Like
Like Love Haha Wow Sad Angry
11

කවුරුහරි ඔයාගෙන් ඇහුවොත් Tea බොන්න කැමතිද කියලා ඔයා දෙන උත්තරේ මොකද්ද, ඔයා කියයි කැමති නැහැ කියලා. Tea බොන්න කැමති නැති අයට හොඳම Option එක තමයි කිරි.හැබැයි ඒක නිකම්ම නිකම් කිරි එකක් නෙමෙයි ඒ Almond Milk. මම අද ඔයාට කියන්නේ Almond Milk එකක් හදාගන්නේ කොහොමද කියලා.

කන්න විතරද පුළුවන් බොන්න බැරිද,

ඔයා කැමතියිනේ හැමදාම ලස්සනට ඉන්න.ඒ නිසා ඔයා Tips ගොඩක් Follow කරනවා ඇති.ඒ List එකේ Almond ඇති අනිවාර්යෙන්ම.ඔයා Almond කන්න කැමති නැද්ද එහෙනම් ඔයාට පුළුවන් Almond Milk එකක් විදිහට බොන්න.Almond Milk ඔයා හැමවේලේම බොන කිරි එකට වඩා වෙනස්.

Almond Milk හදන්න අපිට මොනවද ඕනේ?

  • අමු Almond කෝප්ප 1ක්
  • ලුණු අවශ්‍ය තරමට
  • filtered කළ වතුර කෝප්ප 5ක්
  • වැනිලා බිංදු කිහිපයක්.(අවශ්‍ය නම් පමණක්)
  • කොකෝවා පවුඩර් මේස හැදී 2ක්
  • Fresh Berries කෝප්ප භාගයක්

දැන් අපි එහෙනම් අපේ Almond Milk එක හදාගමු.

  • මුලින්ම අපේ අමු Almond ටික රැයක් පුරාවට සීතල වතුරේ පොඟවන්න දාන්න ඕනේ.ඊට පස්සේ උණු වතුරේ පැයක් හෝ දෙකක් දාලා තියනවා.
  • මේ ආමන්ඩ් ටික තෝරගනිද්දී බඳින ලද එහෙමත් නැත්නම් ලුණු වගේ දේවල් මිශ්‍ර නොකරපු අමු Almond තෝරගන්න.
  • පොගවපු ආමන්ඩ්,අවශ්ය තරමට ලුණු,වතුර, එක් කර හොඳින් Blender කරගන්න.
  • අවශ්‍ය නම් වැනිලා,චොකලට් වැනි Flavor එකතු කරගන්න පුළුවන් ඔයා මේ Flavor වලට කැමති නැත්නම් Flavor එකක් එකතු කර ගන්නේ නැතුව ඉන්න පුළුවන්.
  • මේ Blender කරන එකටම ඔයාට පුළුවන් Fresh Berries ටිකත් එකතු කරගන්න.
  • හොඳට Blender වුනාට පස්සේ මේ මිශ්‍රණය Nut milk bag එකකට පෙරෙන්න දාගන්න.
  • ඊට පස්සේ මේ Nut milk bag එකේ ඉතුරුවෙන ටික අයින් කරන්න.
  • බෝතලයකට මිශ්‍රණය එකතු කරගත් පසු එය Fridge එකේ තබන්න.

දැන් ඉතින් ඔයාට ඕනේ වේලාවක මේ Almond Milk එක බොන්න පුළුවන්

ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් නේද රසම රස Almond Milk එකක් හදා ගන්න.ඔයා විතරක් නෙමෙයි ගෙදර අනිත් අයටත් ඔයාගේ අතින්ම හදලා මේ රසම රස Almond Milk එක දෙන්න.රස වගේම ගුණයත් තියෙන නිසා හැමෝටම හොඳයි

Like
Like Love Haha Wow Sad Angry
11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here