Like
Like Love Haha Wow Sad Angry

වයස, ජීවත් වෙන තැන, කරන රස්සාව, ඉගෙනීම මේ කරුණු කාරණා කොහොම වුණත් පොදුවේ අපි හැමෝම කැමතියි සාර්ථක ජීවිතයක හිමිකරුවන් වෙන්න.ඒක තමයි කාගෙ කාගෙත් ජීවිතවල මහා පොදු සාධකය.සැප පහසු සාර්ථක ජීවිතයක් හිමිකරගන්න අපි හැමෝම කැමති වුණත් ඒක ලේසි පහසු වැඩක් කියලා හිතන්න නම් එපා.ඒ වෙනුවෙන් මොනවද අපි කරන්න ඕනෙ?

සාර්ථකත්වයට යන පාර එකිනෙකා අනුව වෙනස් වෙන්න පුළුවන්.හැබැයි ඒ ගමනේ කාටත් වැදගත්වන පොදු කරුණු කිහිපයක් ගැන අපි කතාකරනවා.

01) හිතන්න ලොකුවට

හරියට හිතනවා කියන්නෙම ඇත්තටම ලොකු වැඩක්.අද ලෝකයේ ගොඩක් Success වෙලා ඉන්න මිනිස්සු සම්ප්‍රදායෙන් පිට පැනල හිතපු මිනිස්සු.පටු සීමා ඇතුලෙ කොටුවෙලා හිතන්න බෑ.ඔයාගෙ සිතුවිලි පරාසය පුළුල් කරගන්න.එතකොට නම් ඔයාට සාර්ථකත්වයට යන අලුත් පාරවල් එකින් එක පෙනෙයි .

02) ඔයාගෙ Passion එක Follow කරන්න

ඔයා කරන දේ මොකක්ද අන්න ඒ දේ ඔයාගෙ passion එක කරගත්තොත් ජීවිතේ දිනන එක හරිම සරලයි.එහෙම වුණාම ජීවිතේ තියෙන්නෙ සතුටම විතරයි කියලා ඔයාට තේරෙයි. ඔයාගෙ passion එක වෙනුවෙන් සමහර විට ඔයා මුදල් අපේක්ෂාවක් නොමැතිව සමහර දේවල් කරන්න පුළුවන්.හැබැයි ඒ දේවල් වලින් ඔයා Life එකට ඉගෙන ගන්න පාඩම් අර සල්ලිවලට වඩා වටින්න පුළුවන්.

03) බුද්ධියට කන් දෙන්න

ස්ටීව් ජොබ්ස් වරක් මෙහෙම කියනවා. “ඔබට ඇති කාලය සීමිතයි. ඒ නිසා නොවැදගත් දේ වෙනුවෙන් හා නොවැදගත් පුද්ගලයන් වෙනුවෙන් එම කාලය කිසිම විදිහකින් වැය කරන්න එපා.” බුද්ධියට කන් නොදුන්නොත් අපිට ළඟා කරගන්න වෙන්නෙ සාර්ථකත්වය නෙවෙයි අසාර්ථකත්වයයි.අපි බුද්ධිමත් නොවුනොත් අනුන්ගෙ අදහස්වලින් අපේ අදහස් යට යන්න ඉඩ තියෙනවා.ඒ නිසා හැමවෙලාවෙම බුද්ධිමත්ව හිතලා හැමදෙයක්ම plan කරන්න.

04) ප්‍රායෝගික වන්න

දවල් සිහින දකින්නන්ට කවදාවත් සාර්ථකත්වයට ළඟාවෙන්න නම් බැහැ. අනිත් එක මට තමයි හැමදේම පුළුවන්.ඒ නිසා මට තමයි මෙතන හොඳම promotion එක ලැබෙන්න ඕනේ.ඒ විදිහට හිතන කෙනෙක්ට නම් කවදාවත් සාර්ථක ජීවිතේක හිමිකරුවෙක් වෙන්න බැහැ.ඒ නිසා මට තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා හැම වෙලේම හිතන්න පුරුදු වෙන්න.හීන වෙනුවෙන් කැපවෙන්න.එහෙම වුණොත් සාර්ථකත්වය දුර නැහැ.

05) පරාජය වෙන්න බය වෙන්න එපා

ජයග්‍රහණ වගේ නෙවෙයි පරාජයන් හැම එකක්ම ජීවිතේට පාඩමක් කියා දෙනවා.හිතන්න ඔයා සෑහෙන්න මහන්සි වෙලා වැඩකරනවා.ඒත් ඔයා ඒ වැඩේ අපේක්ෂිත ප්‍රතිඵලය ළඟා කරගන්න අසමත් වෙනවා.ඒත් සැලෙන්න එපා.ඒ ඉගෙන ගත්ත පාඩම් වලින් ශක්තිමත් වෙලා ආයෙමත් Try කරන්න.නිකමට හිතන්න.තමන්ගෙ විද්‍යාත්මක සොයාගැනීම කරන්න කලින් 99 වතාවක් අසමත් වෙන ඇල්බට් අයින්ස්ටයින් 100 වැනි වතාවෙදි සාර්ථකව තම මතය ඉදිරිපත් කරා.ඉතිං ඇයි අපිට බැරි?අපිට තවත් අවස්ථා තියෙනවා.

06) ඔයා ගැන විශ්වාසය තියාගන්න

ඔයාට ඔයාව විශ්වාස නැත්තම් අනික් අය ඔයාව විශ්වාස කරයිද? ඒ නිසා තමන්ව විශ්වාස කරන්න පටන් ගන්න. ඔයා ඔයාව විශ්වාස කරන්නෙ නැත්නම් සාර්ථකත්වයේ ප්‍රතිඵල නෙලාගන්න හරිම අමාරු වෙයි. වෙන අය මොනව කිව්වත් ඔයාගෙ අදහස ඔයාට විශ්වාස නම් එච්චරයි.

දැන් නම් බය වෙන්න දෙයක් නැහැ.අපිට ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රශ්න ආවේ අපිට අපිවවත් sure නැති නිසානේ.දැන් නම් එහෙම කරන්න එපා.මොකද ඔයාට ඔයාටවත් sure නැත්නම් මොකුත්ම හරියට කරගන්න බැහැ කියලා අද තේරුම් ගත්තනේ. ඒ විතරක් නෙමෙයි success වෙන්න නම් මම කිව්වා අනිත් දේවල් ගැනත් හිතන්න අමතක කරන්න එපා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here