Like
Like Love Haha Wow Sad Angry

මේ වෙනකොට ඔයා marry කරලා ඉන්නවා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් marry කරන්න ඉන්නවා වෙන්න පුළුවන්.maybe ඔයා මේ වෙනකොට දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්.ඉතින් ඔය හැම category එකකම ඉන්න අයට වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න මම හිතුවා.මොකද marry කලාට පස්සේ හැමෝගෙම dream එක තමයි පුංචි පැටියෙක් තමන්ගේ අලුත් ලෝකයට එකතු කරගන්න එක.හැබැයි ඒ හීනේ හැබෑ කරගත්තත් සමහර family වල අම්මා තාත්තා නිසා දරුවන්ට ජිවිතේ පවා එපා වෙන අවස්ථා තියෙනවා.එහෙම වෙනවට කවුරුවත් කැමති නැහැනේ.ඒ නිසා ගෙදර හැමෝම සතුටින් වගේම ආදරයෙන් කාලය ගෙවන්න ඕනේ.ඉතින් ඔයාලගේ marriage එක ගැන දරුවන් තුල Positive Attitudes නිර්මාණය කරන එක ඔයාගේ වගේම husband ගේ වඟකීම

01) මුලින්ම සෙනෙහස දක්වන්න

Life එකේ ඉස්සරහට යනකොට දෙන්නම හැමදෙයක් ගැනම හිතන්න ඕනී.මොකද අනාගතය ගොඩනඟා ගන්න එක ඔයාලගෙම වැඩක්.මේ විදිහට life එකේ දිඟු ගමනක් යනකොට ඔයාලගේ life එකට දරුවෝ එකතු වෙනවා.ඉතින් ඒ දරුවෝ ඉස්සරහා ඉන්නකොට ඔයාලා දෙන්නා එකිනෙකාට සෙනෙහස දක්වන්න මැලි වෙන්න ඕනී නැහැ.ඔයා ඔයාගේ husband වෙත දක්වන ආදරය සෙනෙහස තුළින් දරුවන් ඔවුන් හැසිරෙන්න ඕනී කොහොමද කියලා ඉගෙන ගන්නවා ඒ විතරක් නෙමෙයි දරුවන් අගය කිරීම,ආදරය සෙනෙහස ප්‍රකාශ කිරීම ,හැඟීම් දැනීම් හඳුනා ගැනීම ,ප්‍රකාශ කිරීම සහ විවෘතව කතා කරන්නත් හුරු වෙනවා

02) රණ්ඩු වුනොත් නම් හරි යන්නේ නැහැ

රණ්ඩු වෙනවා කියන්නේ ගෙදර අයත් එක්ක සමගියක් නැහැ කියන එකනේ.ඒ නිසා ඔයාලා family life එකක් ගත කරන කොට සමගියෙන් ඉන්න එක තමයි ගොඩක් වැදගත්.හැබැයි ඉතින් family එකක සාමාන්‍ය ගැටුම් ඇතිවෙන එක නතර කරන්න අමාරුයි.මොකද එකිනෙකාගේ අදහස් එක වගෙ නැති නිසා.මේ කොහොම වුනත් ඔයලා දරුවෝ ඉදිරියේ රණ්ඩු වෙන එක නම් කරන්න එපා.ඒ වගේ රණ්ඩුවක් ඇති වුණොත් කරන්න තියෙන්නේ ඒ මත ගැටුම් අභිබවා දෙදෙනාම යළිත් එකතු වෙන එක.මේ ගැටුම් තාවකාලිකයි වගේම ඔබ දෙදෙනාගේ නොවෙනස් සෙනෙහස හා රැකවරණය දරුවන්ට ලබෙනවා කියන එක දරුවන්ට දැනෙනවා.

03) free වෙලාවට එලියට යන්න

ඔව් ඔව්.මම දන්නවා ඔයා හොඳම busy කියලා.ඒ වුණාට මතක නැද්ද marry කරන්න කලින් කොච්චර එහෙ මෙහෙ ගියාද? trip ගියා යාළුවොත් එක්ක ඇවිදින්න ගියා.දැන් ඒ මොකුත් නැහැනේ.හැබැයි ඒ වැඩේ නම් හරියන්නේ නැහැ,marry කළා කියලා ඒ දේවල අමතක කරන්න එපා.ඒකෙන් වෙන්නේ ඔයාලගේ හිතේ සතුට අඩු වෙලා වැඩ ගැනම හිත හිත ඉන්න වෙන එක.ඒ නිසා සතියකට සැරයක්වත් ගෙදර අයත් එක්ක එලියට යන්න.එහෙම නැත්නම් පොඩි trip එකක් ගිහින් එන්න.එහෙමත් නැත්නම් dinner out එකකට හරි යන්න.ඒ විදිහට පුළුවන් ඔයාලගේ ගෙදර සතුට ආරක්ෂා කරගන්න.

එහෙනම් දැන් වෙනස් වෙන්න, ඔයාට පුළුවන් මම කියපු දේවල් ගැන ටිකක් හිතලා බලන්න.හිතලා කියපු විදිහට කරලා බලන්න මම කිව්වේ බොරුද කියලා.හැබැයි මම ඔයාට කවදාවත් වැරදි දේවල් කියලා දෙන්නේ නැහැනේ.ඒ නිසා මේ පොඩි දේ try කරලා බලන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here