2
මිට්බෝල්ස් කියන්නේ ලොකු පොඩි කවුරුත් අසාවෙන් කන රසම රස කෑමක්.ඉතින් එහෙමයි කියලා හැමදාම එකම විදිහට මීට් බෝල්ස් කන්න පුලුවන්ද?බැරි වුණත් කන්න වෙනවා නේද ?ඉතින් අපි හැමදාම කන මීට් බෝල්ස් එකට වෙනසක් කරමුද.අපි හදමු Cheesy Baked Meatballs.
මොනවද අවශ්‍ය වෙන්නේ
අවශ්‍ය වෙන්නේ මොනවද

- මීට්බෝල්ස් 24 පැකට් එකක්
- tomato puree
- Grate කරගත් mozzarella cheese
හදාගන්නේ මේ විදිහට

- Pan එකක් අරගෙන මීට්බෝල්ස් Fry කරගන්න.
- ඊළඟට Baking Tray එකකට tomato puree දාලා ඊට උඩින් ග්‍රේට් කරගත් mozzarella cheese දාගන්න
- mozzarella cheese උඩින් මීට්බෝල්ස් අතුරගන්න
- ඉන්පසු නැවතත් tomato puree දමා එයට උඩින් නැවත mozzarella cheese ටිකක් Grate කරගෙන ෆොයිල් පේපර් එකකින් කවර් කරන්න
- ඊටපස්සේ 220°C උෂ්ණත්වයට මිනිත්තු 25 ක් Bake කරන්න.
මේ විදිහට තමයි Cheesy Baked Meatballs හදන්නේ.හදාගන්නත් easy .රස ගැනත් මම කියන්න දෙයක් නැහැනේ.ඔයාටම තේරෙනවනේ රස කොහොමද කියලා.අනිත් අයටත් හදලා දීලා එයාලගේ comments කොහොමද කියල බලන්න.අපිට කියන්නත් අමතක කරන්න එපා
2



