Like
Like Love Haha Wow Sad Angry

යටි පතුල් පැලීම කියන්නේ ඉතින් ගොඩක් අයට තියෙන විසඳාගත නොහැකි ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නේ නම් ටිකක් විතර බැරෑරුම්.මොකද ඉතින් හරියන විසඳුමක් තාම ලැබුණේ නැති නිසා.මේ ප්‍රශ්නේ නිසා හරියට shoe දෙකක්වත් දාන්න විදිහක් නැහැ.විලුඹ පැලෙන එකට හේතු නම් ගොඩක් තියෙනවා.හේතු කොච්චර තිබුනත් මේ හැම හේතුවක්ම ඔයාටම විතරක් බලපාන්නේ නැහැ.ඒත් මේ හේතු වලින් එකක් හරි ඔයාට බලපාලා නැත්තෙත් නැහැ.ඉතින් මේ වේදනාකාරී අද්දැකීමෙන් මිදෙන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දෙන්නම්.

විලුඹ පැලෙන්න හේතූ

  • දියවැඩියාව (Diabetes)
  • තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග (Thyroid gland disease)
  • විටමින් ,ඛනිජ ලවන සහ සින්ක් ඌණතා (Vitamin, mineral and zinc deficiency)
  • අධික තරබාරුව (Obesity)
  • දිඟු වෙලාවක් එකම ඉරියව්වක් සිට වැඩ කිරීම (Working from one stretch to the other)
  • නොගැළපෙන පාවහන් පැළඳීම (Wearing mismatched shoes)

ඔයාගේ යටි පතුල් පැලෙන්න මේ දේවල් හේතු වෙන්න ඇති.ඒ වගේම ඔයා නොදන්නවා වුණාට සමහරවිට මම කියපු රෝගයන් නිසාද මේ තත්වය ඇති වෙනවා.ඒ නිසා එම රෝගයන් හඳුනා ගැනීමට ඇති blood testing කරලා ඒ ගැනත් දැනුවත් වෙන්න.නැතිනම් ටිකක් මහත කෙනෙක් නම් සිරුරේ බර අඩු කර ගන්න try කරන්න.

මෙන්න මෙහෙමයි වලක්වා ගන්නේ

  • කකුල් වල clean එක ගැන නිතරම හිතන්න
  • තෙතමනය ආරක්ෂා කර ගන්න moisturizer එකක් දිනකට දෙවරක් ආලේප කරන්න

හොඳ foot cream එකක් use කරන්න.

Cream එකක් select කර ගන්නකොට කහ සහ සල් ශාකයේ ඉටි අඩංගු cream එකක් ගන්න.ඒ දේවල් වලින් විලුඹ පැලීම ,අවපැහැ වීම වගේම දෙපා වල ඇති ලප කැළැල් නැති කිරීමේ හැකියාවක් තියෙනවා.

මීට අමතරව

සීනි සහ ඔලිව් තෙල් (Sugar and olive oil)

  • සීනි සහ ඔලිව් තෙල් වලට දෙහි බින්දු කිහිපයක් දාලා හොඳට mix කර ගන්න.
  • කකුල් හොඳට clean කරලා මේ මිශ්‍රණය යටි පතුල් වලා ගාලා විනාඩි 10ක් විතර scrub කරන්න
  • ඊට පස්සේ මඳ උණුසුම් වතුර වලින් සෝදන්න

කහ සහ මී පැණි (Turmeric and honey)

  • මී පැණි මේස හැන්දක්,කහ තේ හැඳි 02කට අබ තෙල් මේස හැන්දක් mix කරලා යටිපතුල් වල ආලේප කරලා පැය භාගයක් විතර තියලා සෝදන්න

කෙසෙල් සහ පොල් තෙල් (Banana and coconut oil)

  • පොල්තෙල් මේස හැඳි තුනකට හොඳට පොඩි කර ගත්ත කෙසෙල් ගෙඩි 02ක් දාලා මිශ්‍ර කර ගන්න.
  • ඊට පස්සේ clean කර ගත්ත කකුල් වල ගාලා විනාඩි 20කින් සෝදන්න
  • මේ treatment එක day to day කරන්න

එළකිරි (Cow milk)

  • මේක නම් හරිම ලේසි ක්රමයක්.ඔයාට කරන්න තියෙන්නේ එළකිරි ටිකක් අරගෙන ඔයාගේ dry වෙලා පැළිලා තියෙන යටිපතුල් වල ආලේප කරන එක විතරයි.
  • විනාඩි 30කින් clean කර ගන්න

දැන් ඔයාට පැළුණු යටි පතුල් සුව කර ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.පුංචි easy වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ.මේ treatment වලින් ඔයාට හොඳ result ටිකක් ගන්න පුළුවන්.ගොඩ කාලයක් ඔයාට වද දුන්න මේ විලුඹ පැලීම අද ඉඳන් නැත්තටම නැති කර ගන්න ඔයාට මම මේ කියපු tricks ටික කරලා බලන්නම වෙනවා.ඒ වගේම ඔයාට ලැබුණු result ගැන helloladies.lk අපිට කියන්නත් අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here