Like
Like Love Haha Wow Sad Angry

ගොඩක් අයගේ තියෙන නරක පුරුද්දක් තමයි තමන් විසින්ම මානසිකව බිඳ වට්ටගන්න එක.එතකොට තමන්ට තමන් ගැන තියෙන්නේ මානසික කලකිරීමක්. මේ වගේ මානසික බිඳ වැටීම් අපි කාටත් තියෙනවා.ඒ නිසා අද මම කියන්නම් ඕනෑම ප්‍රශ්නයකදී ඔයා කොහොමද ඔයා ගැන අභිමානයක් ගොඩනඟා ගන්නේ කියලා.

මිතුරන් ගැන අවධානයෙන් ඉන්න

ගොඩක් දෙනෙක් තුළ අභිමානයක් ඇති කිරීම සඳහා තමන් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන්ගේ හැසිරීම, ඔවුන්ගේ මතය යනාදිය බලපානවා. ඔයා නිතර ඇසුරු කරන්නේ කිසිදේකට උත්සහයක් නොගන්න ඉතාමත් අලස මිතුරන්ව නම් ඔයා තුළත් රෝපණය වන්නේ ඔවුන්ගේ සිත් තුළම දක්නට ලැබෙන අදහස්ම තමයි.ඒ නිසා හැකිතාක් ධනාත්මකව සිතන මිතුරන් ඇසුරු කිරීමට පුරුදු වෙන්න. ඔවුන් නිසා ඔයාට ඔයා ගැන නිරන්තර අභිමානයක් ඇති වෙයි. ඔයා තුළ යම් විටක මානසික පසුබෑම් ගතියක් දක්නට ලැබුණත්. එය මිතුරන් නිසා නැවත වර්ධනය වෙන්න පුළුවන්.

තව අයෙක්ව ආදර්ශයක් කර ගන්න

ඔයාගේ ජීවිතයේ ගමන් මඟට කවුරුන් හෝ පුද්ගලයෙක් පුළුවන් මඟ පෙන්වන්නෙකු ලෙස තබා ගන්න.ඒ කියන්නේ නිකන් ඉන්න කෙනෙක් නම් නෙමෙයි.ජිවිතේ දිනාගත් සාර්ථක පුද්ගලයෙක්,එහෙම කෙනෙක් හැමවෙලාවෙම ඔයා ඔයාගේ ජීවිතයේ නියමුවා කරගන්න.ඔයාගේ ජිවිතයේ බිද වැටෙන හැම තැනකදීම ඒ පුද්ගලයා උදාහරණයක් කරගෙන ජීවිතය තුළ ඉදිරියට යන්න.මේ තුළින් ඔයා තුළ නොමැති ආත්ම අභිමානයක් නිරන්තරයෙන් ඔයා තුළ ඇති වෙනවා.

ආත්ම විශ්වාසය

මෙතැනදී ඔයා මුලින්ම ඔයා ගැන විශ්වාසය තබා ගන්න.ඒ කියන්නේ සියල්ල තමන්ටම තනිව කරන්න පුළුවන් කියලා තරයේ විශ්වාස කරන්න. හැමදාම බෑ කියලා පසු බහිනවට වඩා පුංචි හෝ දෙයක් තනිවම කරන්න නිරන්තරයෙන් උත්සහ කරන්න. එය තුළින් නිසැකවම ඔයා පිළිබදව ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. නැත්නම් ඔයාට හැමදාම වල පල්ලට වැටිලා තමයි ඉන්න වෙන්නේ.

සංසන්දනය කරන්න එපා

ගොඩක් අය කරන වැරද්දක් තමයි වෙන අයත් එක්ක තමන්ව සංසන්දනය කිරීම.ඇත්තටම සංසන්දනය කිරීමෙන් වෙන්නේ ඔයා , ඔයා ගැනම අවතාක්සේරු කරගැනීමයි. මේ නිසා ඔයා ඔයාගේ සුවිශේෂිතාවය හඳුනාගන්න.හැබැයි නිකන්ම ඒක වර්ධනය වෙන්නේ නැහැ.තමන්ම ඒ සුවිශේෂිතාවය වර්ධනය කරගන්න ඕනේ. එතකොට ඔයාට ඔයා ගැන අභිමානයක් ඇති වෙනවා නොඅනුමානයි.

ඒ නිසා හැමවෙලේම ඔයාගේ හිතට එන සෘණාත්මක සිතුවිලි ඒ මොහොතේම ඉවතට දාලා, ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. ඔයාගේ හිතට හොඳයි කියලා හිතෙන ඕනෑම දෙයක් කරන්න පසුබට වෙන්න එපා. අන් අය කියන හොඳ දේවල් විතරක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. අධිෂ්ඨානශිලිව සහ කැපවීමෙන් ඔයාම ඔයාගේ ජීවිතය සාර්ථක කර ගැනීමේ මඟ සොයා යන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here