කෙනෙක්ගෙ Business Card එකේ තියෙන තනතුර නායකත්වය වෙන්නෙ නැහැ.Office එකේ විශාලත්වය අනුව එහි ප්‍රධානියා නායකයෙක් වෙන්නෙත් නැහැ.නායකත්වය කියන්නේ දර්ශනයක්.නායකත්වය කියන්නේ මනසේ ප්‍රකාශනයක්.අපි හැමෝටම නායකයො වෙන්න පුළුවන්.හැබැයි හරි විදියට සුදුසුකම් සම්පූර්ණ කරගන්න ඕනෙ.
නායකත්වයට භාෂාවක් තියෙනවා

සෑම නායකයෙක්ම නායකයෙකුට ගැලපෙන භාෂාවකින් තමන්ගෙ පිරිසට කතාකරන එක හරිම වැදගත්.ඒක නායකත්වයේ qualities පෙන්වන අවස්ථාවක්.කතාකරන වචනයක් පාසා නායකයෙක් අවංක වෙන්නත් අවශ්‍යයි.තමන්ගෙ නායකයගෙ කතාව විශ්වාස කරන පිරිසක් හැදුනම ආයතනයක්, සංවිධානයක් පාලනය කරන්න හරිම පහසුයි.මොන විදිහේ ප්‍රශ්න ආවත් තමන්ගෙ සන්නිවේදන රටාව දක්ෂ නායකයෙක් කිසිම විදියකින් වෙනස් කරන්නෙ නැහැ.
නායකයා කියන්නේ දෙයක් නිර්මාණය කරන්නෙක්

හොඳ නායකයෙක් කියන්නේ විශිෂ්ට දැක්මක් බිහිකරන්නෙක් කිව්වොත් මම හරි.නායකයෙක් ඕනෙම දෙයක් ගැන හොයා බලන්නෙ වෙනස් විදියට.ඒ විදිය එයාගෙම නිර්මාණයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.නායකයාගේ දැක්ම පැහැදිලි වෙන්න ඕනෙ වගේම අනික් පිරිසට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් දැක්මක් වෙන්නත් ඕනෙ.නියම නායකයෙක් මොනම වෙලාවකවත් challenges භාරගන්න පැකිලෙන්නෙ නැහැ .
කණ්ඩායමේ කඩාවැටීමකදී නැගිටින්න අතදෙන්නෙක්

පරාජයක් අත් නොවිඳ ජයග්‍රහණයක සැබෑ රසය විඳගන්න බැහැ කියල කතාවක් තියෙනවානේ.ඉතින් තමන්ගෙ පිරිස පරාජයකින් කඩාවැටිල ඉන්නවා නම් ,පරාජය දරාගන්න බැරුව මානසිකව වැටිලා ඉන්නවා නම් leader කෙනෙක් මොකක්ද කරන්න ඕනේ.ඒ වගේ වෙලාවට leader කෙනෙක් කරන්න ඕනේ ඔවුන්ට නැඟී සිටින්න අත දෙන එක
අවංක බව

අවංක නැත්නම් කවදාවත් සැබෑ සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාවක් නැහැ.team එකක් ගත්තහම leader අවංක නැත්නම් leader යටතේ ඉන්න අනෙක් අයගෙනුත් අවංකත්වයක් බලාපොරොත්තු වෙන්න නම් බැහැ.ඉතින් Honest එක කියන්නේ අනිවාර්යයෙන්ම leader කෙනෙක් ළඟ තියෙන්න ඕනේ ලොකු දෙයක්.අවංක leader කෙනෙක් නම් ඔවුන්ගෙන් සිදු වෙන වැරදි වලට සමාව ඉල්ලනවා ,තමන්ගේ යටතේ ඉන්නේ සේවකයින්ගේ වැඩ ඉස්මතු කර ඔවුන්ගේම දායකත්වය අවතක්සේරු කරනවා සහ සේවකයින්ගේ කාලය අගය කරනවා.
කණ්ඩායම් හැඟීමකින් වැඩ කරන්නෙක්

ගොඩක් වෙලාවට අපි try කරන්නේ තනියම වැඩක් කරන්න.ඇත්තටම ඒක හොඳ attitude එකක්.ඒ වුණාට තනි තනිව වැඩකරනවාට වඩා කණ්ඩායමක් විදියට වැඩ කරන එකේ Importance කියන එක තම පිරිසට කියා දෙන්න leader කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනෙ. ඕනෙම හොඳ දේකදි කණ්ඩායමට ස්තූති කරන්න නියම නායකයෙක් හැම වෙලාවකම කටයුතු කරනවා.
ඉතින් මේ විදිහට ඔයා හරි විදිහට හිතුවොත් හොඳ leader කෙනෙක් වෙන්න පුළුවන්.මොකද leader කෙනෙක් කියන්නේ නමට විතරක් ඉන්න කෙනෙක් නෙමෙයිනේ.අනිත් එක team එකක් වුණත් ඉස්සරහට යන්නේ leader ගේ පිටිපස්සෙන් නිසා leader හරි විදිහට ඉන්න ඕනේ.ඔයත් මේ දේවල් ගැන හිතුවොත්,හිතලා බලලා වැඩ කළොත් leader කෙනෙක් වෙන්න පුළුවන්



