Like
Like Love Haha Wow Sad Angry
11

Wedding එක තියෙන්නේ කට උඩද.තාම හිතුවේ නැහැ නේද මොන වගේ Saree එකක්ද ගන්නේ කියලා.ඔයා තාම හිත හිත ඉන්න එක නම් හොඳ වැඩක් නෙමෙයි.මොකද wedding එක කියන්නේ ඔයාගේ දවස,.ඔයා තමයි එදාට එතැන් ඉන්න ලස්සනම කෙනා.හැමෝම බලන්නේ ඔයා දිහා.ඒ නිසා ඔයා එදාට අඳින Saree එක අනිත් අය අඳින ඒවාට වඩා විශේෂ එකක්.අනිත් එක ආවාට ගියාට මංගල ඇඳුම තෝරාගන්න බැහැ.ඉතින් මම ඔයාට උදව් කරන්නම් Wedding dress එක Select කර ගන්නකොට හිතන්න ඕනි කියලා.

01) අතේ තියෙන විදිහට මුලින්ම බලමු

අපි ඕනිම දෙයක් ගන්න කලින් හොඳටම හිතන දෙයක් තමයි ඒ ගන්න දේ price එක කොහොමද කියන එක.ඉතින් Wedding dress එක ගන්නකොටත් ඒ ගැන හිතන්න ඕනී.price එකෙන් වැඩිම Wedding dress එකක් ගන්න ඕනී නැහැ.ඔයාගේ අතේ තියෙන ගාණට වටිනාකමක් තියෙන dress එකක් ගන්න එක තමයි ගොඩක් හොඳ.Wedding dress විවිධ මිල ගණන් යටතේ විවිධ වර්ග වලින් තියෙන නිසා ඔයාගේ කැමැත්තට අනුව ඔයාට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයක් ගැලපෙන මංගල සාරියක් තෝරාගන්න

02) Body Shape එකත් වැදගත්

Wedding එකට saree එකක් ගන්නකොට ඔයාගේ body shape එක මොකක්ද සහ මොන වගේ සිරුරක්ද තියෙන්නේ කියලා හිතන එක ගොඩක්ම වැදගත්.සාමන්‍යයෙන් ඔයා මහත කෙනෙක් නම් ඔයාගේ සිරුර තවත් පළල කර පෙන්වන සාරියක් නම් ගැලපෙන්නේ නම් නැහැ.ඔයාට හොඳටම ඇඟටම ඇලී තියෙන කඩා හැලෙන saree එකක් තමයි match වෙන්නේ.ක්රේප්, සිල්ක් සාරි හෝ ළගින් ළඟින් මෝස්තර වැටිලා තියෙන ලේස් සාරි වුණත් මහත කෙනෙක්ට ලස්සන පෙනුමක් ගේනවා.හැබැයි ඔයා කෙට්ටු කෙනෙක් නම් ඔයාව ටිකක් මහත් කරලා පෙන්වන සාරියක් තමයි ගැලපෙන්නේ. පල්ලුවේ බෝර්ඩරය, උකුලේ පළල පෙනෙන ආකාරයට තිබුණහොත් සිරුරේ පළල වැඩිවෙලා පේනවා.පල්ලුව පටුවට පෙනෙන පොටට සහ නෙරියට කුඩා බෝඩරයක් තියෙන saree ටිකක් මහත අයට match වෙනවා.

03) උඩරටද? නැත්නම් පහතරටද ?

මේක තමයි වැදගත්ම දේ.ඔයා අඳින්නේ උඩරටද ? නැත්නම් පහතරටද ? කියන එක.ඔයා කොච්චර ලස්සන saree එකක් ගත්තත් එකෙන් ඔයාට ඕනී විදිහට අඳින්න බැරි නම් ඒක ලොකු ප්‍රශ්නයක්.ඒ නිසා කරන්න තියෙන්නේ උඩරට ක්‍රමයට අඳිනවා නම් ඔබ ඔසරියනේ අඳින්න ඕනී.ඔයාට ඔසරිය අඳින එක ආමාරුයි නම් කලින්ම ඔසරිය කඩා මසාගන්න.හැබැයි ඔයා අඳින්නේ පහතරට ක්‍රමයට නම් සාරියක් අඳින එක තමයි ක්‍රමය.saree එකක් select කර ගන්න එක නම් select කර ගණන් එක ටිකක් අමාරු වැඩක්.මොකද සමහර සාරි අඳින්න පුළුවන්නේ ඔසරිය විතරයි.ඒ නිසා සාරියක් select කර ගන්නකොට ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

04) සමේ වර්ණය මොකටද?

සාමන්‍යයෙන් පැහැපත් සමක් තියෙන කෙනෙක්ට match වෙන්නේ dark colours. ඒ වගේම පැහැපත් බවෙන් අඩු අයට ගැලපෙන්නේ ලා වර්ණයෙන් යුතු ඇඳුම්.ඒ නිසාම තමයි Wedding dress එක select කර ගන්නකොට සිරුරේ වර්ණය වැදගත් වෙන්නේ.ඉතින් saree එක කොයි තරම් ලස්සන වුනත් saree එකේ colour එක ඔයාගේ skin colour එකත් එක්ක match වෙන්නේ නැත්නම් ඔයාගේ පෙනුම ලස්සනට පෙන්නේ නැතුව යනවා.ඒ වගේම ඕනෑවට අධික වර්ණවත් saree එකකින් වෙන්නෙත් ඔයා දිහා බලන අය අපහසුතාවයට පත් වෙන එක.අන්න ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ skin colour එකට ගැලපෙන saree එකක් select කර ගන්න වග බලා ගන්න

දැන් දන්නවනේ කොහොමද ඔයාට ගැලපෙන Wedding dress එක select කර ගන්නේ කියලා.බය නැතුව ඔයාට පුළුවන් Wedding dress එක ගන්න යන්න.මම අයිමත් කියනවා ආවට ගියාට Wedding dress එක්ස් තෝරා ගණන් එපා.මම කියපු දේවල් උදව්වට අරගෙන ඒ විදිහට dress එක තෝර ගන්න.නැත්නම් Wedding එක දවසට ලස්සනටම ඉන්න ඕනී කෙනා අවලස්සන වෙලා අනිත් අයට පෙනෙයි.

Like
Like Love Haha Wow Sad Angry
11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here