Like
Like Love Haha Wow Sad Angry

අල බොන්ඩා කියන්නේ ගොඩාක් අය කන්න කැමති කෑමක්.vegetarian අය අතර ගොඩක් ජනප්‍රිය කෑමක් තමයි අල බොන්ඩා.ඔයත් කැමති ඇතිනේ අපි මේ රසට කන අල බොන්ඩා ගෙදරදීම හදාගන්න.ඒකට යන්නේ පොඩි වෙලාවක් විතරයි.ඔන්න අද ඉදන් ඔයාට ඔයාගේ තේ මේසෙට,යාළුවන්ට දෙන්න අල බොන්ඩා ලේසියෙන්ම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් අල 400g
  • ලොකු ලූනු ගෙඩි 01
  • අමුමිරිස් කරල් 03
  • කරපිංචා
  • ගම්මිරිස් කුඩු තේ හැදි 01
  • කහ කුඩු තේ හැදි 1/2
  • අඹරාගත් සුදු ලූනු බික් 02ක්
  • අඹරාගත් ඉඟුරු තේ හැදි 1/2
  • ලුණු
  • දෙහි යුෂ තේ හැදි 01

පිටි මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල පිටි කෝප්ප 01
  • ලුණු තේ හැදි 1/2
  • මිරිස් කුඩු තේ හැදි 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
  • බේකින් සෝඩා තේ හැදි 1/4

කොහොමද හදන්නේ?

  • මුලින්ම තම්බාගත්ත අල ටික කෑලි තියන විදියට පොඩි කරගන්න.
  • ඊළඟට භාජනයකට තෙල් මේස හැදි දෙකක් දාල තෙල් රත් වෙනකොට ඉගුරු,සුදු ළූනු ,ළූනු ,අමු මිරිස්, කරපිංචා එකතු කරලා තෙම්පරාදු කර ගන්න.
  • ඒවා තෙම්පරාදු වෙන අතරේ කහ කුඩු,ගම්මිරිස් කුඩු එකතු කරලා මිශ්‍රණය තෙම්පරාදු වුණාට පස්සේ හදාගත්ත අල එකතු කරගන්න.
  • මිශ්‍රණයට අවශ්‍ය ගානට ලුණු දාලා විනාඩි 5 – 6 ක් අල මිශ්රණය තෙම්පරාදු වුණාට පස්සේ ලිපෙන් අරගෙන දෙහි යුෂ එකතු කරන්න.
  • අල මිශ්‍රණයෙන් ඔයාට කැමති ප්‍රමාණයේ අල බෝල හදාගන්න ඔයාට පුළුවන්.
  • දැන් පිටි මිශ්‍රණය හදාගන්න ගත්ත ingredients ටික අරගෙන කඩල පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, බේකින් සෝඩා ඒකට mix කරලා ඒ මිශ්‍රණයට වතුර ටික ටික එකතු කරගන්න ගමන් පිටි කැටි වෙන්නැති විදියට උකු පිටි මිශ්‍රණයක් හදා ගන්න.
  • ඔයා හදාගත්ත අල බෝල පිටි මිශ්‍රණයේ තවරලා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකන්ම බැද ගන්න.

දැන් බලන්නකෝ රස.හරි ඉක්මනින් රසම රස කෑමක් ගෙදරදීම ඔයා හදාගත්තා.වැඩි ගානක් ගියෙත් නැහැ.ඔයාට පුළුවන් මේක ඔයාගේ යාලුවන්ටත් රස බලන්න දෙන්න.බලන්නකෝ එයාලගේ comments කොහොමද කියලා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here