Like
Like Love Haha Wow Sad Angry

අපේ සමාජයේ ගොඩක් දෙනෙක් තවමත් සම්ප්‍රධානුකුල විවාහයන් වලට පෙළඹෙනවා. හැබැයි ඉස්සර වගේ කේන්දර බලලා, පොරොන්දම් ගලපලා විතරක් මදි. පොරොන්දම් වගේම ලේ ගැලපිමත් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. පොරොන්දම් ගැලපීම ගැන කතා කරන ගොඩක් දෙනෙක් මේ ගැන අවධානයක් දක්වන්නේම නැහැ. දැන් ඉතින් කාටහරි හිතෙන්න පුළුවන් ඇය විවාහ වෙන්න ලේ ගැලපෙන්න ඕන කියලා. ඇත්තටම එය වැදගත් වන්නේ තැලිසීමියා රෝගය නිසයි. මොකද ඒක අනාගතයේදී ඔයාගේ බබාට බලපාන්න පුළුවන්.

මොකක්ද මේ තැලිසීමියාව කියන්නේ?

මේ බෝ නොවන රෝග ගණයට තමයි වැටෙන්නේ. එය ජාන සම්බන්ධ රෝගයක්. තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙක් බිහිවෙන්න එකම හේතුව තමා තැලසීමියා රෝග වාහකයන් දෙදෙනෙකු අතර ඇතිවෙන විවාහය. තැලසීමියාව දරුවට සම්ප්‍රේශනය වෙන්නේ මවගෙයි, පියාගෙයි ජාන වලින්.

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවාගේ මවට හරි පියාට හරි මේ ලෙඩේ තියෙනවානම් එයාලා මැරෙන්නේ නැද්ද කියලා. ඔවුන් රෝග වාහකයෝ. ඔවුන් කරන්නේ ලෙඩේ ඊළඟ පරපුරට දෙන එක විතරයි.

මිනිසා නිර්මාණය වෙන්නේ ප්රමුඛ ජානයි, නිලීන ජානයි කියන දෙකේ සංයෝගයකින්.තැලසීමියා රෝග වාහකයා වෙන්නේ නිලීන ජාන.මේ රෝග වාහක අම්මා කෙනෙකුගෙයි හරි තාත්තා කෙනෙකුගෙයි එකතුවෙන් හැදෙන්නේ රෝගී දරුවෙක්.

එතකොට අම්ම හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් රෝග වාහකයෙක් කියන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනක් හොඳයි අනිත් කෙනා නරකයි.එතකොට උපදින දරුවා රෝග වාහකයෙක් මිසක් රෝගියෙක් නෙවෙයි.

තැලසීමියා රෝග ලක්ෂණ

  • ඇස් කහපාට වීම
  • රතු රුධිරානු විනාශ වීම නිසා සුදුමැලි වීම
  • වර්ධනය බාල වීම
  • ප්ලීහාව හා අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම
  • පහසුවෙන් රෝග වලට ගොදුරු වීම
  • ඇට මිදුළු ප්‍රසාරණය වීම නිසා අස්ථි කැඩීමකට භාජනය වීම

රෝග හඳුනා ගැනීම සඳහා කල හැකි පරීක්ෂණ

  • FBC
  • Hemoglobin electrophoresis
  • Mean corpuscular hemoglobin
  • Serum iron
  • Amniocentesis
  • Total iron-binding capacity
  • Transferrin saturation
  • Liver function tests
  • Ferritin test
  • Liver biopsy
  • HbA1C
  • Erythropoietin

ඒ නිසා ඔයා බඳින්න කලින් රුධිර පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි.ඕනෑම රජයේ රෝහලකින් මේ පරීක්ෂණය කරගන්න පුළුවන්.සතියක් වගේ කාලයක් ඇතුලත් ප්‍රතිඵල ලබා දෙනවා. නැත්නම් ඔයලා දෙන්නට ඉපදෙන බබා ආබාධිත තත්වයන් වුණත් ලක් වෙන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here