Like
Like Love Haha Wow Sad Angry
1

අලුත් අලුත් fashion කරන ඔයාට sunglasses කියන්නේ කොහෙත්ම අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.අව්වට යනකොට විතරක් නෙමෙයි යාළුවොත් එක්ක trip එකක් ගියත් sunglasses දෙක ඔයාගේ bag එකේ තියෙන අනිවාර්ය දෙයක්.ඔයා sunglasses ගන්න ගියහම මුලින්ම බලන්නේ පෙනුමෙන් ලස්සන එක මොකක්ද කියලා.ඉතින් අපි බලමුද sunglasses දෙකේ පෙනුම වගේම හරියටම ඔයාට ගැලපෙන sunglasses දෙකක් තෝරා ගන්නේ කොහොමද කියලා.අපි දෙන්නම යමු ලස්සන sunglasses දෙකක් බලන්න

01) ඔයාගේ මුහුණත් රවුම්ද ?

ඔයාගේ මුහුණ රවුම් නිසා ටිකක් ඝනකම රාමුවක් තියෙන sunglasses තමයි ගැලපෙන්නේ.මොකද මුහුණේ උස ,පළල එක සමාන නිසා.ඒත් එක්කම මුහුණේ හැඩය සමබර කර ගන්න බහුස්රාකාර හෝ චතුරශ්රාකාර sunglasses තෝර ගන්න.මේකත් කියන්නම ඕනී.ඔයා කවදාවත් රවුම් හැඩයේ sunglass නම ගන්න එපා.ඒ sunglasses වලින් වෙන්නේ ඔයාගේ මුහුණ තවත් රවුම් වෙලා පිම්බිලා එන එක.

02) මේ කියන්නේ ඔයාගේ හතරැස් මුහුණ ගැන.

සෘජුකෝනාශ්රාකාර රාමු තියෙන sunglasses වලින් ඔයාගේ මුහුණ හතරැස්ම වෙලා තමයි පෙන්නේ.ඔව් එතකොට කැතට පෙන්නේ.ඒ නිසා ඔයාට ගැලපෙන්නේ රවුම් හැඩයේ රාමු තියෙන sunglasses .ඉතින් ඔයා අළු, දම් හෝ තද කොළ වගේ පාටක් තෝරා ගන්නවා නම් තවත් ලස්සනයි.

03) ඕවලාකරා මුහුණට ගැලපෙන්නේ නම් මෙහෙමයි

ඔයා නම් මාර luckey.ඇයි ඉතින් ඔයාට ඕනෙම හැඩයක sunglasses වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්නේ.හැබැයි එහෙමයි කියලා ඕනවට වඩා සිහින් රාමු තියෙන sunglass නම් ගන්න එපා.තව secret එකක් තියෙනවා ඔයාගේ ලස්සන වැඩි කරන විදිහේ,ඔයාට සුදුමැලි සමක් තියෙනවා නම් Brown sunglasses එතකොට අඳුරු සමක් තියෙනවා නම් ගැලපෙන්නේ Black frames sunglasses.ඒ වුනාට තව colours වර්ගත් ලස්සන වෙන පුළුවන් නිසා ඒවත් try කරලා බලන්න

04) හදවත් හැඩති මුහුණ

හදවත් හැඩයේ මුහුණක් තියෙනවා නම් Small frames තමයි ගැලපෙන්නේ.ගොඩක් වෙලාවට ලොකු frames sunglasses නිසා ඔයාගේ මුහුණ තියෙනවට වඩා විශාල වෙලා පෙන්න ගන්නවා.ඒ නිසා විශාල frames නැතිව කුඩා හතරැස් වීදුරු සහ වටකුරු වීදුරු ලෙස සැකසු sunglasses ගන්න.එතකොට ඔයාගේ තියෙන ලස්සන තවත් වැඩියෙන් දැකගන්න පුළුවන්.එයත් කියයි ඔයා අද ලස්සනයි කියලා.

ඔයා ඉස්සර නම් හිතුවේ sunglasses තෝරා ගන්න එක මාරම simple වැඩක් කියලා.ඒත් එහෙම නෙමෙයි කියලා දැන් ඔයාට හිතෙනවා කියලා මම දන්නවා.ඒ නිසා ඔයාගේ අලුත්ම sunglasses දෙක තෝර ගන්න යනකොට මම කියපු දේවල් ගැන හිතලා බලන්න.ලස්සන sunglasses දෙකක් අරන් ලස්සනයිද කියන්නකෝ.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here