Like
Like Love Haha Wow Sad Angry
3

Wedding එක කියන්නේ ඔයාගේ ජිවිත වැදගත්ම දවසක්.ඉතින් මේ දවස ලස්සන කරගන්න නොකරන දෙයකුත් නැහැ.මංගල දිනයේ සැරසිලි සහ අනෙක් දේවල් වගේම cake එක කියන්නෙත් ප්රධාන තැනක් ගන්න දෙයක්.සමහර අවස්ථා වලදී cake එක නිර්මාණය කරන්නේ wedding එකේ theam එක අනුව.එහෙමත් නැත්නම් brideගේ saree එකේ color එක අනුව.ඉතින් ඔයාගේ wedding එකේ ලස්සන තවත් වැඩි කරගන්න පුළුවන් cake එකක් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්.

01) ගැලපෙන ආකෘතිය

Cake ආකෘතියක් නිර්මාණය කරන්න කළින් ඔයාගේ තියෙන අදහස ගොඩක් වැදගත් වෙනවා.මොකද නැත්නම් cake එක නිර්මාණය කරන කෙනාට ඔයාට ඕනී මොන විදිහේ ආකෘතියක්ද කියලා දැනගන්න විදිහක් නැති වෙනවා.එහෙම වුණොත් වෙන්නේ ඔයාට අවශ්‍ය විදිහට cake එක නිර්මාණය කරගන්න බැරි වෙන එක.

තව දෙයක් තියෙනවා ඔයාට cake structure එකක් තනියම හදාගන්න බැරි නම් හරි design කරන්න හරි බැරි නම් wedding සම්බන්ධයෙන් තියෙන ප්‍රදර්ශනය සහ social media උදව් කරගන්නත් පුළුවන්

02) කව්ද cake එක හදන්නේ

මේක නම ගොඩක් දුරට හොයලා බලන්නම ඕනී දෙයක්,මොකද හදන්නන් වාලේ cake එක හදාගෙන වැඩක් නැහැනේ.ඒ නිසා ඔයා කරන්න ඕනී මීට කළින් නිර්මාණ ශිල්පියා කරලා තියෙන නිර්මාන ගැන හොයලා බලන්න.ඒ වගේම ඔයාට පුළුවන් face book ,Instagram වගේ social media වලින් හොඳ cake නිර්මාණ ශිල්පියෙක් හොයා ගන්න.

නිර්මාණ ශිල්පියා select කර ගත්තට පස්සේ ඔයාගේ saree එකේ වර්ණ සහ ඔයා කැමති කේක් නිර්මාණ ශිල්පියාට ලබා ගන්න.ඔයාගේ අවශ්‍යතාවත් ගොඩක් හොඳින් ඉටුකර ගන්න මේක පහසුවක් වෙනවා.ඒ නිසා wedding එකට මාස 03කට කලින් කේක් නිර්මාණ ශිල්පියා හමු වෙන්න ඕනී.

03) ප්‍රමාණය සහ තේමාව

ඉස්සර වගේ නෙමෙයි දැන් අනිවාර්යෙන් wedding එකට Theme එකක් තියෙනවා.මේ Theme එකට සහ bridesmaids dresses වල Colours match කරලා තමයි cake එක නිර්මණය කරන්නේ.ඒ විතරක් නෙමෙයි සැරසිලි, light හැමදේම match වෙන විදිහට තමයි කරන්නේ.

ඒ වගේම cake එක ප්‍රමාණය සහ හැඩය ගැනත් හොඳට හිතන්න ඕනී.ඒ කොහොමද දන්නවාද.ඔයා cake එක තියන්න තෝරාගන්න ඉඩ ප්‍රමාණය අනුව,විශාල පෙනුමක් තියෙන මංගල ශාලාවකට ප්‍රමාණයක් උස කේක් නිර්මාණයක් තමයි ගැලපෙන්නේ.කුඩා ඉඩ ප්‍රමාණයක් තියෙන තැනක් නම් ඔයාට විශාල cake එකක් ගැලපෙන්නේ නැහැ.

ඉතින් මේ විදිහට ඔයාගේ wedding cake එක නිර්මාණය කර ගන්න පුළුවන්.ඒ වගේම ඕනීම දෙයක් කරන්න කලින් හොඳ plan එකක් ඕනී වගේම cake එකක් නිර්මාණය කරන්න කලිනුත් හොඳට හිතන්නම ඕනී.මොකද cake එක කියන්නේ අවසාන මොහොතේ නිර්මාණය කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා.

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here