Like
Like Love Haha Wow Sad Angry

Girlsලගේ පෙනුම ලස්සන කරන එක අංගයක් තමයි හිසකෙස්. හැබැයි ඒ නිරෝගී හිසකෙස් වෙන්න ඕන. ඒ නිසාම කෙස් කලඹ සම්බන්ධ ගැටළු වලට මේ දවස්වල ගොඩක් දෙනෙක් පිළිතුරු හොයනවා. සමහර Girlsලගේ නොදැනුවත් බව නිසා හෝ නොසැලකිල්ල නිසාත් තමන්ගේ හිසකෙස් damage කරගන්නවා.

ඒ නිසා ඔයා ඔයාගේ කෙස් කළඹට නිවැරදිව සත්කාර කරන්නේ කොහොමද? එය රැක ගන්නේ කොහොමද? කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම කෙස් ගසට සාත්තු කිරීමේදී හිස් කබලේ මතුපිට ස්වභාව ගැනත් ඔයා වැඩිපුර සැලකිල්ලක් දැක්විය යුතුයි. සමහර Girlsලා ඉන්නවා හිස සේදීමට සේදුම්කාරක භාවිත කරන්නේ කිසිඳු සොයා බැලීමකින් තොරවයි. සබන් ගා හිස සේදීම නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. මොකද සබන් වල කෝස්ටික් සෝඩා වැනි ඉහළ ප්‍රතිශතයකින් යුතු රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි සබන් නිපදවන්නේ හිස සේදීමට පමණක් නෙවෙයි. ඒ නිසා සබන් ආලේප කිරීමෙන් හිසකෙස්වල කැබලි ලෙස තැම්පත් වෙන්න පුළුවන්. හිසකෙස් මෙන්ම හිස්කබලට පවා හානි වීමේ හැකියාව තියෙනවා.

ඔයා Shampoo ගල්වන්නේ ඇයි?

Shampoo කියන්නේ හිසකෙස් සේදීමට පමණක් යොදාගන්න නිෂ්පාදනයක්. ඒකේ මුලිකම අරමුණ වන්නේ හිසකෙස් පිරිසිදු කිරීම. හැබැයි සමහරු කියන දෙයක් තමයි Shampoo වලින් හිස සේදීමේදී විවිධ ආසාත්මිකතා ඇති වීම සහ හිසකෙස් දුර්වල වන බව. එහෙම වෙන්නේ, ඔයා ප්රමිතියෙන් තොර අධික රසායනික ද්‍රව්‍ය අඩංගු Shampoo භාවිතා කිරීම නිසයි. ඒ වගේම Shampoo සමඟ conditioner භාවිතා නොකිරීමත් ඊට හේතු වෙන්න පුළුවන්. ඒ හින්දා ඖෂධීය ශාකසාර වලින් සහ නියමිත ප්‍රමිතියකින් යුත් Shampoo සහ conditioner භාවිතයට හුරු වෙන්න.

විශේෂයෙන්ම වදමල්, නෙල්ලි, කෝමාරිකා සහ සැවන්දරා අඩංගු Shampoo එකක් තෝරා ගන්න.එමඟින් ඔයාගේ හිසකෙස් වර්ධනය වේගවත් කර, හිස්සොරි නැති, ශක්තිමත් දිගු කෙස් කළඹක් ලබාදෙයි.

ඒ වගේම වදමල්,මෙහෙඳි, කෝමාරිකා,සැවන්දරා සහ වැල්මී අඩංගු conditioner එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. මොකද එම ස්වභාවික ශාක සාර මඟින් හිසකෙස් මුල සිටම පෝෂණය කර සිසිනිඳු කෙස් කළඹක් ඔයාට හිමි කර දෙනවා.
හිස්කබලේ ඇති වන හිස්හොරි, දද ආදී ආසාදන තත්වයන්ගෙන් සහ හිසකෙස් ගැලවී යාම, damage වීම ආදී ගැටළු රැසකට මෙම Shampoo සහ conditioner මඟින් සහනය ලබාදෙනවා. ඖෂධීය ශාක රැසක් අඩංගු නිසා හිසට හෝ කෙස් වලට හිරු එළියෙන්, දුහුවිල්ලෙන් පවා සිදු වන හානියත් අවම කරගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here