Like
Like Love Haha Wow Sad Angry
2

ජිවත් වෙන්න විදිහක් නැතුව මිනිස්සු එක එක දේවල් කරනවා.ඒ දේවල් අතරේ සමහර මිනිස්සු කරන්නේ ජිවිතේ නැති කර ගන්න එක.තවත් අයගේ ජිවිතේ බේරිලා සදාකාලිකවම දුක විඳිනවා.මේ හැමදෙයකම් වෙන්නේ මිනිස්සුන්ගේ තියෙන අසරණකම නිසා.හැබැයි මේ හැම කෙනාම ජිවිතේ නැති කර ගන්න විදිහක් හොයනකොට මේ ලෝකේ තවත් පිරිසක් මැරෙන්න යද්දී ජිවත් වෙන්න තවත් එක තත්පරයක් හොයනවා.ඉතින් ඒ නිසාම මම අද ඔයත් එක්ක කතා කරන්න හදන්නේ මේ ලෝකේ තියෙන දරුණුතම තවත් එක් රෝගයක් ගැන.මේ diseases එක නිසා මේ මොහොත වෙනකොට කවුරුම හරි කෙනෙක් ජිවිතයෙන් සමු ගන්න ඇති.එහෙමත් නැත්නම් ජිවත් වෙන්න අර මම කලින් කියපු තත්පරේ හොයනවා ඇති.ඔයා හිතනවා ඇති මොකක් ගැනද මම කියන්නේ කියලා,මේ කියන්නේ රුධිර සෛල නිපදවන ඇට මිදුළු තුළ රුධිර සෛල නිපදවීම සම්බන්ධව ඇතිවන ගැටලුවක්.

ලියුකේමියාව යනු

ඇටමිදුළුවලින් තමයි අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවෙන්නේ.එතකොට ඇටමිදුළු තුළ තිබෙන නොමේරූ රුධිර සෛල වර්ධනය වෙලා රුධිරය නිපදවීම් සිදු වෙනවා.නමුත් මේ තත්වයේදී නොමේරූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා කරනවා.එතැනදී නොමේරු රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා ලියුකේමියාව කියන පිළිකා රෝගය ඇතිවනවා.

ප්‍රධාන වශයෙන් ලියුකේමියාව කොටස් දෙකක් පවතිනවා

  • Acute Leukemia – ඉක්මණින් වර්ධනය වෙනවා
  • Chronic Leukemia – සෙමෙන් වර්ධනය වන වර්ගය

ඉක්මනින් වර්ධනය වෙන පිළිකාව සුව කිරීමේ හැකියාව තියෙනවා.ගොඩක් වෙලාවට දරුවන් අතර තියෙන්නේ ඉක්මනින් සුව කරන්න පුළුවන් පිළිකාව.හැබැයි ඉතින් ගොඩක් අය මේ රෝගය ගැන හරියටම දන්නේ නැති නිසා බය වෙනවා.බය වෙන්න දෙයක් නැහැ.Acute Leukemia තත්වය ඇති වුණාට පස්සේ ඉක්මන් ප්‍රතිකාර කළොත් රෝගය සුව කරන්න පුළුවන්.

ඇයි ලියුකේමියාව ඇති වෙන්නේ?

  • උපතේදී ඇති වන ජාන ගැටළු
  • විකිරණ වලට නිරාවරණය වීම
  • Benzene වැනි සමහර රසායන ද්‍රව්‍ය නිරාවරණය වීම
  • අධික ලෙස දුම් පානය කරන්නන්

රෝග ලක්ෂණ

  • ඉරුවරාදය සහ අස්ථි වේදනාව
  • රුධිර වහනය
  • සුදුමැලි සම
  • තෙහෙට්ටුව සහ කෑම අරුචිය
  • උණ සහ හතිය
  • සම මත දම් හෝ රතු ලප
  • ඉදිමුණු වසා ගැටිති
  • රුධිර පට්ටිකා අඩු වීම
  • විදුරුමස් ඉදිමීම
  • විදුරුමස්, නාසය හා මුත්‍රා මාර්ගයෙන් ලේ ගැලීම
  • අක්මාව සහ ප්ලිහාව ඉදිමීම
  • රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම

මේ රෝගය හඳුනාගන්නේ කොහොමද ?

  • FBC
  • Blood Picture
  • Bone Marrow Biopsy
  • flow cytometry පරික්ෂාව

මේ රෝගය නිසා සිරුරේ අනෙක් අවයව වලට හානී සිදු වෙලාද කියලා බලන්නත් Test කිහිපයක් සිදු කරනවා.

  • MRI
  • CT Scan
  • X – Ray

මේ රෝගය ඉතා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් කියලා දැන් ඔයාට හොඳටම තේරෙනවනේ.ඒ වගේම රෝගය මොන තත්වයක තිබුනත් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර බොහොමයක් පවතිනවා.

  • ප්‍රධානම treatment එක තමයි පිළිකා සෛල මරා දැමීම සඳහා ලබා දෙන ඖෂධ ප්‍රතිකාර
  • ඇට මිඳුළු බද්ධ කිරීම
  • Chemotherapy

පිළිකා ගැන දැනගෙන හිටියට ගොඩක් අය දන්නේ නැහැ ලියුකේමියාව ගැන.ඇත්තටම ලියුකේමියාව කියන්නේ මොකක්ද.රෝග ලක්ෂණ මොනවද.සුව කරන්න පුලුවන්ද කියන හැමදේම මම ඔයාට කියල දුන්නා.දැන් ඉතින් ලියුකේමියාව කිව්වහම බය වෙන්න ඕනී නැහැ.ඔයාගේ වගේම ඔයාගේ වටේ ඉන්න අයගේ සෞඛ්‍ය ගැන හොඳ අවධානයෙන් ඉන්න එක තමයි හොඳම දේ වෙන්නේ.ඒකෙන් ඔයාට පුළුවන් වෙයි මේ රෝගයට ගොදුරු වෙන්න ඉන්න කෙනෙක්ව බේරගන්න

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here