සව් කියන්නෙ ඉඳලා හිටලා ගන්න ආහාරයක්. සාමන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයා කරන්නේ සව් වලින් කැඳ හදන එකනේ. හැබැයි අද මේ කියන්න හදන්නේ සව් වලින් හදන්න පුළුවන් වෙනස්ම කෑම වර්ග 3ක් ගැනයි.
සව්බොර
අවශ්‍ය ද්‍රව්‍ය
- සව්100g ක්
- ගාගත් පොල් කෝප්ප 1ක්
- බිස්කට් කුඩු 100g
- සීනි 100g
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- වැනිලා ස්වල්පයක්
සාදාගන්න ආකාරය
- සව්, පොල්, සීනි, බිස්කට් කුඩු එකට කලවම් කරගන්න.
- එයට රස අනුව ලුණු හා වැනිලා දාගන්න.
- වතුර ටිකක් දාලා මිශ්‍රණයක් ලෙස අනාගන්න.
- පසුව තුනී කරලා, කැමති හැඩයකට කපලා සෙල්සියස් 150°ට විනාඩි 40ක් බේක් කරගන්න
සව් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- සව් 100g
- රුලං 100g
- පොල්කිරි කෝප්ප 2ක්
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු
- කලරින් සාදාගන්න ආකාරය
- කිරි ටික ලිපේ තියලා රත් කරගන්න
- පසුව ඊට සව් සහ රුලං ටිකත් එකතු කරගන්න.
- ලුණු රස අනුව දාලා කැමති පාටකින් කලරින් දාගන්න.
- දැන් කිරි එක කැටි ගැහෙන්න නොදී හැඳිගාගන්න.
- කිරි මදි වගේ නම් තව එකතු කරන්න.
- ඉන්පසුව හොඳට උකුවෙලා නටනකොට ලිපෙන් බාලා නිවෙන්න තියන්න
- දැන් බටර් ගාගත් බෝල් එකකට දාලා set කරගන්න.
සව් වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න දාගත් සව් කෝප්ප 1ක්
- තම්බාගත් අල ගෙඩි 4ක්
- බැදගත් රටකජු ස්වල්පයක්
- තලාගත් ඉඟුරු ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 1ක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- ලුණු
- ලෙමන් බෑයක යුෂ
සාදාගන්න ආකාරය
- සව් ටික සෝදලා වතුර පෙරලා ඒකට පොඩි කරපු අල ටික දාගන්න.
- රටකජු හා චොප්කරගත් සියල්ලද එකතු කරන්න.
- රස අනුව ලුණු හා දෙහි යුෂ දාගන්න.
- දැන් ද්‍රව්‍ය සියල්ලත් කලවම් කරලා අනාගෙන පොඩි බෝල හදාගන්න.
- ඒ බෝල පොඩ්ඩක් පැතලි හැඩයට ගැඹුරු තෙලේ බැදගන්න.
හැමදාම කැඳ බිබී ඉන්නේ නැතුව මේ වගේ වෙනස් විදිහේ කෑම ටිකක් හදලා බලන්න. Party එකකට සහ නෑදෑ ගෙදරකට හෝ මිතුරෙකු බලන්න යද්දී වුණත් ඔයාට හදන් යන්න පුළුවන්. බබාලට වුණත් නිතරම වගේ හදලා දුන්නට අගුණයක් නැහැ.



