Like
Like Love Haha Wow Sad Angry

ඕනෑම girl කෙනෙක් කැමතියි Wedding එකකට ලස්සනට යන්න. ඒ නිසාම වැඩිපුර ලස්සන වෙන්න ගිහින් සමහරු තමන්ගේ තියන ලස්සනත් නැති කර ගන්න අවස්ථාද නැතුවාම නෙවෙයි. ගොඩක් අය කරන්නේ Skin එකේ colour එකට ගැලපෙන්නේ නැති විදියට lipstick ගාලා, ඕනවට වඩා තදට eyeliner ඇඳලා, සමේ පාටට වෙනස්ම පාටකින් powder ගාන එක. හැබැයි මේ කියන්න යන්නේ ඔයාගේ තියෙන ලස්සන නැති කරගන්නේ නැතුව ලස්සන makeup එකක් දාගන්නේ කොහොමද කියලා.

Skin ගැන වැඩි අවධානයක් දෙන්න

Wedding එකකට යන්න ලෑස්ති වෙද්දී ඔයා දැනගත යුතුම දේ තමයි, මේක ඔයාගේ Wedding නෙවෙයි කියන දේ. ඔයා ඒ Wedding එකට යන්න ඕන ආරාධිතයෙක් විදිහටයි. ඒ නිසා ඔයා මනමාලිටත් වඩා කැපී පෙනෙන ලෙස makeup එකක් දාගෙන යන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි.

මෙහිදී ඔයා makeup එකක් දාද්දී විශේෂයෙන්ම ඔයා Skin එක ගැන හිතන්න ඕන. ඔයාගේ Skin එකේ ස්වභාවික වර්ණයට වෙනස් වර්ණ යොදා ගන්න එපා. ඒ වෙනුවට ඔයාට පුළුවන් BB cream එක්ක යොදාගන්න.එමගින් ඔයාගේ Skin එකේ වර්ණය සමබර කරනවා. ඒ වගේම Skin එකට powder යොදන විට දිලිසෙන ගතියෙන් අඩු Matte colour එකක් යොදා ගන්න. ඔයාගේ Skin එක එතරම් glow නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඕනවට වඩා Skin එක සුදු කරන්න powder භාවිතා කරන්න එපා.

ඇස් වලට සරල makeup එකක් දාන්න

ඕනෑම කෙනෙකුගේ මුලින්ම අවධානය යොමු වන්නේ ඇස් වලට. ඒ නිසා ඇස් වලට ඕනවට වඩා makeup දැමීමෙන් ඔයාගේ ඇස් වල පෙනුම අවලස්සන වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පෙනුමත් සම්පුර්ණයෙන්ම වෙනස් විය හැකියි. ඒ හින්දා ඇස්වලට ගැළපෙන්නේ ඉතාම සරල ස්වභාවික makeup එකක්. එමෙන්ම ඔයාගේ Eyebrows ලස්සනට සකස් කර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම Eyebrows colour කරද්දී Eyebrows වැවී ඇති පැත්තට colour කරන්න. නැත්නම් Eyebrows වලට අස්වාභාවික පෙනුමක් ලැබෙනවා. eyeliner තදට ඇදීමෙන් වළකින්න. ඇසේ හැඩයට ගැළපෙන්න eyeliner අදින්න. ඊට පස්සේ eye lashes කර්ල් කර මස්කාරා ආලේප කරන්න.

සුමුදු සහ සරල lipstick එකක් භාවිතා කරන්න

Wedding යද්දී ඉතා තද, කැපී පෙනෙන, රතු වර්ණයන් lipstick ආලේප කරන්න එපා. ඒ වෙනුවට ඔයාගේ Skin ගැළපෙන light colour එකක් භාවිතා කරන්න. මුලින්ම ඔයා තෝරා ගන්න lipstick එකේ colour එකට ගැළපෙන විදිහට lipliner එකක් තෝරා ගන්න. හැබැයි මතක ඇතිව හැඩය වෙනස් නොවන පරිදි lipliner එක ඇද ගන්න. පසුව lipstick ආලේප කරන්න. මෙහිදී ඔයාට පුළුවන් lipstick වෙනුවට lip gloss එකක් වුණත් භාවිතා කරන්න පුළුවන්. මේ දෙකම ඔයාගේ Skin එකට ගැළපෙන්න තෝරා ගන්න අමතක කරන්න එපා.

මෙලෙස ඉතාමත් චාම් makeup එකක් දාගෙන Wedding එකට යනවා නම් ඔයාගේ සුන්දරත්වය තව තවත් වැඩි වේවි. ඒ වගේම ඔයා කාගේ කාගේත් ආකර්ෂණයට ලක් වෙන්නත් එය හේතුවක් වෙනවා. ඒ නිසා ඔයා අන් අය ඉදිරියේ උසුළු විසුළුවට ලක් වෙන්නෙත් නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here