒවා මැස්සන් වැඩිපුර ඉන්න ස්ථාන වල තියන්න.
ඉතින් ඔයාටත් මේ දේවල් කරන්න පුළුවන් නම් මැසි කරදරේ ඉවර කරගන්න පුළුවන්.හැබැයි මේ දේවල් කළා කියලා විතරක් මදි.ගෙදර පිරිසිඳුකම ගැනත් හොඳට හිතන්න ඕනේ.නැත්නම් ඉතින් මැස්සෝ තවත් වැඩි වෙන්න බලනවා.



