Like
Like Love Haha Wow Sad Angry

රූපය ලස්සනට තියාගන්න girl’sලා විවිධ oil වර්ග භාවිතා කරනවා.ඔය අතරේ හොඳම oil වර්ගය තමයි jojoba oil. මේවා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා බහුලව යොදාගන්නවා. චීන සිමන්ඩ්සියා ශාකයේ හැදෙන පළතුරු වලින් නිසාරණය කරලා මෙම jojoba oil ලබා ගන්නවා. මේවා Skin එකට වගේම අක්ෂි රෝග සහ හිසකෙස් නිරෝගී භාවයට ද ගොඩක් වැදගත්.

jojoba oil වල ගැඩොලික්, ඉරුසික්, ඔලෙයික් අම්ල, විටමින් E, විටමින් B කාණ්ඩ, සින්ක්, තඹ, සිලිකන් සහ ක්‍රෝමියම් යන සංඝටක අඩංගු වන අතර එමඟින් ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රතිබැක්ටීරියා ගුණ,ප්‍රතිබැක්ටිරියා ගුණ වගේම කොලජන් සංස්ලේෂණය ප්‍රවර්ධනය කිරීම, තුවාලය සුව කිරීම වේගවත් කිරීම, දද, සමේ රෝග, සම වියළීම, හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම, කුරුලෑ පාලනය කිරීම, skin එකේ රැළි වැටීම් සහ ලප කැළැල් දුරු කරන්න jojoba oil වලට පුළුවන්.

Jojoba වලින් skin එකට ලැබෙන ප්‍රතිලාභ

වෙළඳපොළේ Jojoba oil නමින් ඕන තරම් beauty products තියෙනවා. Cream, face wash වර්ග තිබුණොත් කෙලින්ම jojoba oil සහිත පෝෂණ සත්කාරයක ලබා ගන්න පුළුවන් නම් හොඳයි.විශේෂයෙන්ම ස්වාභාවික jojoba oil සාරය සහ ස්වාභාවික විටමින් E අඩංගු applicap එකක් භාවිතා කළොත් නම් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

එමඟින් ඇස් වටා කළුවීම, තොල් අවපැහැ ගැන්වීම්, බෙල්ල සහ වැලමිට රළු වී අවපැහැ ගැන්වීම අවම කිරීම, skin එකේ ඇති අඳුරු ලප, කුරුලෑ නැති කිරීම, වයස්ගත වීමේදී ඇස් දෙකෙළවර, නළලෙහි , කටවටා ඇති වන රැළි වැටීම් පාලනය කර skin එක තරුණ කිරීම, පැහැපත්, දීප්තිමත් skin එකක් ලබාදීම,skin එකේ තෙතමනය ආරක්ෂා කර වියළි බව නැති කර මෘදු සහ සුසිනිදු කරවනවා.

මෙය Oil එකක් නිසා දවල් කාලයට නම් ආලේප කරන්න එපා. මොකද ඔයාගේ skin එක කළු වෙන්න පුළුවන්. ඒ නිසා සෑම රාත්‍රියකම මුහුණේ,බෙල්ලේ සහ අවපැහැ ගැන්වුණු ස්ථානවල ආලේප කරන්න. රාත්‍රියේදී මෙය ඔයාගේ skin මත හොඳින් ක්‍රියා කර රන්වන් පැහැති skin එකක් හිමි වන අතර ඔයාගේ තරුණ පෙනුම රැකදෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here