Like
Like Love Haha Wow Sad Angry
3

වර්තමානයේ බොහෝ යුවතියන් මේකප් කිරීමට පුරුදු වෙලා ඉන්නවා.නමුත් සමහර යුවතියන් නිවසේදී මේකප් කර නැවත මේකප් කිරීම කරන්නේ නැහැ.තරුණියක් වු ඔබ සතුව නිවසින් පිටතට යාමේදී අනිවාර්යෙන්ම මේකප් බෑගයක් රැගෙන යාම කල යුතු වෙනවා.එහිදී අනිවාර්යෙන්ම තබා ගත යුතු ආලේපයන් පහත දැක්වෙනවා.

01) ක්ලේන්සර්, ටෝනර්, මොයිස්චරයිසර් 

මුහුණ හොඳින් පිරිසිඳු කරගන්න ක්ලේන්සර් එකක් අවශ්‍ය වෙනවා.ටෝනර් එකෙන් කරන්නේ ක්ලේන්සර් එකෙන් ඇරපු රෝම කූප නැවත වැසීම සිදු කරන අතර එමගින් දූවිලි , කුණු සහ රසායන ද්‍රව්‍ය සම ඇතුලට ගමන් කරන එක නවතිනවා.මොයිස්චරයිසර් මඟින් කෙරෙන්නේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමයි.  

02) ෆවුන්ඩේෂන්

මුහුණේ සම එකම පැහැයකට ගෙන එන්නට ෆවුන්ඩේෂන් පාවිච්චි කරනවා. මෙය පවුඩර් , ක්‍රීම් හෝ දියරයක් වශයෙනුත් මිලදී ගත ගන්නට පුළුවන්. ඊට අමතරව මුහුණේ කැළැල් වසන්නට කොන්සීලර් එකක් පාවිච්චි කල හැකියි.  

3) බ්ලෂ්

කම්මුල දෙපස වඩාත් සජීවී රතට හුරු පැහැයක් ගෙන එනවා. මෙය මුහුණේ හැඩය අනුව ආලේප කළ යුතුයි.

4) අයිබ්රෝව් පැන්සල

ඇහි බෑමේ සම්පූර්ණ නැති කොටස් සම්පූර්ණ ලෙස ඇඳ ගැනීමට මෙම පැන්සල ඉවහල් වෙනවා.

5) අයි ලයිනර් එක

අයි ලයිනර් එක කියන්නේ ඇහැ වටේ වඩා පැහැදිලිව රේඛාව ඇඳ ගන්න පාවිච්චි කරන දියර හෝ වියලි වර්ණකයක්.  

6) අයි ෂඩෝ එක.

අවස්ථාවට සහ ඇඳුමට අනුව සැරසිය හැකි වර්ණ විශේෂයකි. ඇසේ අලංකාරය ඔප් නගන්න මෙයට පුළුවන්.

7) මස්කාරා

ඇසිපිය ලොකු කරගෙන ඇසට වඩා සුන්දර පෙනුමක් දෙන්න භාවිතා කරනවා.

8) ලිප්ස්ටික්

තොල් ආලේපන නොයෙක් වර්ණ වලින් ලබා ගත හැකි අතර තොල් වඩා පැහැදිලිව ඇඳ ගැනීම සඳහා පැන්සල් පාවිච්චි කරන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here