කාන්තාවන්ගේ දෙතොල් වල තියෙන සුන්දරත්වය නිසාම ගීත, කවි නිර්මාණය වෙලා තියෙනවා.ඉතින් ඒ තියෙන සුන්දරත්වය තවත් වැඩි කරගන්න අපි lipstick use කරනවා.ඒකෙන් අපේ ලස්සන තවත් වැඩි වෙනවා.Fashion කරන අපි නිතරම lipstick use කරන නිසා lipstick use කරනකොට දැනගන්නම ඕනේ tips ගොඩක් තියෙනවා.මම කියන සමහර දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්.හැබැයි නොදන්නා දේවලුත් ඇතිනේ.ඒ මොනවද කියල මම ඔයාට කියලා දෙන්නම්.
01) ගන්න කලින් හිතන්න

- Lipstick එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම ආලේප කරලා බලන්න ඕනේ.Testing lipstick තියෙනවා නම් ඔයාගේ ඇඟිලි තුඩු වල ආලේප කරලා බලන්න.ඒ මොකද දන්නවාද.? ඇඟිලි තුඩු වල colour එක lips වල colour එකට සමාන නිසා.
- ඒ වගේම හොඳ එළියක් තියෙන තැනක ඉදන් තමයි colour එක select කරගන්න ඕනේ
- අනිත් කාරණාව තමයි තව colours select කරගන්න කලින් ඔයා කලින් ආලේප කල වර්ණය clean කරගන්න.නැත්නම් colour mix වෙලා හරියටම හරි colour එකක් select කරගන්න බැරි වෙනවා
02) නිතර use කරන lipstick එක select කරගන්න

සාමාන්‍යයෙන් නිතරම use කරන්න lipstick එකක් ළඟ තියාගෙන ඉන්න ඕනේ.හැබැයි ඒක ඔයාගේ skin එකට match වෙන එකක් නම් තමයි ගොඩක් හොඳ.ආ… ඊට කලින් මම කියලා දෙන්නම් කොහොමද මේ colours select කරගන්නේ කියලා.ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ Natural lip colour එක ළඟින්ම යන colour එක යටි තොලේ විතරක් ගාලා උඩු තොල එක්ක Compare කරන එක.එතකොට select කර ගත්ත colour එක ඔයාගේ lips එක්ක match වෙනවද කියලා හොයාගන්න එක easy.
03) Lips පොඩියටද නැත්නම් ටිකක් ලොකුවටද හොඳ

අපිට තියෙන අවස්ථා අනුව අපි ready වෙන්නේ එක එක විදිහටනේ.ඒ වගේම lips වුණත් අපිට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ විදිහට නැතුව ටිකක් වෙනස වුණා නම් හොඳයි.එහෙමත් නැත්නම් ටිකක් පොඩි වුණා නම් හොඳයි කියලා. ඒක හරියටම කරන්න නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. Lips වල පෙනුම ටිකක් සිහින් කර පෙන්වන්න නම් Dark colour lipstick එකක් use කරන්න.ඒ වගේම පිරුණු ස්වභාවයක් ගන්න නම් Light colour lipstick එකක් use කරන්න පුළුවන්. Matte නිමාවක් සහිත lipstick එකකින්ද lips වලට සිහින් පෙනුමක් ලබා දෙනවා,ඒ වගේම gloss colors වලින් lips වලට පිරුණු පෙනුමක් ලබා ගන්න පුළුවන්.
04) මුලින්ම clean කරගන්න

මුලින්ම ඔයාගේ Lips clean කරගන්න ඕනේ.lip balm හරි Moisturizer Cream හරි lips වල ගාලා දත් මඳින brush එකෙන් lips මැදගන්න.ඒකෙන් ඔයාගේ lips වල තියෙන මැරුණු සම ඉවත් කරනවා
05) Lip balm වලින් මොකද වෙන්නේ

සාමාන්‍යයෙන් අපේ lips වල තියෙන moist ගතිය දිඟටම පවත්වා ගණන් සහ lipstick එකට හොඳ base එකක් විදිහට lip balm ක්‍රියා කරනවා.ඒ නිසා lipstick ගාන්න කලින් lip balm ආලේප කරනවා නම් තමයි හොඳ
06) Lip liner

Lipstick ආලේප කරන්න කලින් ඔයාගේ lipstick එකේ colour එකට සමාන Lip liner එකක් එකකින් lips වටේ අඳින්න.ඔයාට තියෙන්නේ ටිකක් මහත lips නම් මදක් තොල් ඇතුළතට වෙන විදිහට Lip liner එක ඇඳීමෙන් සිහින් දෙතොලක් ලබා ගන්න පුළුවන්,ඒ වගේම ඔයාට තියෙන්නේ සිහින් lips නම් මදක් දෙතොලින් පිටතට වෙන්න Liner එක ඇඳ පිරුණු දෙතොලක් ලබාගන්න පුළුවන්.
07) ඊළඟට powder

දිගු වේලාවක් Lipstick තියාගන්න තියෙන හොඳම උපක්‍රමයක් තමයි Lipstick ආලේප කරලා ඒ මත තුනී Powder layer ආලේප කිරීම කිරීම.ඊට පස්සේ අයෙමත් Lipstick ආලේප කරන්න.
08) මේක නම වැරදි වැඩක්

සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ ඇඳුමේ පාටට ගැලපෙන lipstick එකක් use කරන්න.හැබැයි ඒක නම කරන්න යන්න එපා.මොකද එකෙන් වෙන්නේ ඔයාගේ තියෙන සුන්දරත්වය නැති වෙන එක.අනිත් එක ඔයා බලාපොරොත්තු වෙන සුන්දරත්වය නැතිවෙලා යනවා.ඒ නිසා ඔයාගේ skin එකට ගැලපෙන lipstick එකක් තෝරා ගන්න
දැන් ඉතින් වෙනදා වගේ lipstick අරගෙන ඇවිත් ගෙදර ආවට පස්සේ එක කැතයි කියන්න ලෑස්ති වෙන්න එපා.මොකද මම අද ඔයාට කියලා දුන්නා කොහොමද හරියටම ගැලපෙන lipstick එක select කරගන්නේ කියලා.අනිත් එක අපි හැමෝම බලන්නේ අපේ තියෙන ලස්සන තවත් වැඩි කරගන්නනේ,ඒ නිසා පරිස්සමෙන් lipstick use කරන්න



