Like
Like Love Haha Wow Sad Angry
1

ඕන තැනටයි එපා තැනටයි දෙකටම Jewellery දාගෙන යන්නනේ අපි ගොඩක් කැමති. ඔයා හැමතැනම දාගෙන යන ඔයාගේ Watch එකත් Jewellery එකක්.දකින දකින හැමෝම ඔයාට මොනවා කිවුවත් ඔයා Jewellery දාගෙන යන එක නතර කරන්නත් කැමති නැහැනේ. ඒ නිසා මම ඔයාට කියලා දෙන්නම් හරියටම Match කරලා Jewellery දාන්නේ කොහොමද කියලා.

High Quality හරියයිද,

ඔයා Jewellery දාද්දි මේ ගැන හිතන්නේ නැතුව ඇති. Jewellery ගන්නකොට ඔයා මුලින්ම බලන්නේ Price එක.price එකෙන් අඩු බාල වර්ගයේ Jewellery වලින් සාමාන්‍යයෙන් Allergy ඇති වෙනවා.ඊට පස්සේ බෙහෙත් වලට යන වියදම් හදලා බැලුවම ඔයාටම හිතන්න ඇති එක පාර High Quality එකට තියෙන Jewellery ගත්ත නම් හොඳයි කියලා.මේ දැනුත් හිතන්න ඇති ඒත් සල්ලි අපරාදේනේ.ලාබෙට Jewellery ගත්තත් මේ Jewellery හදන්න අරන් තියෙන කිසිම Quality එකක් නැති ලාභදායී ද්‍රව්‍ය නිසා Sensitive skin එකක් තියෙන අයට ඉක්මනින්ම Jewellery Allergy වෙනවා. ඒකයි අපි Jewellery ගද්දී ඒවා වල Quality එක ගැන හිතන්න ඕනේ. ඔයාගේ Jewellery මුලදී ගත්තා වගේම ගොඩක් කල් Use කරන්න කැමති නම් ඔයාට කොහොමත් ගන්න වෙන්නෙම Quality එක හොඳ Jewellery තමයි.

Jewellery ගැලපෙනම තැන.

සාමන්‍යයෙන් Jewellery භාවිතා කරනකොට Match වෙන විදිහට දාන්න ඕනේ.ගොඩක් වෙලාවට අපි අත් වලට,බෙල්ලට ,කකුල් වලට සහ කන් කියන හැම තැනකටම Jewellery දාන්න පුරුදු වෙලා ඉන්නවා.ඒකෙන් වෙනේ ඔයාගේ තියෙන ලස්සන නැති වෙලා Jewellery කැපිලා පේන එක.අපි සාමාන්‍යයෙන් Jewellery දාන්නේ අපිව අනිත් අයට ලස්සනට පෙන්නනේ.ඒ නිසා අනවශ්‍ය විදිහට Jewellery දාන්නේ නැතුව ඔයාව ලස්සනට පේන විදිහට Jewellery use කරන්න ඕනේ.ඒ නිසා අපි main ම focus කරන්න ඕනේ ස්ථාන 03ක් තියෙනවා.ඒ තමයි අපේ බෙල්ල,මැණික් කටුව සහ කන්.ඔයා office යන කෙනෙක් නම් ඔයාගේ dress එකට match වෙන විදිහට මේ ස්ථාන වලට Jewellery Use කරන්න පුළුවන්.ගොඩක් Jewellery දානවට වඩා මේ ස්ථාන වලට Jewellery දාගෙන යනවා නම් ඔයාට හිතාගන්නවත් බැරි තරම් ලස්සනක් ලැබෙනවා.මම දැන් කිව්වා කතාව ඇත්තමද කියලා බලන්න ඔයා ඒ විදිහට Use කරලම බලන්නකෝ

හැමදාම Use කරන Jewellery

සාමන්‍යයෙන් අපි කොහේ හරි එලියට යනවා නම් Jewellery use කරනවා.හැබැයි එහෙමයි කියලා අපි තියෙන හැම වර්ගයේම ඒවා use කරන්නේ නැහැනේ.ඒ නිසා අපි නිතරම use කරන්න පුළුවන් විදිහට Jewellery තියාගන්න ඕනේ.ඒ කියන්නේ මෙන්න මෙහෙමෙයි.අපි office යන්න, එහෙමත් නැත්නම් එලියට යන time එකට අපිට පුළුවන් watch එකක් ,ring එකක් Use කරන්න.ඒ වගේම ඔයාට පුළුවන් ඒක ඔයාගේ සාමාන්‍ය ආභරණ විදිහට හැමදාම use කරන්න.මම කියන්නේ නැතුවම බැරි Jewellery විදිහට ඒ දේවල් Use කරන්න පුළුවන් කියලා.එතකොට ඔයාට ring එකයි watch එකයි කවදාවත් අමතක වෙන එක නම් නැහැ.

ඉතින් අද මම ඔයාට කියලා දුන්නේ Jewellery හරිම විදිහට use කරන්නේ කොහොමද කියලා.නැත්නම් ඉතින් ඔයාට වෙන්නේ ලස්සනට යන්න පුළුවන් තැන් වලටත් ලස්සනට යන්න බැරි වෙන එක.මොකද රටේ නැති Jewellery සේරම දාගෙනනේ යන්නේ,ඒ නිසා අද ඉදන් ගැලපෙන විදිහට Jewellery use කරන්න try කරලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here