Like
Like Love Haha Wow Sad Angry

ඔයා නිතරම අඳින්නේ trouser එකද ? මම නම් එහෙමයි.මම දන්නවා ඔයත් එහෙමයි.ඒ විදිහට නිතරම trouser එක හුරු වෙලා තියෙන්නේ ඔයාට තියෙන පහසුවට වගේම fashion එකට.හැබැයි සමහර අය නම් වැඩිය trouser එකට කැමති නැහැ.ඒ කොහොම වුණත් trouser එකක් ඕනෙවට එපාවට නම් අරන් හරියන්නේ නැහැ.මොකද trouser එකක් කියන්නේ කාලයක් අඳින්න ගන්න ඇඳුමක් නිසා.ඒ නිසා trouser එකක් ගන්න කලින් මෙන්න මේ දේවල් ගැන කවදා හරි හිතලා බැලුවද බලන්න.එහෙම නැත්නම් අද ඉදන් ඒ දේවල් ගැන හොඳට හිතලා බලල trouser ගන්න

fabrics සහ colors

normally අපි දන්නවනේ එක එක විදිහට එක එක style වලට trouser තියෙනවා කියලා.ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන් බලන්න ඕනේ trouser එකේ fabrics එක කොච්චර කාලයක් තියෙනවද කියන එක.ඒ වගේම colour එක.colour එක බලන්න හේතුව තමයි ගොඩක් trousers සෝදනකොට එකේ පාට වෙනස් වෙනවා.එතකොට ගන්නකොට තිබුන quality එක නැති වෙනවානේ.ඒ නිසා තමයි colour එක ගැන බලන්න කියන්නේ

Body shape එකට match වෙනවද

trousers ගන්නකොට ඔයාට match වෙන්නේ Slim fit, slim cut, regular, stretched ආදී ඩෙනිම් ජීන්ස් වර්ග මෙන්ම High හෝ low-waisted ජීන්ස් වර්ග ද කියලා බලලා තමයි ගන්න ඕනේ.මම දන්නවා ඔයා ඒක කවදාවත් බලන්නේ නැහැ කියලා.අන්න ඒ නිසා තමයි සමහර trousers ඇන්දම ලස්සන වගේම තවත් ඒවා ඔයාට ලස්සන නැතුව පෙන්නේ. එහෙම වෙන්නේ නැතුව හැමදාම ලස්සනට ඉන්න නම් ඔයාගේ body shape එකට match වෙන trousers ගන්න.

පෙනුමෙන් මනින්න එපා +

සමහර වෙලවට අපි කරන වැරද්දක් තමයි පිට පෙනුමෙන් සහ ඉනේ size එක label එකෙන් බලල අරගෙන එන එක.ඇදලා බලන්නෙත් නැහැ.ගෙනාවට අඳින්නත් බැහැ.comfortable බවකුත් නැහැ.ඒ නිසා trousers එකක් ගන්න ගියහම size එක බලල වර්ග කිහිපයකින් trousers කිහිපයක් ආගෙන fiton කරලා බලන්න.ඇඳගෙන ඉන්න අපහසු ගතියක් තියෙනවද ,නැත්නම් හොඳයිද කියන එක තීරණය කරන්න වෙන්නේ එහෙම කරලා.ඒ නිසා කවදාවත් trousers එකක් ගන්න ගියහම fiton කරන්නේ නැතුව අරන් එන්න නම් එපා

ඉතින් ඔයත් trousers ගන්න කලින් මේ දේවල් ගැන හොඳට හිතලා බලන්න.එතකොට ඔයාට පුළුවන් කල්පැවැත්මෙන් වැඩි සහ quality trousers එකක් ගන්න පුළුවන්.එහෙම නැතුව පෙනුමට නම් ගන්න යන්න එපා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here