Like
Like Love Haha Wow Sad Angry

ගොඩක් අය කන්නේ නැති කෑමක් ගැන තමයි මම අද කියන්න හදන්නේ.ඒ තමයි Mutton.Mutton ගොඩක් අය කන්නේ නැති වුණාට කන අයට නම් මේක ගොඩක් රසවත් කෑමක්.ඉතින් Mutton කන්න කැමති අයට රසම රස කෑමක් හදන විදිහ ගැන කියන්න තමයි මම හදන්නේ

මොනවද අවශ්‍ය වෙන්නේ

  • කෑලි කපාගත් Mutton 500g
  • ලෙමන් යුෂ
  • ඉඟුරු, සුදුළූණු paste තේ හැඳි 01
  • කහකුඩු තේ හැඳි 1/2
  • මිරිස්කුඩු තේ හැඳි 01
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 01
  • ලුණු
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01
  • ගරම් මසාලා කුඩු තේ හැඳි 01
  • යෝගට් කෝප්ප 1/2

මෙන්න මෙහෙමයි හදා ගන්නේ

  • Mutton වලට ලෙමන් යුෂ දාලා ටිකක් වෙලා තියලා ඒකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
  • ඊලඟට කහ,මිරිස්කුඩු,කොත්තමල්ලි කුඩු,ගම්මිරිස් කුඩු,ගරම් මසාලා දාලා කලවම් කරන ගමන් ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගෙන හොඳට mix කරගන්න.
  • දැන් වතුර කෝප්ප කාලක් එකතු කරලා Pressure cooker එකේ හොඳට තම්බගන්න.
  • මෙලෙක් වෙනකල් තැම්බුනාම ග්‍රේවි ගතිය නැති වෙනකල් හොඳට හින්දගන්න.
  • මේකට Yogurt කෝප්ප 1/2ක් එකතු කරන්න.
  • වේලෙන්නම හිඳුනම නිවෙන්න තියලා Kebab Stick වල ගහගන්න.
  • දැන් pan එකකට butter ටිකක් දාලා රත් වෙනකොට Mutton Kebab හරව හරවා Fry කරගන්න.

දැන් අපි Mutton Kebab හදලා ඉවරයි.බලන්නකෝ රස කොහොමද කියලා.හිතුවේ නැහැ නේද Mutton මේ තරම් රස ඇති කියලා.ඔන්න අද අපි හදලාම රස බැලුවා.අයෙත් පාරක් හදන්න try කරලා බලන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here