Like
Like Love Haha Wow Sad Angry

ඔයා ආදර කතාවක් පටන් ගන්නේ හැමදාටම සතුටින් ජීවත් වෙන්න. හැබැයි ඔයාගේ සහ boyfriendගේ රාජකාරි එකිනෙකට වෙනස්. ඒත් සමහර වෙලාවට ඔයා ඒ දෙක පටලවා ගන්නවා. අවසානයේ ඉතින් ආදරයත් සමඟ විඳින ඒ සතුට පවා ඔයා අහිමි කරගන්නවා. මොකද ඔයා ඒ ආදරේට ඕනවටත් වඩා ලෝභකම් කරනවා, පරිස්සම් කරනවා. ඒත් ඔයා කරන සමහර වැරදි වලින් ආදරේ පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් boyfriend සමඟ ගණුදෙනු කරද්දී කවදාවත් මේ දේවල් කරන්න එපා.

ඔහුගේ ප්‍රශ්න වලට ඔයා විසඳුම් හොයන්න යන්න එපා

ඔයාගේ ලොකුම රාජකාරිය වෙන්න ඕන boyfriendගේ ප්‍රශ්න වලදී ඔහුට ශක්තියක් වෙන එක. එහෙමයි කියලා ඒ ප්‍රශ්න වලට ඔයා ඇඟිලි ගහලා නැති ප්‍රශ්න ඇති කරන්න එපා. හැබැයි ඒ ප්‍රශ්න වලට පිළිතුරක් විදිහට ඔයාට දැනෙන අදහස් කිව්වට නම් කමක් නැහැ. boyfriendගේ ප්‍රශ්න , ගැටළු තනිවම ඔහුට ඕන විදිහට විසඳගන්න ඉඩ දෙන්න. මොකද boyfriendගේ ගැටළු වලට ඔයා මැදිහත් වෙද්දී ඔහු තුළ හීනමානයක් ඇති වෙනවා. ඒකනේ සමහර boyfriendsලා ඒ වගේ අවස්ථා වලදී නොරිස්සුම් සහගත වෙන්නේ.

Boyfriendට මිල අධික gift ලබා දීම

ආදරේ වැඩිකමට ඔයා boyfriendට මිල අධික gift ලබා දෙනවා. ඒත් boyfriendට එතරම් මිල අධික gift ඔයාට ලබා දෙන්න හැකියාවක් නැතුව ඔහු අසරණ වන අවස්ථා තිබෙනවා. ඒ හින්දා ඔහුට ඔහු ගැන සහ ප්‍රේම සබඳතාවය ගැන කලකිරීමක් ඇති වෙන්නත් පුළුවන්. මේ නිසා ඔයාලා දෙදෙනා අතර හුවමාරු වෙන්න් ඕන සමාන වටිනාකම් සහිත gift. ඒ විතරක් නෙවෙයි ඔහු කැමති මොනවටද? මොන විදිහේ gift වලට ද? සහ ඔහුගේ අදහස්, හැඟීම් ගැන ඔයා හොඳින් අවබෝධ කරගෙන සිටිය යුතුයි. නැත්නම් ඔයාලා දෙන්නට හැමදාමත් සතුටින් ඉන්න බැරි වේවි.

අනුකම්පා කිරීම

ඔහුගේ ප්‍රශ්න වලදී, දුකේදී ඔයා ඔහුට අනුකම්පා කරන බව පෙන්වන්න යන්න එපා. Boyfriend ඔයාට අනුකම්පා කරනවට ඔයා කැමති වුණාට, boyfriendsලා එහෙම නැහැ. ඔයා ඔහුට අනුකම්පා කරන බව දැනෙද්දී ඔහුට දැනෙන්නේ මදි පුංචි කමක්. ඔයා බුද්ධිමත් නම් කිසිම වෙලාවක boyfriendට අනුකම්පා කරන්න යන්න එපා. ඔහුව වචනයෙන් සහ ක්රියාවෙන් ධෛර්යමත් කරන්න. ඔහුට අනුබල දෙන්න.

Boyfriendව පාලනය කරනවද?

ගොඩක් අය කරන්නේ boyfriendට කළ යුතු දේවල් ගැන කියමින් නිතර නිතර ඔහුට බලපෑම් කරන එක. එය අද කාලේ දකින්න ලැබෙන ගැටළුකාරී තත්වයක්. සමහර විට ඔයා කියන දේ වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්. හැබැයි boysලා කැමති නැහැ girlfriend ඔවුන්ට සෘජුව බලපෑම් එල්ල කරනවාට. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ අදහස් උපක්‍රමශීලි විදිහට ඔහුට පවසන්න. හැමවෙලේම boyfriendගේ ඇඟේ එල්ලී එල්ලී වාතයක් වෙන්නේ නැතුව ඔහුගේ වැරැද්දක් වුණත් උපායශීලිව නිවැරදි කරන්න ඔයාට තැනට සුදුසු නුවණ තියෙන්නම ඕන.

හැමවෙලේම boyfriendගේ කරේ එල්ලීගෙන පුංචිම දේවල් වලටත් කරදර නොකර ඔහුගේ සාර්ථකත්වයට මඟ පෙන්වන්න. ඔයා ඔහුට සාර්ථක girlfriend කෙනෙක්, එහෙමත් නැත්නම් සැමියා පසුපස ඉන්න සාර්ථක බිරිඳක් වෙන්න උත්සහ කරන්න. එතකොට ඔයාලා දෙන්නගේ ආදරේ ජීවිත කාලයටම පරිස්සම් කරගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here