Like
Like Love Haha Wow Sad Angry
3

ඔයා ඇඳල, පැළඳලා, යනවා වගේම Lipstick ගාල යන්නත් කැමතියිනේ.හැබැයි මේ තොල්වල ලිප්ස්ටික් ගානවා කියන එක ලස්සනට වගේම සීරු මාරුවට කරන්න ඕන වැඩක්.නැත්නම් මූණට වඩා ඔයාගේ තොල් ලොකුවට පෙන්න ඉඩ තියනවා , Lipstick තොල් පුරා යෑම,හරි හැටි ආලේප නොවීම නිසා නිකන් ලස්සනට ඉන්න ඔයාව කැත වෙන්න ඉඩ තියනවා Lipstick හරියට ගෑවේ නැතොත් අකරතැබ්බ ගොඩකට මූණ දෙන්න ඔයාට සිද්ද වෙන්න පුළුවන්.

01) ඔයාගේ තොල් වියලිද? එහෙනම් මෙහෙම කරන්න.

  • හොදට වතුර බොන්න
  • උෂ්ණ ආහාර ගන්න එක අඩු කරන්න
  • පලතුරු ,පලා වර්ග නිතරම කන්න
  • lip Balm එකක් භාවිතා කරන්න
  • නින්දට යාමට පෙර දෙතොල් වල moisturizer cream එකක් ආලේප කරන්න
  • හිරු එළියෙන් ආරක්ෂා වන්න
  • ඔයාගේ වැරැදී පුරුදු අත් අරින්න

01) තොල් ආලේපන නිතර ගාන්න එපා

lipstick නිතරම use කරන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.office යනකොටත් ඔයා හැමදාම lipstick ගානවා,ගෙදරින් එලියට ගියත් lipstick ගානවා.ඒත් ඒකෙන් වෙන්නේ තොල් වල තියෙන ලස්සන පෙනුම නැති වෙන එක.ඒ නිසා ඔයා lipstick use කරනකොට විශේෂ අවස්ථාවක් හරි,එහෙමත් නැත්නම් party එකක් හරි වගේ දෙයක් තියෙනකොට විතරක් lipstick use කරන්න.

02) ගැල්වූ තොල් ආලේපන ඉවත් නොකිරීම

ගොඩක් වෙලාවට ඔයාට lipstick ඉවත් කරන්න අමතක වෙනවා.සමහර වෙලාවට නිවසින් පිට වෙන්න කලින් ගැලවූ lipstick නිවසට පැමිණි පසුත් ඉවත් කරන්න අමතක වෙන time ඕනී තරම් තියෙනවා.මටත් සමහර වෙලාවට අමතක වෙනවා.ඒක නම් හොඳ වැඩක් නෙමෙයි.අද ඉදන් මතක ඇතුව lipstick ඉවත් කරන්න අමතක කරන්න එපා.

03) තොල් ආලේපන ඉවත් කරන්න ගොරෝසු රෙදි ගන්න එපා

ගොරෝසු රෙදි වලින් තොල් ආලේපන ඉවත් කිරීම නිසා තොල් damage වෙනවා.ඒ වගේම අවලස්සන වෙනවා.මේ නිසා තොල් ආලේපන ඉවත් කිරීම සඳහා tissue paper එකක් use කරනවානම් ආරක්ෂාකාරී.

04) ක්ලෝරීන් වතුර භාවිතා කරන්න එපා.

ක්ලෝරීන් කියන්නේ පිරිසිඳුකාරකයක්.ඔයාගේ lips වලටත් හානි කරනවා.ඒ වගේම නිතරම සිරුරට ක්ලෝරීන් ලැබෙනවා කියන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.ඇයි දන්නවද මම එහෙම කිව්වේ cl කියන්නේ chemical එකක් නිසා.ඔයාට නල ජලය හරි ලිං වතුර හරි ගන්න හැකියාවක් තියෙනවා නම්, cl වතුර පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරන්න.

05) දෙතොල් වල කළු පැහැය ඉවත් කරන ක්‍රම

  • දෙතොල් scrub කරන්න – වෙළඳපොලේ ඇති ස්ක්රබ් භාවිතා කරනවාට වඩා හොදයි ඔයා ගෙදරදීම සාදා ගන්නා scrub එකක් භාවිතා කරන එක.
  • මේ සඳහා සීනි ස්වල්පයක් ,ඔලිව් හෝ ආමන්ඩ් තෙල් බිඳු කීපයක් අරගෙන මිශ්‍ර කරලා දෙතොල් scrub කරන්න .
  • පිපිඤ්ඤා සත්කාරය – පිපිඤ්ඤා යුෂ ගල්වා විනාඩි 20කට පමණ පසු හෝදන්න.
  • කෝමාරිකා සත්කාරය – කෝමාරිකා පිත්තේ මැද ඇති කොටස සූරාගෙන ,දෙහි බිඳුවක් දාලා දෙතොලේ ආලේප කරන්න.විනාඩි 15කට පමණ පසු සෝදාගන්න.
  • විටමින් E සත්කාරය – රාත්‍රී නින්දට කලින් විටමින් E තෙල් දෙතොලේ ආලේප කරන්න.පසු දින් උදෑසන සෝදනන අමතක කරන්න එපා.
  • මී පැණි සත්කාරය – මී පැණි රත් කර, නිවුණට පස්සේ තොල් වල ආලේප කරන්න. විනාඩි 15කට පසු සෝදන්න .

06) Lipstick වලින් දෙතොල් ආරක්ෂා කරගන්න

මැරුණ සම ඉවත් කිරීම

පොඩි දත්බුරුසුවක් අරගෙන දෙතොල් මත හෙමීට එහා මෙහා කිරීමෙන් දෙතොලේ මැරුණ සම ඉවත් කරගැනීම කරන්න පුළුවන්. එතකොට දෙතොල් සිනිඳු වන නිසා ලිප්ස්ටික් ගැලවීම ඔයාට ලේසියි

තෙතමනය ලබා දීම

lips ආරක්ෂා කර ගන්න නම් අනිවාර්යයෙන් තෙතමනය අවශ්‍ය වෙනවා.ඒකට ඔයාට lip balm එකක් ගැල්වීම කරන්න පුළුවන්.එතකොට තොල් වල ඉරිතැලුණ තැන් මැකිලා දෙතොල සුමුදු වෙනවා.

lips ගැන ඔයාට ගොඩක් ප්‍රශ්න තියෙනවා.මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න කියලා නානාප්‍රකාර ජාති ගාලා බලන්නත් ඇති.ඒත් තත්වයෙන් අඩු product වර්ග use කරලා, තිබුනටත් වඩා තොල් කළු වෙලා ,damage වෙලා තවත් විට හානි වෙලා තියෙන්නේ පුළුවන්.ඉතින් ඔයාට පුළුවන් මම මේ කියපු tips ටිකෙන් ආකර්ශනීය තොල් සඟලක් ලබා ගන්න try කරලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here