Like
Like Love Haha Wow Sad Angry

නැන්දම්මා එක්ක කොච්චර හොඳින් ඉන්න හැදුවත් සමහර වෙලාවට සමහර දේවල් නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්.මොකද ඉතින් මිනිස්සු වෙනස් වෙනවනේ.හැම අම්මා කෙනෙගේම චරිත එකිනෙකට වෙනස්.සමහරු නැන්දම්මව තේරුම් ගත්තත් තවත් අයට තේරුම් ගන්න බැරුව මත ගැටුම් ඇති වෙනවා.නැන්දම්මා එක්ක ඉන්න ලේසි නැත්නම් මේ දේවල් කරලා බලන්න. 


01) ඔබේ සිමාවන් අවබෝද කර ගන්න 

ඔබේ නැන්දම්මාගේ අදහස් වලට කන් දෙන්න. ඔවුන් පවසන අදහස් හොඳින් සිතා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.පසුව  අවසාන තීරණය ඔබ ගන්න.ඒ පිළිබඳව නැන්දම්මාට ඔබ ඇගවීය යුතුයි.    
  
02)ඔබේ සැමියාගේ උදව් ඉල්ලන්න 

ඔබත් නැන්දම්මත් අතර  එකම දෙයකට විවිධ මත අවොත් එතන ගැටුමක් ඇති නොවෙන්න වඟ බලා ගන්න.එහිදී  ඔබේ සැමියා මාර්ගයෙන් ඍජුව කරුණු පැහැදිළි කිරීම් ,කතා කිරීම් ඔහු මඟින් කරන්න.නැන්දම්මා වැඩිපුරම විශ්වාස කරන්නේ තමන්ගේ පුතා නිසා ගැටලුව නිරාකරණය කර ගන්න හැකියාව තියනවා.

03)ස්වාධින වෙන්න 

සමහර අයට නිදහස බොහොම වැදගත්.ගොඩක් අය නැන්දම්මා ලේලි ප්‍රශ්න නොවෙන්න තනියම ඉන්න තීරණය කරනවා.එක හරිම ප්‍රයෝගික වැඩක්.නැන්දම්මා ඇතුළු සැමියාගේ පවුලෙන් නිදහස් වීම මඟින් ඔබටම කියල පවුලක් හඳා ගන්න පුළුවන්.ඒක ස්වාධින තීරණයක්.

04)ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න            

ඔබට කියන්න දෙයක් තියනවා නම් නැන්දම්මට ඒ පිළිබඳව පැහැදිලි කරන්න.කෙනෙක්ට යම් දෙයක් පැහැදිලි කරන්න නම් ටිකක් අමාරුයි.ඔබේ පැහැදිළි කිරීම සහ ඒ පිළිබඳව පිළිගන්නේ නැත්නම් ඔබ මඟ හරින්න.   
 
05)ඔබේ නැන්දම්මා එක්ක බැඳීමක් ඇති කරගන්න උත්සහා කරන්න.

ඔබ නැන්දම්මා සමඟ බැදීමක් ඇති කර ගන්න.ආහාර පිසීමේදී දෙදෙනා එකතු වී සකසන්න.ඔබ ඇය සමඟින් අදහස් බෙදා ගනිමින් ඔවුන්ගේ පසුබිම ,රුචි අරුචිකම් හඳුනා ගන්න.එවිට නැන්දම්මා ලේලි අතර ගැටුම් අඩු කර ගන්න පුළුවන්  

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here