Like
Like Love Haha Wow Sad Angry

වර්තමානයේ බොහෝ අයට උදෑසන අවධි වීම කියන්නේ මරනවා වගේ දෙයක් .එයට හේතු වන්නේ වැඩ අධික වීම හේතුවෙන් නිදි වැරිමයි.සමහර අයට කොච්චර නිදා ගත්තත් උදේට නැගිටින්න අමාරුයි.මේ කියන්නේ එහෙම කම්මැළි නැතිව ප්‍රබෝධමත්ව අවධි වෙන්නටත් දවසේ වැඩ කටයුතු කරන්නත් හැකියාව ලබා දෙන උපදෙස් කිහිපයක් 

– දවසට පැය 7 – 8ක්වත් නිදා ගැනීම සිදු කරන්න.නිදා ගන්න පැය භාගයකට කලින්වත් හෙට දවසේ වැඩ කටයුතු ප්ලෑන් ක‍රන්න.ඒ වගේම දිනපතා එකම වේලාවකට නිදා ගන්න.එයින් ඔබගේ සිරුර නිරෝගී වෙනවා 

– පසුදා කාර්යාලයට යාමට සිටීන කාන්තාවක් නම් ඔබ හෙට දවසේ ආහාර පිසීමට සිටිනා එළවලු වර්ග කපා ශීතකරණයේ තබන්න.ඒ වගේම අදින ඇඳුම් ආධියද කළින් දවසේ සුදානම් කර තබන්න 

– නිවසේ වැඩ වගේම කාර්යාලයේ ඇති වැඩ සියල්ලම නොපිරිහෙලා ඉටු කර ගැනීමට කාල සටහනකට අනුව වැඩ කරන්න 

– රාත්‍රියට අහාර ගැනීමේදී සැහැල්ලු ආහාරයන් ගන්න.ඒ වගේම රාත්‍රී කෑම අඩුවෙන් ගන්නා තරමට සිරුරට හොඳයි.කැෆේන් අඩංගු පාන වර්ග, කෝපි, කිරි කෝපි, අධික සැර බෙහෙත් වගේ දේවල් රෑට පාවිච්චි නොකර ඉන්නවනම් වඩාත් හොඳයි.

– උදෑසන අවධි වූ විට වතුර වීදුරුවක් පානය කරන්න.

– නිදා ගැනීමට පෙර විනාඩි 10ක් පමණ කාලයක් භාවනා කිරීමට උනන්දු වන්න 
 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here