Like
Like Love Haha Wow Sad Angry

ඔයා ඉන්නේ හැමවෙලේම වැඩ කියා ගත්ත ගමන්මනේ.ඔව් ඉතින් මම දන්නවා ඔයා busy කියලා.සමහර වෙලාවට office එකෙත් කරන්නේ office වැඩ ,ගෙදර ඇවිත් කරන්නෙත් office වැඩ. එහෙමත් නැත්නම් ගෙදර වැඩත් කරන්නේ office එකෙදිමයි.මේ විදිහට life එකයි office වැඩයි ඔක්කොම පටලවාගෙන ඉන්නවා,maybe ඔයත් ඉන්නේ රට පටලවාගෙන life එකයි office එකයි හරියටම balance කර ගන්නේ කොහොමද කියලා හිත හිතනේ. මම කියලා දෙන්නම් කොහොමද හරියටම life එකයි job එකයි balance කර ගන්නේ කියලා.

01) Plan එක තමයි වැදගත්ම

දවසේ වැඩ එන එන විදිහට කරන්න තමයි හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ.හැබැයි එහෙම නම් බැහැ කිසිම දෙයක් හරියට කරන්න නම් බැහැ.මොකද කිසිම planක් නැති නිසා.ඒ නිසා හැමදෙයක්ම කර ගන්න හොඳම වැඩක් තමයි දවස plan කරන එක.ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ දවසේ වැදගත්ම වගේම mainම වැඩ ටික දාල chart එකක් හදා ගන්න එක.ඊට පස්සේ ඒ ටිකෙන් කරන්න පුළුවන් limit එක තේරුම් අරගෙන ඔයාට පුළුවන් ඒ වැඩ කරන hours ප්‍රමාණයෙන් ඉතුරු කාලය private වැඩ වලට තියාගන්න.

02) සතියක planක්

හැමදේම balance කරගන්න නම් සතියකටම හරියන්න plan එකක් ගහගන්න ඕනී.ඒ කියන්නේ ඔයාට හදිස්සි වැඩක් වැටුනේ නැත්නම් සතියෙම කරන්නේ මොනවද කිලා ඔයා දැනගෙන ඉන්නවා නම් හොඳයි.job එකේදී කරන්න තියෙන special වැඩ, meeting වගේ දේවල් සතියකට කලින්වත් දැනගෙන ඉන්න ඕනී වෙනවා.නැත්නම් ඉතින් ඔයාට වෙන්නේ අහස උසට වැඩ තියාගෙන ඒවා ඉවර කරනකන් රෑ වෙනකන් වැඩ කරන්න.ඒත් එක්කම private දේවල් වලටත් time එක වෙන් කර ගන්න.

03) Life එක manage කරගන්නත් ඕනී

ඔයාට තියෙන්නේ හරිම boring විතරක් නෙමෙයි ඒකාකාරීයි life එකක්.එතකොට life එකයි job එකයි සේරම එපා වෙලා යනවා.ඒකට මම ඔයාට හොඳ trick එකක් කියන්නම්.ඔයා උදේට නැගිටලා මුලින්ම විනාඩි 30ක් විතර exercise කරන්න.ඒකෙන් ඇඟට වගේම ඔයාගේ දවසේ වැඩ ටික කරන්නත් fit එකක් එනවා.ඊට පස්සේ ඔයාට පුළුවන් office එකෙන් පස්සේ ගෙදර ඇවිල්ලා ඔයාට තියෙන hobby එකක් කරන්න.සිංදුවක් අහන්න,පොතක් කියවන්න වගේ දෙයක් කරන්න පුළුවන්.ලොකුවට time එකක් නැති වුනත් නිදිමත එනකන් තියෙන පොඩි වේලාව ඔයාට ඒ වෙනුවෙන් use කරන්න පුළුවන්.

04) Family එක වෙනුවෙන් time එකක්

වැඩත් එක්ක ගෙදර අය එක්ක කතා කරන්නවත් වෙලාවක් නැති වෙලානේ තියෙන්නේ.ඒ නිසා පුළුවන් හැම වෙලාවකම එයාලා වෙනුවෙනුත් time එකක් වෙන් කරන්න.ඔයාට පුළුවන් කෑම කන වෙලාවට,නැත්නම් ආපු ගමන් මහන්සි නිවාගන්න අතරේ වුනත් චුට්ටක් හරි කතා කරන්න.ඒකෙන් ඔයාගේ වගේම එයාලගෙත් හිතට සතුටක් දැනෙනවා.ඒ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් එයාලත් එක්ක පොඩි නිවාඩුවකට trip එකක් යන්න.දවසක් දෙකක් ඇවිදලා happy එකේ එන්න තියෙන්නේ.

හැමවෙලේම වැඩම බදාගෙන හිටියොත් නම් වෙන කිසිම දෙයක් ගැන හිතන්න ඔයාට time එකක් නැති වෙනවා.දැන් තේරෙනවා නේද life එකයි office එකේ වැඩයි balance කර ගන්නේ කොහොමද කියලා.මේ විදිහට plan කරගෙන ගියොත් ඔයාට හැමදෙයක්ම හරියටම කරගෙන යන්න පුළුවන්.මොකුත් කරන්න බැරී වුණා කියලා දුක් වෙන්න ඕනී වෙන්නෙත් නැහැ.දැන් ඉතින් ඔයාගේ life එකත් balance ,family එකත් balance.ප්‍රශ්නයක් නැතුව ඔයාට හැමදෙයක්ම කර ගන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here